මෙම යෝජනාව සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම විසින් ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්...
මෙම යෝජනාව සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම විසින් ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ නිර්දේශයන් පරිදි නව දෙනෙකුගෙන් සමන්විත වෙළඳ සාකච්ඡා කමිටුව විසින් අදාළ නිදහස් වෙළඳ ගිවිසුම් සම්බන්ධ සාකච්ඡා අඛණ්ඩව සිදුකරගෙන යාමට නියමිතව ඇත.
ඒ යටතේ ඉන්දියාව සමඟ වන නිදහස් වෙළඳ ගිවිසුම වන “ආර්ථික හා තාක්ෂණ සහයෝගීතා ගිවිසුම(එට්කා) වඩාත් විස්තීර්ණ වෙළඳ හා ආර්ථික සහයෝගීතාවක් දක්වා පුළුල් කර ගැනීම වෙනුවෙන් වන සාකච්ඡා කඩිනම් කිරීමට නියමිතව ඇති අතර චීනය සමඟ 2014 වර්ෂයේදී ආරම්භ කළ “චීන ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම” ඉදිරියට පවත්වා ගැනීම සහ සිංගප්පුරුව සමඟ නිදහස් වෙළඳ ගිවිසුමක් ඇතිකර ගැනීම සම්බන්ධවද සාකච්ඡා පැවැත්වෙනු ඇත.
රජයේ ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට නිදහස් වෙළඳ ගිවිසුම් ඇතිකර ගැනීමට අදාළව 2016 ජුනි 14 දින නිකුත් කළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ මේ වන විට චීනය සමඟ සාකච්ඡා වට 6, ඉන්දියාව සමඟ සාකච්ඡා වට 4ක් සහ සිංගප්පුරුව සමඟ සාකච්ඡා වට 5ක් පවත්වා ඇති අතර මෙම රටවල් තුන සමග මීළඟ සාකච්ඡා වට 2017 ජුනි සහ ජූලි මාසවල මෙරටදී පැවැත්වීමට නියමිතව ඇත.
එහිදී භාණ්ඩ වෙළඳාම, සේවා වෙළඳාම, ආයෝජන, මුල්‍ය සේවා, විද්‍යුත් වාණිජ සේවා, රාජ්‍ය ප්‍රසම්පාදනය, වෙළඳ බාධා ඉවත්කර ගැනීම, ද්වී පාර්ශවීය වෙළඳ සුරැකිතාව, සෞඛ්‍යාරක්ෂක හා ශාක ද්‍රව්‍ය ආරක්ෂණය, රේගු ක්‍රියාවලි, විදුලි සංදේශන, ඇතුළු ආර්ථිකයේ වැදගත් අංශ රැසක් ආවරණය වන පරිදි සාකච්ඡා සිදුවන බවත් එම සාකච්ඡා 2017 වසරේ අග භාගය වන විට අවසන් අදියරට ගෙන ඒමටත් රජය අපේක්ෂා කර ඇති බවද දැනගන්නට ඇත.
එසේම මෙම විෂයයන් අයත් අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, ආයතන නියෝජිතයන් ඇතුලත් තාක්ෂණික අනුකමිටු 09ක් මඟින් ලබාදෙන තාක්ෂණික විචාරණ පදනම් කොටගෙන සාකච්ඡා පැවැත්වෙන බවත් සෑම නිදහස් වෙළඳ ගිවිසුමකට අදාළ සාකච්ඡා සඳහා වාණිජ මණ්ඩලයන්හි නියෝජිතයන් තිදෙනෙකු නිරීක්ෂකයින් ලෙස සහභාගී කරගන්නා බවද වාර්තා වෙයි.
කාශ්‍යප කොතලාවල
COMMENTS