මෙම බලාගාරය හරහා ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 25 ක ධාරිතාවයක් එක්වනු ඇත. මුහුදු මට්ටමේ සිට මීටර් 132 ක උසකින් පිහිටි මෙම බලාගාරයේ ජල...
මෙම බලාගාරය හරහා ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 25 ක ධාරිතාවයක් එක්වනු ඇත.
මුහුදු මට්ටමේ සිට මීටර් 132 ක උසකින් පිහිටි මෙම බලාගාරයේ ජල ධාරිතාවය මුහුදු මට්ටමේ සිට මීටර් 165 දක්වා ඉහළ ගියවිට ජල විදුලි බලාගාරය ක්‍රියාත්මක වේ. මීටර් 185 ක් දක්වා උපරිම මට්ටමක් තෙක් විදුලි නිෂ්පාදන කටයුතු සිදුකළ හැකි බවයි වාර්තා වන්නේ.
ඉතා කෙටි කාලයක් තුළ මෙම ජලාශයේ සහ බලාගාරයේ ඉදිකිරීම් කටයුතු අවසන් කෙරිණි. විදුලි නිෂ්පාදනයෙන් පසු ඉවතට ගලායන ජලය මහකනදරා, ගිරිතලේ, මින්නේරිය, කවුඩුල්ල, කන්තලේ යන ජලාශවලට එක්වේ.
COMMENTS