දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

රෝහිත-ටට්යානා පල්ලියේ විවාහය කතෝලික සම්ප‍්‍රදාය කඩලා කියා දේවධර්ම නිකේතනයේ මත ගැටුම්.. දිවැසිවරු විරුද්ද වෙති..

රෝහිත රාජපක්‍ෂ හා ටට්යානා ජයරත්න අතර පල්ලියේදී සිදු කරන ලද විවාහ උත්සවයේදී කතෝලික සම්ප‍්‍රදායන් බිද දමා ඇති බවත් ඒ සම්බන්ධයෙන් කතෝලික සභාව...

රෝහිත රාජපක්‍ෂ හා ටට්යානා ජයරත්න අතර පල්ලියේදී සිදු කරන ලද විවාහ උත්සවයේදී කතෝලික සම්ප‍්‍රදායන් බිද දමා ඇති බවත් ඒ සම්බන්ධයෙන් කතෝලික සභාවේ නිල ස්ථාවරය දැක්විය යුතු බවත් ‘දිවැසිවරු’ කතෝලික ගිහි සංවිධානය සදහන් කරයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

සාමාන්‍ය කතොලික ජනතාවට අදාල විවාහ නීතිය හා සම්ප‍්‍රදාය උල්ලංඝනය කර ප‍්‍රභූන්ට අවසර ලබාදීම සම්බන්ධව කතෝලික නායකත්වයේ නිල ස්ථාවරය දන්වන්න

හිටපු ජනපති පුත් රෝහිත රාජපක්ෂ මහතා හා ටට්යානි ලී මහත්මිය අතර බම්බලපිටිය දෙව්මැදුරේදී සිදු වූ කතෝලික විවාහ මංගල්‍යය සම්බන්ධව මේ දිනවල දැඩි කතාබහට ලක්වෙමින් පවතී. විශේෂයෙන් සම්මත කතෝලික විවාහ සම්ප‍්‍රදාය හා කතෝලික සක‍්‍රමේන්තුවක් වන ආශිර්වාදකාර බන්ධනය සදහා මීසම්වල සාමාන්‍ය ජනතාවට බලපාන සාමාන්‍ය පොදු විවාහ නීති අභිබවා ප‍්‍රභූ කෙනෙකුට කතෝලික සම්ප‍්‍රදාය බිද දමන ආකාරයෙන් ලබා දුන් අවසරය සම්බන්ධයෙන් කතෝලික සමාජය නොසන්සුන් වී ඇති බව පෙනේ. විශේෂයෙන් පල්ලියෙන් විවාහ වීමට ගොස් දැඩි නීති රිති නිසා අසාධාරණයට ලක් වූ බොහෝ කතෝලික තරුණ තරුණියන් තමන්ට නොලැබුණු වරප‍්‍රසාද ප‍්‍රභූ පැලැන්තියට පමණක් ලැබෙන්නේ කෙසේදැයි ප‍්‍රශ්ණ කරමින් සිටී.

කතෝලික සභාවේ ප‍්‍රගතිශීලී පියවරුන් රැුසක්ම සාමාන්‍ය ජනතාවට නොදෙන මෙම ලිහිල්භාවය ප‍්‍රභූ පැලැන්තියට ලැබෙන්නේ කෙසේදැයි ප‍්‍රශ්ණ කිරීමට තරම් කොන්දක් ඇති තත්වයට පත්ව තිබේ. පසුගියදා බොරැුල්ල ජුසේවාස් දේවධර්ම නිකේතනයේ අධ්‍යාපනය ලබන සිසුන් හා එහා පියවරුන් අතරද දැඩි මතවාදී වාචික ගැටුමක් මේ සම්බන්ධව ඇති වූ බව වාර්ථාවේ. සභාව සම්බන්ධයෙන් එසේ ප‍්‍රශ්ණ කරන පියවරුන්ට හා දේවධර්ම නිකේතනයේ සිසුනටද අපගේ ආචාරය පළමුව පිරිනමමි. එය සැබෑ ලෙසම දානියෙල් නොබියව කතා කර සිංහ ගුහාවට ගිය සේ, ස්නාවක ජුවාම්තුමා නොබියව කතා කර තැටියකට හිස ගිය සේ, ක‍්‍රිස්තුන් වහන්සේ නොබියව නායක පූජකයින්ව ප‍්‍රශ්ණ කර කුරුස ගසට ගියාසේ සැබෑම දිවසිවර ප‍්‍රශ්ණකිරීමකි.

අප කතෝලික සභා නායකයින්ගෙන්් අප ඉතා පැහැදිලිව ප‍්‍රශ්ණ කිහිපයක් අසන්නට කැමැත්තෙමු.

කතෝලික විවාහ නීතිය අනුව දෙව්මැදුරේ විවාහ වීමට පෙර පොරුවේ හෝ වෙනත් තැනක විවාහ වී ඊට පසුව පල්ලියේ විවාහ වෙන්න බැහැ නේද? එය කතෝලික විවාහය කියන ප‍්‍රසාද නිදානයට නැතිනම් සක‍්‍රමේන්තුවේ ඇති ශුද්ධවත්බවට කරන හානියක් නේද ?

1. රෝහිත ටට්යානා පල්ලියේ විවාහ වීමට දින කිහිපයකට පෙර පොරුවේ විවාහ වී හනිමුන් එකත් ගිහින් ඇවිත් පල්ලියෙන් බදින එකට කතෝලික සබාවේ අවසර තියෙනවද?

2. එහෙනම් කතෝලික මීසම් වල ඉන්න රට යනකොට රෙජිස්ටර් එකෙන් බැදලා රට ගිහින් යලි පල්ලියෙන් බදින්න යන තරුණ තරුණියන්ට අගරදගුරු මැදුරෙන් විශේෂ අවසරයක් සදහා ලියුමක් අරන් එන්න කියන්නෙ ඇයි?

3. මිශ‍්‍ර විවාහ වලදි දෙදෙනෙක් විවාහ වෙනකොට පල්ලියෙ සම්පූර්ණ පූජාව දෙන්නෙ නැහැ නේද? එය නීතිය නිසා කතෝලික පල්ලිවල අවුරුද් ගණන් සේවය කරන තරුණ තරුණියන්ට පවා මිශ‍්‍ර විවාහයක් කරනකොට සම්පූර්ණ පූජාව නොදී අර්ධ පූජාවක් දෙන්නේ ඇයි ? ප‍්‍රභූ පිරිසට ලැබෙන වරප‍්‍රසාද මීසම් වල ඉන්න සාමාන්‍ය ජනතාවට නොදෙන්නේ ඇයි ? තද විවාහ නීති ඇත්තේ මීසම්වල සාමාන්‍ය කතෝලික ජනතාවට පමණද?

4. කතෝලික විවාහයකදි අනිවාර්්‍යයෙන්ම විවාහය ගැන කියලා දෙන පෝය පංති වලට විවාහක යුවල සහභාගී වීම අනිවාර්්‍යය නොවේද ? නැත්තම් පල්ලියේ බදින්න අවසර නැහැ නේද? රෝහිත හා ටට්යානා පල්ලියෙ විවාහ වීමට පෝය පංති වලට සහභාගී වීමේ ලිපි ලේඛණ තියෙනවද ?

5. කතෝලික පල්ලියේ විවාහයට අත්සන් කරන රෙජිස්ටර් පොත සාමාන්‍ය ජනතාවට බැහැරට ගෙනයාම තහනම් නේද? එහෙනම් කොහොමද ප‍්‍රභූ විවාහ වලදි එය අරලිය ගහ මැදුරටල, ජනාධිපති මැදුරට ගෙනයන්න පුළුවන් වෙන්නෙ?

6. කතෝලික ආගමේ හැටියට එකවරකට වඩා දික්කසාද වූ කෙනෙකුට නැවත පල්ලියෙන් කසාද බදින්න දෙන්නෙ නැහැ නේද? නමුත් කොහොමද සමහර ප‍්‍රභූ පිරිස්, ක‍්‍රීඩකයින්, කලාකරුවන් විශේෂ අවසරය ඇතිව එහෙම තුන් හතර වරක් පල්ලියෙන් විවාහ වෙන්නේ ?

7. කතෝලික සබාවෙන් නිවේදනය කලාට මෙම විවාහය නිකං ආශිර්වාදයක් විතරයි කිව්වට (අප ළග පැහැදිලි සාක්ෂි ඇත* එය එහෙම නෙවෙයි නේද? ඇත්තටම කතෝලික සභාවේ නිල නිවේදනයෙන් කතෝලික ජනතාව නොමග යවනවා, රවටනවා නේද?

8. කතෝලික සභාව මිශ‍්‍ර විවාහ වලදී සත්ප‍්‍රසාද ආශිර්වාදය නොදී පූජාවෙන් බාගයක් දෙන්නේ වෙනත් ආගමක කෙනෙක් විවාහ කර ගැනීමට වක‍්‍රාකාරයෙන් දඩුවම් දීමක් ලෙස නොවේද?

9. කාදිනල් හිමිපාණන් සිංහල බෞද්ධකම ගැන ඔයතරම් ආදරයෙන් කතා කරද්දි මීසම්වල සිටින ඇතැම් පියවරු
මිශ‍්‍ර විවාහ වලදී පොරුවේ විවාහයට විරුද්ධ වන්නේ, පිරිත් නූල් වලට විරුද්ධ වන්නේ, මිශ‍්‍ර විවාහක පවුල්වල කතෝලික ප‍්‍රතිමා සමග බෞද්ධ ප‍්‍රතිමා තැබීමට විරෝධය දක්වන්නේ ඇයි?

අප කණ්ඩායමේ අදහස වන්නේ රෝහිත හා ටට්යානාට එසේ විවාහ වීමට ලබා දීම නිවැරදි බවත් එසේම එවැනි විවාහ නීති ප‍්‍රභූ පැලැන්තියට පමණක් ලබා නොදී සාමාන්‍ය අප මීසම් ජනතාවටද ලබාදිය යුතු බවත්ය. එසේම බෞද්ධයින් වැඩිවශයෙන් සිටින ධර්ම¥තික පදවිතුළ කතෝලික තරුණ තරුණියන් වැඩි වශයෙන් විවාහ වන්නේ බෞද්ධ සහකරුවන් සහකාරියන් සමගය, එනිසාම සහජීවනය ගැන කතා කරන ආගමික නායකයින් පොරුවේ විවාහයට අවසරය සේම මිශ‍්‍ර විවාහ වලදී සම්පූර්ණ පූජාව ලබා දෙමින් අන්‍යාගමිකයින්ට ගෞරව කළ යුතුය. එවිට ආගම් දෙකක් සංස්කෘතින් දෙකක් වඩා හොදින් එක්වෙමින් නිදහසේ තම තමන්ට එකිනෙකාගේ ආගම් වලට ගරු කිරීමට හැකි පරිසරයක් නිර්මාණ වනවා නියතය.

එසේම මෙම විවාහය පදනම් කරගෙන මීසම්වල මිශ‍්‍ර විවාහ කරන තරුණ තරුණියන්ටත්, විදෙස් ගතවීමට විවාහ වී රෙජිස්ටර්කර රට යන කතෝලිකයින්ටත් ඉදිරියේදී වරප‍්‍රසාද නොදී සිටිමට කතෝලික පියවරුන්ට නොහැකි වනු ඇත.

වෙනදා කොළඹ අගරදගුරු හිමියන් වෙනුවෙන් පෙනී සිටින ප‍්‍රකාශ නිකුත් කරන ‘කිතු හ`ඩ’ කතෝලික දහම රැුකගැනීමේ ව්‍යාපාරය නම් කතෝලික සංවිධානය මෙම කරුණ සම්බන්ධයෙන් මුනිවත රකින්නේ අගරදගුරුතුමන් කළ දේ අනුමත කරන නිසාද? නැතහොත් සභා නායකයින්ට බයෙන්ද?

සභාව මෙම දෙබිඩි පිළිවෙතින් මිදී මේ සම්බන්ධව ඇත්ත පිළිගෙන ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශයක් නිකුත් කළ යුතුය. ගරු ඩෙනින්ටන් සුබසිංහ පියතුමා මගින් බම්බලපිටිය දෙව් මැදුරේදී ලබා දුන්නේ ආශිර්වාද කිරීමක් පමණක්ය යන තක්කඩි නිල ප‍්‍රකාශ මගින් කතෝලික ජනතාවට මුසා පවසමින් කතෝලික ජනතාව හෑල්ලූවට ලක් නොකොට ඇත්ත ඇති සැටියට ප‍්‍රකාශ කර කතෝලික ජනයාගෙන් සභා නායකත්වය සමාව අයැදිය යුතුය. එමෙන්ම සාමාන්‍ය ජනතාවටද කතෝලික විවාහ නීති ලිහිල් කළ යුතුය.

ස්තුතියි
ජේසු පිහිටයි !

‘දිවැසිවරු’
කතෝලික ගිහි සංවිධානය

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29548,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රෝහිත-ටට්යානා පල්ලියේ විවාහය කතෝලික සම්ප‍්‍රදාය කඩලා කියා දේවධර්ම නිකේතනයේ මත ගැටුම්.. දිවැසිවරු විරුද්ද වෙති..
රෝහිත-ටට්යානා පල්ලියේ විවාහය කතෝලික සම්ප‍්‍රදාය කඩලා කියා දේවධර්ම නිකේතනයේ මත ගැටුම්.. දිවැසිවරු විරුද්ද වෙති..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg4fJvt9i6s91UBT0vH6ThiEsqie2gSdbkKgslydCLPkxUiu6NlQfxXtl_adubtpRchmT91mr1iBW9A-RlLRUBbJzaBDaH2sifPQMNOvxdV7NnOLqDOrGAwN0oThsHuwwVjN4QGeOxp_S8/s320/154546464.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg4fJvt9i6s91UBT0vH6ThiEsqie2gSdbkKgslydCLPkxUiu6NlQfxXtl_adubtpRchmT91mr1iBW9A-RlLRUBbJzaBDaH2sifPQMNOvxdV7NnOLqDOrGAwN0oThsHuwwVjN4QGeOxp_S8/s72-c/154546464.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_573.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_573.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy