දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මිනී කන දැල්ලෝ
Homeවිශේෂ පුවත්

මිනී කන දැල්ලෝ

PropellerAds

ඒ ප්‍රාථමික ජීවී විශේෂයන්ගෙන් අති බහුතරය අපෘෂ්ඨවංශීන් ය. හෙවත් කශේරුවක් රහිත ජීවීන් ය. ජෛව පරිණාම ගසෙහි අප්‍රමාණ වූ ජීවී සන්තතීන් බවට නැව...

එජාපයෙන් විශේෂ නිවේදනයක්
රනිල් පංච පුද්ගල විනිසුරු මණ්ඩලයක් ඉල්ලයි
තවත් දේශපාලන තීන්දුවක් ගන්න එජනිස ඉවසීමෙන් බලා සිටියි
මිනී කන දැල්ලෝ

ඒ ප්‍රාථමික ජීවී විශේෂයන්ගෙන් අති බහුතරය අපෘෂ්ඨවංශීන් ය. හෙවත් කශේරුවක් රහිත ජීවීන් ය. ජෛව පරිණාම ගසෙහි අප්‍රමාණ වූ ජීවී සන්තතීන් බවට නැවත නැවතත් අතුබෙදී ගොස් ඇති උන්ගෙන් සමහරක් අතිශයින් විකරණයට ද පත් ව සිටිති. විශාල මොළයකට සහ ඒ නිසාම විසල් බුද්ධියකටද හිමිකම් කියන යෝධ දැල්ලා එයින් ප්‍රධාන ය.

සාගරය කිසිම ආකාරයකින් ඒකාකාරී නොවේ. ගැඹුර, උණුසුම, හිරුඑළිය සහ දියවැල්, සාගර පත්ල මත විවිධ ප්‍රමාණවලින් අභියෝග නිර්මාණය කර දෙයි. ඒ අභියෝගයන්ගේ ස්වභාවය එකකට එකක් වෙනස් ය. විටෙක සිතාගැනීමට පවා නොහැකි තරම් ය. සාගරයේ සැතපුම් එකමහාරක් ගැඹුරට ගිය තැන දුම් දමන යමහල් වැනි ජලතාපී සිදුරු දක්නට ලැබෙයි. පොම්පෙයි නමැති එහි වෙසෙන අපෘෂ්ඨවංශී පණුවන් හට ඒ උණුසුම කිසිම වෑයමකින් තොරව දරාගැනීමට පුළුවන.

එහෙත් සාගර ජීවයෙන් වැඩි කොටස සයුර මතුපිටට වන්නට එක්රැස් ව තිබීමේ පුදුමයක් නැත. සයුරු පත්ලට සාපේක්ෂව එය සැපදායක පෙදෙසකි. කෑම බීම සොයාගැනීම සැලකිය යුතු අන්දමට පහසු ය.

කුඩා කූනිස්සන් විමානයකට සමානව සාගරයේ මතුපිටට වන්නට අණසක පතුරුවාගෙන සිටින්නෝ කුඩා ප්ලවාංග කවච මත්ස්‍යයෝ ය. එනම් ප්ලවාංග ක්‍රස්ටේසියාවෝ ය. සාගරයේ නළියන මී මැසි පොදි උන් ය. කරදිය ඝන මීටරයක හැටදහසක්වත් ජීවත් වෙති. රෑ කාලයට උන්ගේ හැසිරීම උද්වේගජනක ය. උහු ප්ලවාංග සොයාගෙන ජල ස්ථරය මතුපිටට ම නැගෙති.

එවිට එය සමාන වන්නේ ඇවිස්සුණු මීමැසි පොදියකට මිස එයට වඩා අඩු දෙයකට නොවේ. මෙක්සිකෝවට නුදුරු කෝටෙක්ස් මුහුදේ මේ අසිරියට සොබාදහමේ සකලවිධ දඩයක්කාරයෝ වශී වෙති. පිටකුදු තල්මසුන්ගේ සිට දැවැන්ත මාංශ භක්ෂක මත්ස්‍ය අහින් දක්වා සියල්ලන්ම එයට අයත් ය. මෙවිට එක් ඇසිල්ලකින් මුළු සාගර කලාපයම දඩ බිමක් බවට පත්වෙයි.

විටෙක ජලය කැළතෙන හඬ ය. තවත් විටෙක විසල් මසුන් ගොදුර වෙත පිඹින හඬ ය. එහි අරුත කවච මසුන් ඇසට නොපෙනෙන වේගයෙන් අතුරුදන් ව යාම අරඹා තිබෙන බව ය. ඔය අතරේ ගැඹුරු සාගර පත්ලේ සිටින ආගන්තුකයෙක් ද දඩබිමට පැමිණෙයි. ඒ, යෝධ හම්බෝල්ට් දැල්ලා ය.

යෝධ හම්බෝල්ට් දැල්ලා අඩුම වශයෙන් මීටර දෙකක්වත් දිගැති ය. ඌ මිනී කන්නෙක් ලෙස ද මෙක්සිකානුවන් අතර ප්‍රචලිත ය. තනිව ගත් කල ද උන් අතිශයින් බියජනක ය. ගෞරවය උපදවන තරම් විශාල ය. ඉඳින්, එවන් හම්බෝල්ට් දැල්ලන් අහිනක්ම එකවර සයුර මතුපිට ට පැමිණියහොත් දැනෙන හැඟීම ගැන කවර කතාද? ඒ අහිනේ හම්බෝල්ට්ලා සිය ගණනකි.

හම්බෝල්ට් යෝධ දැල්ලා අතිශය බුද්ධිමත් දඩයකම්කරුවෙකි. උන්ගේ දෘෂ්ටිය අතිශය තියුණු ය. පුදුමාකාර පෙනීමකි. ප්‍රබල සහ ශක්තිමත් ග්‍රාහිකා සහ වූෂකර උන් සතු ය. ඒවායින් එක් ග්‍රාහිකාවක් කොකු හැත්තෑ දහසකින් පමණ සුසැදී ඇත. ඒ අතර තිබෙන තියුණු රේසරයක් මෙන් මුවහත් හොටය, ගොදුරේ මස කපාගෙන යාම සඳහා ය.

තමන් ප්‍රහාරයකට මැදි වී සිටින බව මසුන් ට මදින් මද තේරුම් යන්නට පටන් ගනියි. එවිට උහු ආරක්ෂාව පතා කණ්ඩායමක් මෙන් රැස්වෙති. එවිට හම්බෝල්ට් ද එකට එක කරයි. උහුද කණ්ඩායම් සේ රැස් වෙති. ඉන්පසු කුඩා මසුන් ව ගල්පර ඔස්සේ මුහුදු පත්ල වෙත යොමු කරති. හතර වටින් කොටුකර සිදුකරන මේ පහරදීම වඩාත් සමාන වන්නේ මසුන් ව මුහුදු පත්ල වෙත දක්කාගෙන යාමට ය.

ඉන්පසු සියල්ල විදුලි වේගයෙන් සිදුවේ. සටන වියරුවෙන් පලා යන්නන් සහ වියරුවෙන් හඹා යන්නන් අතර ය. කෙසේ වෙතත් විනාඩි කිහිපයක් ඇතුළත සියල්ල සිදුවී නිමා වේ. ඇත්තෙන්ම මේ මසුන් පැමිණ තිබෙන්නේ තමන්ගේ නොවන වැයික්කියක් වෙත ය. මේ සාගර පත්ල හම්බෝල්ට්ලාගේ රාජධානියයි. එනිසා බලා සිටියදී උන්ගේ ගහණය වැඩිවෙයි.

එවිට හම්බෝල්ට් දැල්ලන්ගේ ග්‍රාහිකා රත් පැහැ වන්නට පටන් ගනියි

...

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29565,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මිනී කන දැල්ලෝ
මිනී කන දැල්ලෝ
http://ift.tt/2lpan3W
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_79.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/blog-post_79.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy