දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යාපනේ විනිසුරු, පොලිස් නිලධාරියා, 1983 සහ මනුෂ්‍යත්වය
Homeප්‍රවෘත්ති

යාපනේ විනිසුරු, පොලිස් නිලධාරියා, 1983 සහ මනුෂ්‍යත්වය

PropellerAds

අද ජුලි 23 වැනිදාවක මෙම දසුන දකින්නට සිදුවීම ද තවත් ඉතිහාස කතාවක් වෙත අපව කැඳවාගෙන යයි. ඒ අප දන්නා මෑත ලාංකේය ඉතිහාසයේ නින්දිත ම අපරාධය ව...

එජාපෙ ජනපති අපේක්ෂකයා කතානායකයා කරු ජයසූරිය විය යුතු බව ජන සමීක්ෂණයකින් හෙළි වේ !
ධූරය අත්හැරි හකීම් ජාත්‍යන්තරයත් නොමග යැවීමේ සූදානමක !
චෝදනා කරන සියළු දෙනාගෙන් CID කට උත්තර ගන්නවා - අගමැති
යාපනේ විනිසුරු, පොලිස් නිලධාරියා, 1983 සහ මනුෂ්‍යත්වය
අද ජුලි 23 වැනිදාවක මෙම දසුන දකින්නට සිදුවීම ද තවත් ඉතිහාස කතාවක් වෙත අපව කැඳවාගෙන යයි. ඒ අප දන්නා මෑත ලාංකේය ඉතිහාසයේ නින්දිත ම අපරාධය වූ කලු ජූලිය වෙතය. ඊනියා ජාතිආලයක් පෙරදැරි කරගනිමින් සිංහල ජාතිකයින් විසින් දහස් ගණනක් දෙමළ ජාතිකයින් කපා කොටා ගිනි තබා ඝාතනය කළ කුරිරු කලු ජූලිය ඇරඹුණේ 1983 ජුලි 23 වැනිදාය. එදා ඇවිළුණු ජාතිවාදී ගින්න එම ජූලිය පමණක් නොව දශක තුනක් පුරාවට ජනේරුවේ පටන් දෙසැම්බරය තෙක් මාස සිය ගණනින්, එකී මාස වල සහ ඊට පෙර උපන් ජීවිත ලක්ෂ ගණනින් කලු කරන්නට, අළු කරන්නට සමත් වීය. අදටත් අප සිටින්නේ ඉන් නැඟුණු දුම් රොටු අතරමැද ය. 
 
යාපනය මහාධිකරණ විනිසුරුවරයා දණින් වැටී වැඳ සමාව ගන්නේ ඔහු සිතා මතා කළ වරදකට නොවේ. රාජකාරිය අතරතුර ඝාතනය කෙරුණු පොලිස් නිලධාරියා පිළිබඳව, එම පොලිස් නිලධාරියා ඔහුගේ දිවිය පිළිබඳව නොතකා තමන්ව ආරක්ෂා කිරීමට ක්‍රියා කිරීම පිළිබඳව හඬා වැටෙන අවංක හෘද සාක්ෂියකින් යුත් මිනිසෙක් ලෙස විනිසුරුවරයා සමාව යදී. අප අකැමැති වුවද යළිත් ජාති පදනමෙන් බෙදා ලියුවහොත් දෙමළ ජාතික මහාධිකරණ විනිසුරුවරයා සිංහල ජාතික පොලිස් නිලධාරියා පිළිබඳව හද පිරි ශෝකයෙන් සහ ඔහුගේ ජීවිත පරිත්‍යාගය පිළිබඳව ගෞරවයෙන් යුතුව සමාව යදී. එහෙත් 1983න් වසර 34කට පසුව ද අපට හමුවන්නේ තමන් දෙමළ ජනතාවට එරෙහිව කළ නින්දිත අපරාධය පිළිබඳව සමාව ගන්නවා තබා එය අපරාධයක් ලෙස හඟින්නට හෝ සූදානම් නොමැති බහුතර මානසිකවත්වයකින් යුතු සිංහල සමාජයකි. කොතරම් තිත්ත වුව ද ඇත්ත එයයි. 
 
මොනතරම් ආලවට්ටම් දමා වසන්නට තැත් කළ ද මොන තරම් සුකුරුත්තම් දෙසට දෑත දික් කර කර නොදුටුවා සේ හිඳින්නට තැත් කළ ද අදටත් අපේ ලාංකේය සමාජය හසුරුවන අක්ෂය වන්නේ ජාතිවාදය යි. ජාතික සීමාවන් නොතකා මිනිසා තවත් එක් මිනිසෙකු ලෙසින් දකින්නට, හඟින්නට, පිළිගන්නට, ගරුකරන්නට අප ඉගෙන ගන්නා දිනය තෙක් සෑම දිනයක් ම කලු ජූලියේ දුම් වළාවන්ගෙන් අඳුරුවන බව අප දැනගත යුතුය. දෙමළාගේ ප්‍රශ්න වෙනුවෙන් සංවේදී වන එකා පවා හතුරෙකු ලෙස සලකන්නට පුරුදු වී ඇති සිංහල සමාජයක් ඉදිරියෙහි ඉලන්චේලියන් විනිසුරුවරයාගේ උතුරා ගලන මනුශ්‍යත්වයට මුසු වුණු කඳුළු උගන්වන පාඩම තේරුම් ගැනීමට අප කීයෙන් කීදෙනෙක් සූදානම්ද ? ප්‍රතිශතය බොහෝ සුළු වන්නට පුළුවන, එහෙත් අනාගතය පිළිබඳව අපට ඇති එක ම බලාපොරොත්තුව ද එයයි. 
 
වීඩියෝව newsalertsrilanka ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්නා ලදී.
 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යාපනේ විනිසුරු, පොලිස් නිලධාරියා, 1983 සහ මනුෂ්‍යත්වය
යාපනේ විනිසුරු, පොලිස් නිලධාරියා, 1983 සහ මනුෂ්‍යත්වය
http://ift.tt/2uMlGHz
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/1983.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/1983.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy