මෙම භයානක කටයුත්ත නොකරන ලෙසට ඇමරිකාවේ ප්‍රබල පුද්ගලයන් කිහිප දෙනෙක් විසින්ම ට්‍රම්ප් හට ආයාචනා කර තිබේ. ඒ අතරින් ඇපල් සමාගමේ ප්‍රධාන විධා...
මෙම භයානක කටයුත්ත නොකරන ලෙසට ඇමරිකාවේ ප්‍රබල පුද්ගලයන් කිහිප දෙනෙක් විසින්ම ට්‍රම්ප් හට ආයාචනා කර තිබේ. ඒ අතරින් ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් පවසා තිබෙන්නේ මෙයින් පරිසරයට පමණක් නොව ආර්ථිකයට හා ව්‍යාපාරවලට ද
හානිදායක බවයි. ට්‍රම්ප් විසින් පැරිස් සම්මුතියට පිටුපෑවහොත් තමන් ධවල මන්දිරයේ උපදේශක මණ්ඩල දෙකෙන්ම ඉල්ලා අස්වන බව පවසා තිබෙන්නේ ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලන් මස්ක් විසිනි.
මේ පිළිබඳ ට්‍රම්ප්ගේ අවසන් තීරණය අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර යම් හෙයකින් එය එසේ වුවහොත් ගෝලීය උණුසුමට එරෙහිව මුළු ලෝකයම අත්වැල් බැඳගෙන සිටින වේලාවක සහ ලෝකයේ සෑම රටක්ම පාහේ අත්සන් කර තිබෙන සම්මුතියකට පිටුපෑම තුළ
ඇමරිකා එක්සත් ජනපදය බරපතළ වශයෙන් ජාත්‍යන්තර ලෝකය තුළ හුදෙකලා වීමකට ලක්වනු ඇත.
-අමාලි ජයවීර
COMMENTS