ටෙලි නාට්‍ය නිළි චතුරිකා පීරිස් පසුගියදා පුවත්පතක විශේෂාංගයක් ලෙස ඇසූ ප්‍රශ්නාවලියකට පිළිතුරු සපයා ඇත්තේ පහත පරිදිය. 1. චතුරිකාගේ වයස කී...
ටෙලි නාට්‍ය නිළි චතුරිකා පීරිස් පසුගියදා පුවත්පතක විශේෂාංගයක් ලෙස ඇසූ ප්‍රශ්නාවලියකට පිළිතුරු සපයා ඇත්තේ පහත පරිදිය.
1. චතුරිකාගේ වයස කීයද – 36 යි
2. ජීවිතයේ අමතක නොවන සිදුවීම – 2005 අවුරුද්දෙදි සුසිල නිෂ්පාදන ආයතනයේදී ගයාන්ව මුලින්ම මුණගැහුණ සිදුවීම
3. චතුරිකාගේ ජීවිතේ ඉගෙනගත්ත වැදගත්ම පාඩම – ඕනවට වඩා ඕනම කෙනෙක්ව ඕනෙම නෑ. විශේෂයෙන්ම මිතුරන් මිතුරියන් වගේ තමන්ගේ නොවන පිට අයව.
4. චතුරිකා කැමතිම පිරිමි චරිත 3 – තාත්තා, ගයාන්, රිචඩ් ගෙයර්
5. කැමතිම ගැහැණු චරිත 3 – අම්මා, මාලනී ෆොන්සේකා, ජෙනිෆර් ලෝපේස්
6. අතීතයට ගිහිල්ලා ජීවිතේ වැරදුන තැනක් හදාගන්න අවස්ථාවක් ලැබුනොත් මොකද්ද හදාගන්න තැන – 2004/2005 කාලෙදි මගේ පෞද්ගලික ජීවිතේ ලොකු වැරදීමක් වුනා. ඒක ගැන හැමෝම දන්නවා. මම ඒ වැරැද්ද නිවැරදි කරගන්නවා.
7. චතුරිකාගෙන් පස්සෙ අපේ රංගන ක්ෂේත්‍රයට හොඳ නිළියන් බිහි වුනා නම්, ඒ කවුද? හිමාලි සයුරංගි, සමනළී ෆොන්සේකා
8. ඉරාජ් ප්‍රඩක්ෂන් එකෙන් නිෂ්පාදනය කරපු වස්සාන හීනේ මියුසික් වීඩියෝ එකේ ප්‍රධාන නිරූපිකාව විදිහට ඔබට ආරාධනා කළා නම් ඔබ ඒකෙ රඟපානවද? ඉරාජ් කරපු ඒ වීඩියෝ එක මගේ ටයිප් එකේ වීඩියෝ එකක් නෙමෙයි.
9. එහෙනම් මොකද්ද ඔයාගේ ටයිප් එක ? මිනිස්සුන්ට සරලව තේරුම් ගන්න පුළුවන් සහ පවුලේ සැමට බලන්න පුළුවන් චරිත තමයි මගේ ටයිප් එක.
10. සමන්ත භද්‍ර හාමුදුරුවො ගැන චතුරිකාගේ අදහස මොකද්ද? විශේෂ අදහසක් නෑ.
11. ඒ හාමුදුරුවෝ රහත් වෙලා කියලා ඔයා පිළිගන්නවද? මම ඒ ගැන හරියටම දන්නෙ නෑ.
12. මේ අය ගැන කෙටියෙන් කියන්න –
a. ජැක්සන් ඇන්තනී – ඉතා හොඳ අධ්‍යක්ෂවරයෙන් සහ අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් ගුරුවරයෙක්.
b. මෛත්‍රිපාල සිරිසේන – හොඳ නායකයෙක් වෙන්න තාමත් පරක්කු වැඩි නෑ.
c. ගයාන් වික්‍රමතිලක – මගේ ජීවිතේ නැතුවම බැරි කෙනා.
d. රොෂාන් පිලපිටිය – කිසිම ආත්මෙකදි මුණනොගැසේවා.
13. දවසකට පිරිමියෙක් වෙන්න අවස්ථාවක් ලැබුනොත් මොකද කරන්නෙ? ඊළඟ දවස වෙනකම් ගෙදරට වෙලා ඉන්නවා.
14. අනාගත බලාපොරොත්තුව – හොඳ කාන්තාවක්, හොඳ බිරිඳක්, හොඳ රංගන ශිල්පිණියක් සහ හොඳ පුරවැසියෙක් විදිහට ජීවත් වෙන එක.
COMMENTS