බදුල්ල සිට කතරගම දක්වා ගමන් ගන්නා මාර්ගයේ තණමල්විල ප්‍රදේශයේ කාලයක් තිස්සේ රැඳී සිටින අලියෙකි. මේ අලියා නියම ම අලියෙකි. නියම ම අලියෙකු ලෙ...
බදුල්ල සිට කතරගම දක්වා ගමන් ගන්නා මාර්ගයේ තණමල්විල ප්‍රදේශයේ කාලයක් තිස්සේ රැඳී සිටින අලියෙකි. මේ අලියා නියම ම අලියෙකි. නියම ම අලියෙකු ලෙස හැඳින් වූයේ මේ දින වල දෙපා අලින්ට ඇති රෝගයක් මේ අලියාට ද තදින් ම වැළඳී ඇති නිසා ය. එනම්, අල්ලස් ගැනීමේ රෝගයයි. මාර්ගයේ අයිතිකරුවා මෙන් මහ මඟ හරහා රැඳී සිටින මේ අලියාට අල්ලස් ලෙස කෑමට යමක් ලබා නොදී එම මාර්ගයේ ගමන් කිරීම උගහට ය.
අලින්ගේ හැටි නොදන්නා චම්පික ඇමතිවරයාගේ ආරක්ෂක නිලධාරීන් ගමන් ගත් රථය පෙර කී තණමල්විල අලියාට කෑමට කිසිවක් නොදී ඌව පසුකර ගොස් තිබේ. තමන්ගේ බලප්‍රදේශය තුළ තමන්ව නොතකා හරිමින් ගමන් කළ පරිවාර රථය ගැන කෝපයෙන් පසු වූ අලියාට ඊළඟට හමුව ඇත්තේ චම්පික අමාත්‍යවරයා ගමන් කළ රථයයි. මෙගා පොලිස් ගැන තබා ට්‍රැෆික් පොලිස් ගැනවත් මෙලෝ අල බෝලයක් නොදත් අලියා හිතේ කේන්තිය නිවෙන තෙක් ඇමති චම්පිකගේ රථයට පහර දී ඇත.
කෙසේවෙතත් අලින් අතර ද චම්පික හිතවාදී අලින් සිටියේ නම් මෙය අලිමාධ්‍ය වල පළ වනු ඇත්තේ 'මහානගර සංවර්ධනයට එරෙහි කුමන්ත්‍රණයක්' ලෙස ය. එසේම චම්පික විරෝධී අලින් මෙම පුවත 'අලි අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්' ලෙස හෝ 'අලි විරුවාට අත නොතබනු' ලෙස හෝ 'අපේ කාලෙ නම් අලින්ට කන්න නොදී ගියෙ නෑ හාංදුරුවනේ' ලෙස හෝ වාර්තා කරන්නටත් පුළුවන. අපක්ෂපාතී විනෝදයට බර අලින් මෙම පුවත වාර්තා කරනු ඇත්තේ 'ඉතිහාසගත වීමට ලැබුණු ස්වර්ණමය අවස්ථාවක් තණමල්විල අලියා අතහැරගනී!' කියා විය හැකිය.
COMMENTS