දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රාගමදී ලක්ෂ 77ක පඩිසල්ලි පැහැරගෙනගිය හොරු බඩුත් සමග මාට්ටු
Homeගොසිප්

රාගමදී ලක්ෂ 77ක පඩිසල්ලි පැහැරගෙනගිය හොරු බඩුත් සමග මාට්ටු

PropellerAds

රාගමදී ලක්ෂ 77ක පඩිසල්ලි පැහැරගෙනගිය හොරු බඩුත් සමග මාට්ටු රාගම කඩවත මාර්ගයේ පිහිටි පෞද්ගලික ආයතනයකට අයත් මාස අවසානයේ වේතන පිණිස ගෙන ය...

ශ්‍රී ලංකන් මිලදී ගැනීමට ජපන් ගුවන්සේවය කැමැත්තෙන්?
21st Century Fox වත්කම් වෝල්ට් ඩිස්නි හිමිකර ගනී.
එජාප කෘත්‍යධිකාරියේදී ජෝන්ගේ කතාවට ලෙඩක්.

රාගමදී ලක්ෂ 77ක පඩිසල්ලි
පැහැරගෙනගිය හොරු

බඩුත් සමග මාට්ටු

රාගම කඩවත මාර්ගයේ පිහිටි පෞද්ගලික ආයතනයකට අයත් මාස අවසානයේ වේතන පිණිස ගෙන යමින් තිබුණ රුපියල් ලක්ෂ 77 ක පමණ මුදලක් පසුගියදා (26දා) වෑන් රථයකින් රැගෙන යමින් තිබියදී මොටර් රථයකින් පැමිණි පිරිසක් කොල්ලකා පලාගොස් තිබුණි. මෙම කොල්ලකරුවන් අල්ලන්නට පොාලිසිය සතියක් ඇතුළත සමත්වීම විශේෂිතය.
වත්තල පිහිටි ඇඟලුම් කම්හලක පඩිසල්ලි ගෙන ගිය  වෑන්රිය ලුහුබැඳ, වෑන් රථයේ මග අහුරා, ගිනිඅවි පෙන්වා, මෙම මුදල් කොල්ල කෑම සිදුකර තිබුණි.
කොල්ල කෑමෙන් පසු කොල්ලකරුවන් වෑන් රථයේ රෝද දෙකට
වෙඩි තබා මුදල් බෑගය රැගෙන මෝටර් රථයට නැග කඩවත දෙසට පලාලිය අතර රථයේ කොල්ලකරුවන් සිව් දෙනෙකු සිටි බවට හෝඩුවාවන් ලැබුණි.

මෙම නිමි ඇඳුම් කම්හලින් ටික දිනකට පෙර සේවයෙන් නෙරපූ සේවකයකු තවත් කණ්ඩායමකට ලබාදුන් තොරතුරු මත සැලසුම් කර මෙම කොල්ලය

සිදුවූ බව සොයාගෙන තිබේ.
 සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු. වන එස්.එෆ්. ජගත් ඇතුළු සැකකරුවන් පස්දෙනකු පෑලියගොඩ කොට්ඨාස අපරාධ අංශය මඟින් ඊයේ (03දා) අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම කාරණා තහවුරු විය.
කොල්ලය සඳහා භාවිත කළ ටී 56 වර්ගයේ ගිනිඅවි දෙකක්, උණ්ඩ 76ක්, මැගසින් දෙකක්, මෝටර් රථයක්, ජංගම දුරකතන සහ කොල්ලකන ලද මුදල්වලින් රුපියල් හතළිස් ලක්ෂ පනස් එක් දහසක මුදලක්ද සැකකරුවන් සන්තකයේ තිබී සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.
කම්හලින් නෙරපූ සේවකයා කොල්ලය සිදුවීමට දෙසතියකට පමණ පෙර මළගෙදරකදී බූරු ගසමින් සිටියදී ජගත් නමැති මෙම කොල්ලකරු මුණගැසී ඇති අතර එහිදී ඔහු මෙම මුදල් කොල්ලය සම්බන්ධයෙන් ඔත්තුව ලබාදී ඇත.

එස්.එෆ්. ජගත් යනු ශ්‍රී ලංකා යුද හමුදාවෙන් පැන ආ සෙබළකු බවත් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
තොරතුරු ලබාගැනීමෙන් පසු එස්.එෆ්. ජගත් තංගල්ල ප්‍රදේශයේ ජීවත්වන පුෂ්පේ නම් සගයකුට මේ බව පවසා ඇත. ශ්‍රී ලංකා යුද හමුදාවේ මාදුරුඔය පුහුණු කඳවුරේ ලාන්ස් කෝප්‍රල්වරයකුගේ උදව්වෙන් කොල්ලයට අවශ්‍ය ටී 56 වර්ගයේ ගිනි අවි දෙකද රැගෙන කොල්ල කණ්ඩායමට ඉකුත් 25 වැනිදා එක්වී වී තිබේ.


කොල්ලයට අවශ්‍ය මෝටර් රථයද දින දෙකක කුලී පදනම මත රුපියල් 23,000ක් ගෙවා මාතර ප්‍රදේශයෙන් ලබාගෙන ඇත.

එම මෝටර් රථයේ අංක තහඩු වෙනස් කිරීම සඳහා ඔවුන් ඉකුත් 25 වැනි දින රාත්‍රියේ තලංගම පොලිස් වසමේ කලල්ගොඩ ප්‍රදේශයේ වාහන අලුත්වැඩියා කරන ස්ථානයක තිබූ මෝටර් රථයක අංක තහඩුවක් ගලවාගෙන ඇති බවද විමර්ශනවලදී අනාවරණය විය.

පස් දෙනකුගෙන් සැදුම්ලත් කොල්ල කල්ලිය මුදල් රැගෙන එමින් තිබූ අදාළ වෙළෙඳ ආයතනයේ වෑන් රථය ලුහුබැඳ වෙඩි පහරවල් තුනක් එල්ල කොට මුදල් බෑගය රැගෙන පලාගොස් තිබිණි.

කොල්ලය සඳහා වෑල්ඩින්කරුවකුද සම්බන්ධ වී ඇති අතර එස්.එෆ්. ජගත් විසින් ඔත්තුව ලබා දුන් හිටපු සේවකයාට රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබාදී අනෙකුත් සමාජිකයන්ට රුපියල් ලක්ෂ 14 බැගින් ගෙවා ඇති බවද ඔහු පොලිසිය හමුවේ පාපෝච්චාරණය කර ඇත.

සැකකරුවන් පස්දෙනා ඊයේ (03දා) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 24ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන බවද පොලිසිය පවසයි.
මෙම වැටළිම් සඳහා තොරතුරු ලබාගැනීමේදී මින් පෙර භාවිත නොකළ අලුත්ම තාක්ෂණික උපාංග උපයෝගී කරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දන්වා තිබුණි.
පහත පළවන්නේ සිද්ධිය වූ දා වාර්තාවකි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රාගමදී ලක්ෂ 77ක පඩිසල්ලි පැහැරගෙනගිය හොරු බඩුත් සමග මාට්ටු
රාගමදී ලක්ෂ 77ක පඩිසල්ලි පැහැරගෙනගිය හොරු බඩුත් සමග මාට්ටු
http://ift.tt/2ujOXpC
https://i.ytimg.com/vi/iXOnLGtHjpI/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/77.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/77.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy