ලෝකයේ දැනට භාවිතා වන සුළං මෝල්වල අන්තර්ගත ජෙනරේටර්වල ධාරිතාව සම්පුර්ණයෙන්ම ඉක්මවා යමින් නව ටර්බයින පරම්පරාවක් මෙමගින් හඳුන්වා දෙයි. තවද ට...
ලෝකයේ දැනට භාවිතා වන සුළං මෝල්වල අන්තර්ගත ජෙනරේටර්වල ධාරිතාව සම්පුර්ණයෙන්ම ඉක්මවා යමින් නව ටර්බයින පරම්පරාවක් මෙමගින් හඳුන්වා දෙයි. තවද ටර්බයිනයක නිෂ්පාදන වියදම සාමාන්‍යයෙන් ඉතා අධික නමුත් ඒ සඳහා අඩු වියදම් ක්‍රමයක් ද ඔවුන් විසින් හඳුනාගෙන ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ දැනට එක් දැවැන්ත ටර්බයිනයක් සම්පූර්ණයෙන්ම සක්‍රිය කර ඇති අතර තවත් ටර්බයින හතරක් ඉදිරියේදී මෙම පද්ධතියට එක් වීමට නියමිත ය.
මෙම ටර්බයිනවලට කිලෝමීටරයක් ගැඹුරු ජල තලයක සිට පවා ක්‍රියාත්මක වීමට පුළුවන.
පහත දැක්වෙන්නේ මෙහි දැවැන්තභාවය වටහාගැනීමට ඉවහල් වන ඉඟි කිහිපයකි.
- දැති තල ද සමග මෙම ටර්බයින කුලුනුවල උස මීටර 175 ක් පමණ වේ. මේ අනුව බිග්බෙන් ඔරලෝසු කුලුන පවා කුරුමිට්ටෙක් බවට පත්වෙයි.
- එක් කුලුනක් ටොන් 11,500 ක් බර ය.
- දැති තල සම්බන්ධ වන යෝධ නොසලය, ඩබල් ඩෙකර් බස් රථ දෙකක් උසුලා සිටිය හැකි තරමට සවිමත් ය.
- එක් දැති තලයක පළල මීටර 75 කි. එනම් එයාබස් ගුවන්යානාවක් පියාපත් විහිදූ විට ලැබෙන විශාලත්වයයි.
- අමාලි ජයවීර
COMMENTS