දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මහජන බැංකුව ලොව හොඳම බැංකු 1000 අතරට

එක්සත් රාජධානියේ ද බෑන්කර් සඟරාව ලොව ප්‍රමුඛතම බැංකු සහ මූල්‍ය ප්‍රකාශනයකි. 1970 වසරේ සිට මෙම සඟරාව විසින් ලොව ප්‍රධාන පෙළේ බැංකු 1000 ශ්...

මහජන බැංකුව ලොව හොඳම බැංකු 1000 අතරට
එක්සත් රාජධානියේ ද බෑන්කර් සඟරාව ලොව ප්‍රමුඛතම බැංකු සහ මූල්‍ය ප්‍රකාශනයකි. 1970 වසරේ සිට මෙම සඟරාව විසින් ලොව ප්‍රධාන පෙළේ බැංකු 1000 ශ්‍රේණිගත කිරීම සඳහා අවශ්‍ය මිනුම් සහ නිර්ණායක සකසා ඇත. ද බෑන්කර් සඟරාව දත්ත ප්‍රවෘත්ති ඇතුළත් කිරීම් සහ විධායක සම්බන්ධතා දත්තවලින් සමන්විත වන අතර බැංකු ක්ෂේත්‍රය තුළ එහි ශ්‍රේණිගත කිරීම් බැංකු ක්‍රියාකාරීත්වය සහ ප්‍රමිතිය සකසයි.
 
මහජන බැංකුව වත්කම් ප්‍රමාණය මේ වනවිට රුපියල් ට්‍රිලියන 1.4 කි.  දිවයින පුරා පිහිටා ඇති මහජන බැංකු ශාඛා 735කට අධිකය. දිවා රාත්‍රී ක්‍රියාත්මක Lanka Pay සේවාව සමග ජාලගත ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සංඛ්‍යාව 3,125 කට අධිකය. සමස්ත ගනුදෙනුකාර සම්බන්ධතා මිලියන 16 කට අධික වන අතර, එය මෙරට වානිජ බැංකුවක් වටා එක්ව සිටින විශාලතම ගනුදෙනුකාර සංඛ්‍යාව වේ. 
 
ආරම්භයේ සිටම මහජන බැංකුව සෑම වයස් කාණ්ඩවලට සහ විවිධ ක්ෂේත්‍රයන්හි නිරත ගනුදෙනුකරුවන්ට ගැලපෙන පරිදි සන්නම් නාම ගතකරන ලද ගිණුම් හඳුන්වා දෙමින් ඔවුන් වෙත බැංකු පහසුකම් සමීප කළ අතර, ගොවිජනතාව, ධීවර ජනතාව මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, ස්වයං රැකියාලාභීන් නඟා සිටුවීම සඳහා විවිධ ණය යෝජනා ක්‍රම හඳුන්වා දෙනු ලැබුවා.
 
මීට අමතරව ආයතනික ගනුදෙනුකරුවන් වෙත අවශ්‍ය බැංකු සේවාවන් මහජන බැංකුවේ ආයතනික බැංකු අංශය විසින් ලබාදෙන අතර, ලොව පුරා රටවල් 103 ක සිටින නියෝජිතයින් 900 ක් සමඟ සම්බන්ධතා පවත්වමින් අන්තර් ජාතික වෙළෙඳාම්වල යෙදෙන ආයතනික ගනුදෙනුකරුවන් වෙත මූල්‍ය පහසුකම් සහ උපදේශන සේවා ලබාදෙයි. 
නවීන තාක්ෂණය සමග අනුගත වෙමින් ගනුදෙනුකාර භවතුනට වඩාත් කාර්යක්ෂම බැංකු සේවාවක් ලබාදීම අරමුණු කර ගනිමින් මේවනවිට මහජන බැංකුවේ සියලුම ශාඛා එකම ජාලයකට ජාලගත කර ඇත. මීට අමතරව පරිගණක හා ටෙලර් යන්ත්‍ර සහිත මාර්ගගත ජංගම බැංකු සේවාවක් ද දිවයින පුරා සේවයේ යොදවා ඇත්තේ ඕනෑම ස්ථානයක සිට බැංකු පහසුකම් ලබා ගැනීමට අවස්ථාව සලසා දෙමිනි. 
 
මොබයිල් බෑන්කින්, පීපල්ස් නෙට් හා පීපල්ස් පාම් ටෝප් වැනි නවීන බැංකුකරණ අත්දැකීම් ද සිය ගනුදෙනුකරුවන් වෙත මහජන බැංකුව පිරිනමා ඇත. ඩයලොග්, මොබිටෙල් සහ එටිසලාට් ජංගම දුරකථන ජාල සමග අත්වැල් බැඳගනිමින් පීපල්ස් මොබයිල් බෑන්කින් සේවාව තුළින් ගනුදෙනුකරුවනට බැංකු ශාඛාවට නොගොස් ජංගම දුරකථනයෙන්ම බැංකු ගනුදෙනු කිරීමේ, බිල්පත් ගෙවීමේ පහසුව සලසා තිබේ. එමෙන්ම පීපල්ස් නෙට් වෙබ් අඩවිය මගින් අන්තර්ජාල බැංකු පහසුකම් ලබාගත හැක.
 
එමෙන්ම මහජන බැංකුව ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට හරිත බැංකුකරණ සංකල්පය හඳුන්වා දුන් අතර,  මෙරට බැංකුකරණයේ නිම් වළලු පුළුල් කරමින් ඩිජිටල් බැංකුකරණයට ප්‍රමුඛත්වය සපයයි. එහි එක් පියවරක් ලෙස මහජන බැංකුව හඳුන්වා දුන් ස්වයං බැංකුකරණ ඒකක තුළින් මුදල් ආපසු ගැනීමේ, මුදල් තැන්පත් කිරීමේ සහ බිල්පත් ගෙවීමේ පහසුකම් ඇති නවීන ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මුදල් තැන්පතු යන්ත්‍ර සහ බිල්පත් ගෙවීමේ යන්ත්‍රවල සේවාවන් සතියේ දින 7 පුරා, දිනපතා පැය 24 පුරාම අත්විඳිය හැක.
 
එමෙන්ම තිරසාර සමාජ වගකීම් කෙරෙහි කැපවූ ආයතනයක් ලෙස මහජන බැංකුව හරිත අනාගතයක් පිළිබඳව සිය අපේක්ෂාවන්ට ළඟාවීමේ මාර්ගය සකස් කරමින් නිල පාරිසරික තිරසාරභාවය පිළිබඳව ප්‍රතිපත්තියක් ද ක්‍රියාවට නංවයි. මෙසේ ගනුදෙනුකරුවන්ට පහසු සහ නව්‍ය ඩිජිටල් බැංක සේවාවන්  සපයමින්, ඔවුන්ගේ ජිවිතයට අමතර වටිනාකමක් එකතු කරමින්, විශ්වසනීයත්වය සහතික කරලමින්, අපේක්ෂා සපිරි ශ්‍රී ලාංකීකයන්ගේ බැංකුව ලෙස ඉදිරි මගට පිවිසීම මහජන බැංකුවේ අරමුණයි.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28555,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහජන බැංකුව ලොව හොඳම බැංකු 1000 අතරට
මහජන බැංකුව ලොව හොඳම බැංකු 1000 අතරට
http://ift.tt/2vr8Aga
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/1000.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/1000.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy