දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇස් වකුගඩු හදවත දන්දී ප්‍රදීප් කුමාර මිය ගොස් කළ මහා පින්කම දිළිඳු මව්පියන් ලක්ෂ 6 ප්‍රතික්ෂේප කරලා
Homeගොසිප්

ඇස් වකුගඩු හදවත දන්දී ප්‍රදීප් කුමාර මිය ගොස් කළ මහා පින්කම දිළිඳු මව්පියන් ලක්ෂ 6 ප්‍රතික්ෂේප කරලා

PropellerAds

ඇස් වකුගඩු හදවත දන්දී ප්‍රදීප් කුමාර මිය ගොස් කළ මහා පින්කම දිළිඳු මව්පියන් ලක්ෂ 6 ප්‍රතික්ෂේප කරලා ලංකාවේ පළමු හදවත් බද්ධ සැත්කම සිදු...

නිරූපිකාවකට බැඳි ආලය Photoshop වලින් පළ කළ ග්‍රැෆික් නිර්මාණකරු
ඊයේ රෑ බෝම්බ බියක් නිසා කොටුව ස්ටේෂමේ කලබලයක්
ඊයේ සුරංග ලක්මාල් දකුණු අප‍්‍රිකානු මුල් පෙළ අසරණ කරලා

ඇස් වකුගඩු හදවත දන්දී
ප්‍රදීප් කුමාර මිය ගොස් කළ මහා පින්කම

දිළිඳු මව්පියන් ලක්ෂ 6 ප්‍රතික්ෂේප කරලා

ලංකාවේ පළමු හදවත් බද්ධ සැත්කම සිදුවූ ආකාරය ගැන පසුගියදා මාධ්‍ය වාර්තා පළවූ අතරවාරයේ එම හදවත ලබාදුන් 21 හැවිරිදි ප්‍රදීප් කුමාර තරුණයා ගැනද තොරතුරු යංතමින් කියැවිණි.
හදිසි අනතුරක් නිසා මොළය මියයාමෙන් පසු තවදුරටත් ප්‍රදීප්ගේ ජීවිතය නොපවතින බව තේරුම් ගත් මව පියා ඇතුළු ඥාතීන් මෙම පරිත්‍යාගය සිදු කරන්නට කැමැත්ත ලබාදී තිබුණි.
මහනුවර මාවිල්කුඹුර පදිංචිව සිටි මෙම තරුණයාගේ හදවත පමණක් නොව වකුගඩු දෙක ඇස් දෙකද ඔවුන් පරිත්‍යාග කරන්නට කැමැත්ත දී තිබුණි. විවිධ ආර්ථික අගහිඟකම් සහිතව රජයේ ඉඩමක කටුමැටි සහිත නිවසක පදිංචිව සිටි ඔවුන් තම එකම පුතුගේ හදිසි වියෝව වෙනුවෙන්
ඔහුට කරන උපරිම උපහාරයක් ලෙස එසේ කර තිබුණි.
මෙම පරිත්‍යාගයේ විශේෂත්වයක් නම් ශරිර අවයව වෙනුවෙන් ලක්ෂ 6 ක පමණ මුදලක් රෝහල මගින් ඔවුනට ලබාගැනීමට හැකියාව තිබුණත් තම දරුවා වෙනුවෙන් කරන පින්කමක් ලෙස සලකා ඔවුන් ඒ සඳහා සතයක්වත් ලබා නොගැනීමයි.


මියගිය ප්‍රදීප්ගේ පියා කම්කරුවෙකි. මව රැකියාවක් නොකරයි. ප්‍රදීප්ට සොයුරියන් දෙදෙනෙකි. වැඩිමල් සොයුරිය කලකට ඉහත විවාහවී වෙනම සිටින අතර ප්‍රදීප්ගේ නැගණියද පාසල් වැඩ හමාරවී නිවසේ සිටී. ආර්ථික අගහිඟකම් සහිත පවුලක එකම පිරිමි දරුවා වූ ප්‍රදීප් ඉගෙන ගත්තේ සාමාන්‍ය පෙළට පමණි. ඔහු ශ්‍රී රේවත විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා හමාර කර රැකියාවක් අපේක්ෂාවෙන් පසුවූයේය.

 මේ අතරවාරයේ ඔහුට ගරාජයක වැඩ කරන්න පුහුණුවෙන්න එන්නැයි ඇරයුමක් ලැබී පසුගිය කාලයේ එම පුහුණුවීම් සඳහා පිළිමතලාව ප්‍රදේශයට යාම සිරිතක් කරගෙන සිටියේය. ඔහු සමග එම ස්ථානයේ පුහුණුවට ගියේ ඔහුගේ සොයුරියගේ සැමියාය. එම දෙදෙන මෝටර් සයිකලයකින් රැකියාවට යන අතරේ පසුගියදා ඩෙංගු මර්දන වැඩසටහනක් සඳහා ගමන් කරමින් තිබුණ රජයට අයත් වෑන් රථයක හැපී අනතුරක් සිදුවිය. මෙම අනතුරින් දෙදෙනාටම තුවාල සිදුවූ අතර ප්‍රදීප්ගේ තත්වය බරපතල විය.

මුලින්ම බඹරදෙනිය රෝහලටත් පසුව මහනුවර මහ රෝහලටත් මාරු කර යැවූ  ප්‍රදීප් උපකරණ 7 ක් යොදවා විවිධ ආකාරයට ප්‍රතිකාර වලට බඳුන්වූ නමුත් මොළය මියයාම වළක්වාගන්නට බැරි විය. මහනුවර

මහ රෝහලේ වෛද්‍යවරුන් දිනගණනාවක් ප්‍රදීප් ගේ ජීවිතය බේරාගන්නට උත්සාහ කළ මුත් එය බැරි විය. මොළය මියගිය පසු ඔහුගේ ශරීරයේ අවයව කාට හෝ ප්‍රයෝජනයකට යොමු කරන්නට බැරිදැයි රොහල් බලධාරීන් ප්‍රදීප්ගේ දෙමාපියන්ගෙන් විමසීමක් කළ අතර එයට යහපත් ප්‍රතිචාර ලැබීම මත හදවත,ඇස් හා වකුගඩු පරිත්‍යාගයන් සිදු විය.

ප්‍රදීප්ගේ මව මේ ගැන කියා තිබුනේ මෙසේය.
‘මට හරි දුකයි ඒ වුණාට එක අතකින් බලන කොට මට ගොඩාක් සතුටුයි.එයාගෙ හදවතින් අද තව කෙනෙක් ජීවත් වෙනවා.වකුගඩු වලින් තව දෙන්නෙක් ජීවත් වෙනවා. ඇස් දන්දුන්නට පස්සෙ ඇස් වලින් තව 4 දෙනෙක් එළිය දකිවි.අපිට ඒ ගැන ගොඩාක් සතුටුයි‘

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇස් වකුගඩු හදවත දන්දී ප්‍රදීප් කුමාර මිය ගොස් කළ මහා පින්කම දිළිඳු මව්පියන් ලක්ෂ 6 ප්‍රතික්ෂේප කරලා
ඇස් වකුගඩු හදවත දන්දී ප්‍රදීප් කුමාර මිය ගොස් කළ මහා පින්කම දිළිඳු මව්පියන් ලක්ෂ 6 ප්‍රතික්ෂේප කරලා
http://ift.tt/2u2AIs0
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/6_11.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/6_11.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy