විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම සඳහා අවශ්‍ය කටයුතු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් මේවනවිට සාකච්...
විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම සඳහා අවශ්‍ය කටයුතු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් මේවනවිට සාකච්ඡා කරමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඊයේ (26) පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක් වෙමින් මන්ත්‍රිවරයා මෙම අදහස් පළ කළේය.
බැඳුම්කර වංචාව තුළින් මේ රටේ ජනතාවට සිදුවන අසාධාරණය වැළැක්වීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ගයන් ඒකාබද්ධ විපක්ෂයෙන් ගන්නා බව ද නාමල් රාජපක්ෂ මහතා වැඩි දුරටත් පැවසීය.
ශ්‍රීලනිපය කර අරී !
බැඳුම්කර සිද්ධියේදී පසුගියදා හෙළිදරව්වූ කරුණු අනුව අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව විශ්වාස භංගයක් ඉදිරිපත් වුවහොත් අනිවාර්යයෙන්ම ඊට සහය දෙන බව ශ්‍රීලනිප තරුණ අමාත්‍යවරයකු පැවසිය.
තම අනන්‍යතාවය හෙළිනොකරන ලෙස ඉල්ලා සිටි එජාප තරුණ මන්ත්‍රීවරයකු පැවසුයේ එවැනි යෝජනාවක් ඉදිරිපත් වුවහොත් එදින පාර්ලිමේන්තුව මඟ හැර සිටීමට එජාප මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම දැනටමත් තීරණය කර ඇති බවයි.
COMMENTS