දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වික්ටර්ගේ සංස්කෘතික අප්පච්චිලාට - අශාන් වීරසිංහ
Homeවිශේෂ පුවත්

වික්ටර්ගේ සංස්කෘතික අප්පච්චිලාට - අශාන් වීරසිංහ

PropellerAds

ඒ වික්ටර් වෙනුවෙන් නොව අප ජීවත් වන සමාජ-සංස්කෘතික මනසේ අපූරු පැතකඩක් එමගින් නිරූපණය වන හෙයිනි. ලංකාවේ සිටින්නේ රසිකයන් නොවේ. කලාකරුවන්ගේ ...

"මීතොටමුල්ල" කියන කතාවට වඩා බරපතලයි.ඇත්ත කතාව මෙන්න!
අධ්‍යාපනයේ නිදහස සහ සයිටම් පටලැවිල්ල (4) -ගාමිණී වියන්ගොඩ
මාදුරු ඔයෙන් අක්කර 54250ක් චීනයට?
වික්ටර්ගේ සංස්කෘතික අප්පච්චිලාට - අශාන් වීරසිංහ

ඒ වික්ටර් වෙනුවෙන් නොව අප ජීවත් වන සමාජ-සංස්කෘතික මනසේ අපූරු පැතකඩක් එමගින් නිරූපණය වන හෙයිනි. ලංකාවේ සිටින්නේ රසිකයන් නොවේ. කලාකරුවන්ගේ අයිතිකාරයන්ය. සාම්ප්රාදායික කලාකරුවන් අතරින්ද ඇතැම් අය මුදල්හදල්වලින් පමණක් නොව දෘෂ්ටිවාදීමය අතින්ද හිඟන්නන්ය. මොවුනට අනුව කලාකරුවෙකු විවාහ වීම, පෙම්වතුන් පෙම්වතියන් ඇසුරු කිරීම, තමන් කැමැති පක්ෂයකට ඡන්දය දීම වැනි සියලුම පෞද්ගලික කාරණා විසඳාගත යුත්තේ රසිකයන් යැයි සිතා සිටින අයගෙන් අවසර ගෙනය. සාමාන්යසයෙන් බිරිඳ හෝ සැමියා මරණයට පත් වූ පසුව තවත් අයෙකු සමග විවාහ වීම හෝ එක්ව වාසය කිරීම විවෘත ලෝකය තුළ ගැටළුවක් ලෙස තේරුම් ගන්නේ නැත. එහෙත් ලංකාවේ එහෙම බැරිය. බිරිඳ හෝ සැමියා මියගිය පසුව තමන් කැමති පුද්ගලයෙකු සමග එක්ව ජීවත් වීම නුරුස්නා මේ සමාජය අනියම් සබඳතාවලට දැඩි ඇල්මක් දක්වන්නේද මේ නිසා විය හැක. වික්ටර් කසාද බැඳීම ගැන වැඩි වශයෙන්ම සංස්කෘතික පශ්චාත්තාපයට පත්ව ඇත්තේ වෙන අයය.

මේ අතරම වික්ටර්ගේ පුත් ලෙලුම් රත්නායක තම ෆේස්බුක් ගිණුමේ සදහන් කර ඇත්තේද විජිත් විජයමුණිගේ "අප්පොච්චි මළා" ප්රේකාශයම වෙනත් වචනවලිනි. ඊට ප්රඇතිචාර දක්වන ලංකාවේ හුදී ජනයා වික්ටර්ට සංස්කෘතික ලෙක්චර් දෙන අතරම "දරුවන්ට පාරේ බැහැලා යන්න බැරි වැඩ කිරීම" ගැන ඔහුව විවේචනය කර ඇත. එහෙත් අප නම් වික්ටර් විශිෂ්ට සංගීතඥයෙකු වුවද ඔහුගේ පුතාලා නම් පාරේ බැහැලා යන්න තරම් කළ කෙංගෙඩියක් ගැන අසා නැත. ඒ නිසා වික්ටර්ගේ නව යුගය තුළ ඔහු වැටෙන්නේ ප්රේැම ගීත ගැයුවාට ප්රේ මයට කුහකකම් නොකළ රැඩිකල් කලාකාරයෙකු ගණයටය.

‍ලංකා සමාජයේ මේ ලිංගික-සංස්කෘතික කුහකකම සහ ඊර්ෂ්යා්ව ඉබේ මතු වන මිනිස් ගතිලක්ෂණයකින් ඔබ්බට ගිය එකකි. 'මිනිසා තුළ පවතින අවිඥානික ආශාව වනාහි අනෙකාගේ (Other)' ආශාව බව මනෝවිශ්ලේෂකයෙකු වූ ලැකාන් ප්රිකාශ කර ඇත. ලැකාන්ගේ ප්රකකාශයේ දාර්ශනික අරුත මුළුමනින්ම බැහැර කර වාච්යාෂර්ථයෙන් ගත්තද මෙහි සත්යකතාව තේරුම් ගැනීම අසීරු නැත. වික්ටර්ට බණ දේශනා කරන බොහෝ අයටද මේ මොහොතේ වික්ටර් යනු තමන්ගේ 'මහා අනෙකා' (Big Other)වන අතර තමන්ට සැබෑ ජීවිතයේ ළං විය නොහැකි ෆැන්ටසිය ඔවුහු වික්ටර් තුළින් දකිති. එහෙත් එය ඔවුන්ගේ සවිඥානිකත්වයට ගෝචර වන්නේ බරපතල සංස්කෘතික අර්බුද්ය්ක් ලෙසිනි. සමහරුන් නැවතත් වික්ටර්ගේ ගීත අසන්නේ නැති බව ප්රංකාශ කරන්නේ වික්ටර් ගැන ඇති තරහකටත් වඩා අවිඥානික ඊර්ෂ්යානවකිනි. මේ අර්ථයෙන් ගත් විට වික්ටර් යනු ඔවුන්ගේ ගෝත්රි්ක සිහින කුඩුපට්ටම් කළ වීරයෙකි.

තවත් සමහරුන්ට අනුව වික්ටර් වෙන කෙනෙකු සමග විවාහ වී ඇත්තේ එකී කාන්තාවට ඔහුගේ දේපල හා ප්රවසිද්ධිය ගැන ඇති වූ ගිජුකම නිසාය. තවත් සමහරුන්ට අනුව වික්ටර්ගේ පුත්ර යා ඉහත කී සටහන සිය මුහුණුපොතට එක් කළේ තාත්තාගේ දේපල වෙන කෙනෙකු පැහැර ගැනීම ගැන ඊර්ෂ්යාටවකිනි. ඇත්තෙන්ම ලංකාවේ මිනිසුන් කලාව විඳින්නට දන්නේ නැත. ඔවුන් තමන්ටම කර ගන්නා විශාලම හානිය නම් කැමැති කලාකරුවන් තමන්ගේ ලෝකයේ ස්ථිර වීරයන් බවට පත්කර ගැනීමයි. පසුගිය කාලයේ ගුණදාස කපුගේ සහ අමරදේව සම්බන්ධයෙන් මා තැබූ එක්තරා සටහනකටද අමරදේව දේවත්වයෙන් අදහන බොහෝ දෙනෙකුගෙන් ඉතාම ආවේගශීලී ප්රතතිචාර ලැබී තිබුණි. මේ අපේ හැටිය. අප කරන්නේ අමරදේව හෝ වික්ටර්ගේ සංගීත භාවිතය විඳීම වෙනුවට ඔවුන් සහමුලින්ම ඇඟේ දමා ගැනීමය. ඉන් අනතුරුව ඔවුන්ටද තම ස්වාත්මය (Self)අහිමි විය යුතු බව විශ්වාස කරන මේ අයට අනුව ඔවුන් ඉන් පසුව ජීවත් විය යුත්තේ තමන්ගේ ෆැන්ටසිය තුළ ලියා ඇති ආඛ්යා නයට අනුවය.‍මෙය අප මුහුණ දී සිටින පසුගාමී සංස්කෘතික පරිහානියේම කොටසකි. ලෝකය විවෘතව දකින්නට හැකි ආකාර ගැන සංස්කෘතික පුරාකෘති විසින්ම අපට උගන්වා නැත.

‍කලාකරුවන් අතින්ද මේ පසුගාමී දෘෂ්ටිවාදයේ නිමැවුමට එක් වී ඇති දායකත්වය සුළුපටු නොවේ. එනිසාම අධිපති කලා කතිකාව නියෝජනය කරන වික්ටර් වැන්නෙකුට මෙවැනි ප්රේතිචාරවලින් ගැලවෙන්නට නොහැකි වීමද වික්ටර් ගයන වචනවලින්ම කියනවා නම් 'දෛවයෝගයක්ම' ය. මා ආරිංවංශ රණවීර කවියාට මහත් සේ ගරු කරන්නේ එබැවිනි. පුරුද්දට කවි ලියනවා වෙනුවට ගැඹුරු හැදෑරීමක් සහිතව ලියන්නෙකි, ඔහු. ඔහුගේ "ඉසුරුමුණි පෙම් හුවළ අබියස" නම් කවියේ මෙසේ දැක්වේ:

සුපතිට්ඨිත රට්ඨනුරාධපුරේ.......

නැත

නැත

උගන්වා නැත මට

ඔබ වඳින ගාථාව

ගල් පිළිමවලටත්, නටඹුන්වලටත් වන්දනා කරන්නට උගන්වා ඇති සිංහල-බෞද්ධ සංස්කෘතිය ප්රේපමය හා මිනිස් සම්බන්ධතාවලට වඳින්නට උගන්වා නොතිබීමේ ඛේදවාචකය ගැන මීට වඩා ලියන්නට ක්රමයක් නැත. වික්ටර්ගේ සංස්කෘතික අප්පච්චිලාට උගන්වා ඇත්තේ ඒවාට ඊර්ෂ්යාර සහ වෛර කරන්නට පමණි.

වික්ටර්! ඔබට ජය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29581,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වික්ටර්ගේ සංස්කෘතික අප්පච්චිලාට - අශාන් වීරසිංහ
වික්ටර්ගේ සංස්කෘතික අප්පච්චිලාට - අශාන් වීරසිංහ
http://ift.tt/2mQ2Bxi
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_65.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_65.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy