දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

කොට්ටාවේදී දුම්රියට බිලිවූ දේවිබාලිකා සිසුවිය සියදිවිනසාගැනීමක් නොවේ ඝාතනයක් - පියා සැක කරයි

කොට්ටාවේදී දුම්රියට බිලිවූ දේවිබාලිකා සිසුවිය සියදිවිනසාගැනීමක් නොවේ ඝාතනයක් - පියා සැක කරයි පෙරේදා (14දා) රාත්‍රි 8.30ට පමණ කොට්ටාවේද...


කොට්ටාවේදී දුම්රියට බිලිවූ දේවිබාලිකා සිසුවිය
සියදිවිනසාගැනීමක් නොවේ ඝාතනයක්
- පියා සැක කරයි

පෙරේදා (14දා) රාත්‍රි 8.30ට පමණ කොට්ටාවේදී දුම්රියට ගෙළ තබා මියගිය බවට වාර්තා පළවූ 18 හැවිරිදි පාසල් සිසුවිය එසේ මියයාම සියදිවි නසාගැනීමක් නොව ඝාතනයක් විය හැකි බවට ඇගේ පියා පොලිසියට දැන්වීමෙන් අනතුරුව මේ වනවිට විශේෂ පරීක්ෂණයක් අරඹා තිබේ.
කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ උසස් පෙළ ජීව විද්‍යා අංශයේ ඉගෙනුම ලැබූ සවින්දි පබසරා ජයසේකර නමැති සිසුවිය
මෙම අවාසනාවන්ත අනතුරින් මියගියා.
කොට්ටාවේ පැරැණි දුම්රියපොළ සහ අලුතින් ඉදිවන දුම්රිය පොළ අතර පිහිටි කන්ද කැපූ ස්ථානයේ දුම්රිය පාර අසල රේල් පාරේදී ඇය දුම්රිය පීල්ලට ගෙළ තබා දුම්රියට බිලිවූ පසු හිස කඳින් වෙන්වුන ආකාරය මින් ඉහත පේරාදෙණියේ උපාධිධාරිනිය මියගිය ආකාරය

අනුකරණය කිරීමක් ලෙස අදහස් පළව තිබුණි.
සිද්ධියෙන් අනතුරුව ඇගේ ගමන් මල්ල ඇයගේ උර හිසක එල්ලී තිබී හමුවූ අතර ඇගේ ජංගම දුරකථනය සාක්කුවේ තිබුණි.
 සිද්ධිය සම්බන්ධයෙන් මියගිය සිසුවියගේ පියා වන කපිල ජයසේකර මෙසේ කියා තිබේ.
 ‘මිය ගොස් සිටින්නේ මගේ වැඩිමහල් දියණියයි. මගේ දුව මිය ගියේ දුම්රියට පැනලා නොවේ. මේක කවුරු හරි හිතාමතා සිදුකළ අපරාධයක්. දුව සිහි නැති කරලා හෝ වංචාවෙන් හෝ කවුරු හරි මෙතැනට ඇය රැගෙන ඇවිත් දුම්රිය පීලි උඩ ඇගේ හිස තබා දුම්රියට පැනීමෙන් සිදුවූ මරණයක් බවට පත් කිරීමට ගත් උත්සාහයක් බවට මම සැක කරනවා. මියගිය ඇගේ උරයේ පොත් බෑගය සහ සාක්කුවේ සෙල්ෆෝනය තිබුණා. දුම්රියට පනින අයෙක් බෑග් එල්ලගෙන පනින්නේ නැහැ. ඇය කවමදාකවත් සෙල්ෆෝනය බෑග් එකේ මිස සාක්කුවේ දමා ගන්නේ නැහැ.
තව කාරණාවක්, දුව පැලඳ ගෙන සිටි සපත්තු දෙකේ මඩ කිසිවක් තිබී නැහැ. ඒකෙන් පැහැදිලියි. කවුරු හරි දුව උස්සා ගෙන දුම්රිය පීල්ල මත ගෙල තබා මෙම අපරාධය සිදු කළ බව. මියගිය දවසේ සවස 7ටත් 7.30ටත් අතර අම්මා සහ මල්ලි සමඟ අවස්ථා දෙකකදී දුව කතා කර තියෙනවා. මම මඟ ඉන්නේ

මේ දැන් එනවා කියලා තියෙනවා.සවස 7.30න් පසුව මම කතා කළාම ෆෝන් එක නිහඬව තිබුණා. ඒ වගේම එම වේලාව ඇතුළතදී මිතුරියක් අතරේ එස්.එම්.එස්. පණිවුඩ හුවමාරු කරගෙන තියෙනවා. ඒවායෙවත් ගැටලු තිබී නෑ‘‍

කොළඹ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ කැලණිවැලි දුම්රිය කොට්ටාවේ ගමන් කරද්දී දුම්රිය පීල්ලට මැය ගෙල තබා සිටිනු ඈත සිට තමන් දුටු බවත් දුම්රිය නැවතීමට තරම් වේලාවක් නොතිබුණ බවත්, දුම්රියේ රියැදුරා ප්‍රකාශ කර තිබේ.

කොට්ටාව පන්නිපිටිය කුලතුංග පාරේ පදිංචිව සිටි මියගිය ශිෂ්‍යාව කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ උසස්පෙළ ජීව විද්‍යාව හදාරමින් සිටි අතර සිද්ධිය දවසේ අමතර පන්තියකට සහභාගී වී නිවසට එමින් සිට ඇත.පවුලේ වැඩිමහල් දියණිය වන මැයට බාල සහෝදරයෙක්ද සිටටින බව කියැවේ. පසුගිය වර්ෂයේ පැවැති අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් මැය "ඒ" සාමාර්ථ නවයක් ලබාගෙන තිබෙන අතර ඇගේ එකම අරමුණ වී තිබෙන්නේ උසසස්්පෙළද ඉහළින් සමත්වීම බව දෙමාපියන් කියා ඇත.
ඇයට දිවිනසාගැනීමට හේතුවන කාරණා කිසිවක් දෙමාපියනන් නොදන්නා බව දන්වා තිබුණ අතර
මේ මරණය, සියදිවි හානි කර ගැනීමක් නොව කවුරුන් විසින් හෝ සිදුකළ අපරාධයක් බව දියණියගේ පියා කරන ප්‍රකාශය අනුව පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු ඉදිරිපත් කරන්නට නියමිතවූ බව පොලිසිය පවසයි.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28611,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොට්ටාවේදී දුම්රියට බිලිවූ දේවිබාලිකා සිසුවිය සියදිවිනසාගැනීමක් නොවේ ඝාතනයක් - පියා සැක කරයි
කොට්ටාවේදී දුම්රියට බිලිවූ දේවිබාලිකා සිසුවිය සියදිවිනසාගැනීමක් නොවේ ඝාතනයක් - පියා සැක කරයි
http://ift.tt/2rCw7aS
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_971.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_971.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy