දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රී ලංකාව සිම්බාබ්වේ පරදා කඩුලු 4ක ජයක් ලබා අපරාජිත බව රැකගනී
Homeගොසිප්

ශ්‍රී ලංකාව සිම්බාබ්වේ පරදා කඩුලු 4ක ජයක් ලබා අපරාජිත බව රැකගනී

PropellerAds

ශ්‍රී ලංකාව තුළදී ඕනෑම කණ්ඩායමක් හඹා ගොස් ජයගත් ඉහළම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවේ වාර්තාව (391/6) ඩැහැගත් ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායම ස...

මාස 11 කට පසු අර්ජුන් ඇලෝසියස් ඇප මත නිදහස්
ත්‍රිකුණාමලය සරසවියේ ගැබිණි කථිකාචාර්යවරියගේ මරණය තවමත් අභිරහසක්
කොළඹ මහේස්ත්‍රාත් භූමියට ජංගම දුරකථන ගෙන ඒම අද සිට තහනම්
ශ්‍රී ලංකාව තුළදී ඕනෑම කණ්ඩායමක් හඹා ගොස් ජයගත් ඉහළම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවේ වාර්තාව (391/6) ඩැහැගත් ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායම සමඟින් ඊයේ (18දා) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී අවසන් වූ එකම ටෙස්ට් තරගය කඩුලු 4කින් ජයගනිමින් ටෙස්ට් තරගාවලියද 1-0ක් ලෙස ජයගත්තේ ඔවුන්ට එරෙහිව ඇති ටෙස්ට් අපරාජිත බව රැක ගනිමිනි.

පෙරේදා කඩුලු 3කට ලකුණු 170ක් වූ ශ්‍රී ලංකා ඉනිම ඊයේ පෙරවරුවේ තරගය ආරම්භ කර පළමු පැය තුළදී මෙන්ඩිස් හා මැතිව්ස්ගේ දැවී යෑමෙන් පසු දැඩි පසුබෑමකට ලක්වුවද දික්වැල්ල හා ගුණරත්න එක්ව ගොඩනැඟූ විශිෂ්ට සබඳතාව ශ්‍රී ලංකා ජයග්‍රහණයට ප්‍රධාන දායකත්වය සපයා තිබිණි.
එහිදී මෙන්ඩිස් හා මැතිව්ස්ගේ දැවී යෑමෙන් පසු ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 5කට ලකුණු 203ක් ලෙස පත්වුණද කණ්ඩායම වැටී ඇති තත්ත්වය මනාව තේරුම් ගත් දික්වැල්ල හා ගුණරත්න ලකුණු 388ක ජයග්‍රාහී ඉලක්කයක් කරා යන ගමන පහසු කළේය.

කෙසේ වුවත් තරගයේ අවසන් දිනය වන ඊයේ දිනයේදී ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස මෙන්ඩිස් ලකුණු 66ක් ලබා සිටියදී දවාගත් ක්‍රීමර් ලකුණු 25ක් ලබා සිටි හිටපු නායක ඇන්ජිලෝ මැතිව්ස්ද ක්‍රීඩාගාරයට හරවා යැව්වේ පෙරවරුවේදීම තරගය අවසානය කිරීමට මාර්ගය සලසමිනි.
එහෙත් කුසල් මෙන්ඩිස්ගේ හා මැතිව්ස්ගේ දැවීයෑමෙන් අනතුරුව පිටියේ එක්වූ දික්වැල්ල හා ගුණරත්න කණ්ඩායම වැටී ඇති අගාධයෙන් ගොඩ ගැනීමට උපරිම උත්සාහයක නිරත වූහ. ඒ අනුව ඊයේ දිවා භෝජනය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5කට ලකුණු 270ක් කරා රැගෙන යෑමට දික්වැල්ල හා ගුණරත්න සමත් වූහ.

ගුණරත්න සමඟ එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 121ක සබඳතාවක් එක් කරමින් සිටියදී පන්දු 118කට මුහුණ දී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 81ක් ලබා සිටි දික්වැල්ල දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 324 ක් විය. විනාඩි 151ක් පුරා කඩුල්ලේ රැඳී සිටිමින් දික්වැල්ල ලබාගත් මෙම අර්ධ ශතකය ඔහුගේ ටෙස්ට් දිවියේ 3 වැනි අර්ධ ශතකය මෙන්ම ටෙස්ට් දිවියේ හොඳම ඉනිම බවටද පත්වී තිබිණි.

දික්වැල්ලගේ දැවී යෑමෙන් අනතුරුව ගුණරත්නට එක්වූ දිල්රුවන් පෙරේරා කඩුලු 4ක ජයග්‍රහණයක් කරා ශ්‍රී ලංකාව රැගෙන ගිය අතර, ශ්‍රී ලංකා ජයග්‍රහණය තෙක් තම කඩුල්ල ආරක්‍ෂා කරගත් අසේල ගුණරත්න නොදැවී ලකුණු 80ක් ලබා සිටියේය. කලවේ ආබාධයක් සහිතව ක්‍රීඩා කරමින් පන්දු 151කට මුහුණ දී
හතරේ පහර 6ක් සමඟින් ගුණරත්න ලබාගත් මෙම අර්ධ ශතකය ඔහුගේ ටෙස්ට් දිවියේ තෙවැනි අර්ධ ශතකයද විය. ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා යන අවස්ථාවේදී තරගයේ වීරයා වූ ගුණරත්නට අනගි සහායක් ලබා දුන් දිල්රුවන් පෙරේරා නොදැවී ලකුණු 29ක් ලබාගත් අතර, ගුණරත්න හා දිල්රුවන් අතර 7 වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 67ක සබඳතාවක් තැබීමද විශේෂත්වයකි.

සිම්බාබ්වේ කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 356ක් ලබාගත් අතර, ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබාගත්තේ ලකුණු 346ක් පමණි. ලකුණු 10ක වාසියක් ලබාගෙන දෙවැනි ඉනිම ඇරැඹූ සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 377ක් ලබා ලකුණු 388ක ඉලක්කයක් ශ්‍රී ලංකාවට ලබා දුන්නේය.
පළමු ඉනිමේ කඩුලු 5ක් හා දෙවැනි ඉනිමේදී කඩුලු 6ක් සමඟින් මුළු තරගයේදීම ලකුණු 249කට කඩුලු 11ක් දවාලූ රංගන හේරත් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ අතර ක්‍රීමර් මුළු තරගයේදී ලකුණු 275කට කඩුලු 9ක් දවා ගත්තේය.

ලකුණු පුවරුව

සිම්බාබ්වේ පළමු ඉනිම _ 356 (කේ‍රජ් එර්වින් 160, රංගන හේරත් 5/116)
ශ්‍රී ලංකාව පළමු ඉනිම _ 346 (උපුල් තරංග 71, දිනේෂ් චන්දිමාල් 55, ක්‍රීමර් 5/125)
සිම්බාබ්වේ දෙවැනි ඉනිම _ 377 (සිකන්දර් රාසා 127, මැල්කම් වොලර් 68, රංගන හේරත් 6/133, දිල්රුවන් පෙරේරා 3/95)
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම
දිමුත් කරුණාරත්න
ප. විලියම්ස් 49
උපුල් ඇ. මූවර් ප. ක්‍රීමර් 27
මෙන්ඩිස් ඇ.විලියම්ස්
ප. ක්‍රීමර් 66
චන්දිමාල් ඇ. මසකඩ්සා
ප. ක්‍රීමර් 15
මැතිව්ස් ඇ.හා ප. ක්‍රීමර් 25
දික්වැල්ල ඇ.චකබ්වා
ප. විලියම්ස් 81
අසේල නොදැවී 80
දිල්රුවන් නොදැවී 29
අතිරේක 19
මුළු ලකුණු (පන්දුවාර 114.5කදී කඩුලු 6කට) 391
කඩුලු වැටීම _ 1-58, 2-108, 3-133, 4-178, 5-203, 6-324
පන්දු යැවීම _ ක්‍රීමර් 48-6-150-4, විලියම්ස් 43.5-2-146-2

(විචිත්‍ර වීරසිංහ)
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රී ලංකාව සිම්බාබ්වේ පරදා කඩුලු 4ක ජයක් ලබා අපරාජිත බව රැකගනී
ශ්‍රී ලංකාව සිම්බාබ්වේ පරදා කඩුලු 4ක ජයක් ලබා අපරාජිත බව රැකගනී
http://ift.tt/2td4uqm
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/4_19.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/4_19.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy