ක්‍රීඩා අමාත්‍යංශයේ උපදේශකවරියක ලෙස කටයුතු කළ සුසන්තිකා ජයසිංහ මහත්මිය තමාගේ වැටුප් ලබාදීම අත්හිටුවීම හේතුවෙන් ඔලිම්පික් පදක්කම විකිණීමට ...
ක්‍රීඩා අමාත්‍යංශයේ උපදේශකවරියක ලෙස කටයුතු කළ සුසන්තිකා ජයසිංහ මහත්මිය තමාගේ වැටුප් ලබාදීම අත්හිටුවීම හේතුවෙන් ඔලිම්පික් පදක්කම විකිණීමට තීරණය කළ බවයි මීට පෙර ප්‍රකාශ කළේ. අප්‍රේල් මාසයේදී තමන්ට නියමිත වැටුප නොලැබුණු බවත් තමන්ගේ වැටප් ගෙවීම අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර ඇති බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
කෙසේ වෙතත් අද ජනාධිපති ලේකම් කාර්යාලය ඇයට දැනුම් දී ඇත්තේ ජනාධිපතිවරයා ඇයගේ ගැටලුව විසඳීමට මැදිහත් වන බවයි.
ක්‍රීඩා අමාත්‍යංශයයේ උපදේශකවරියක ලෙස ඇයට රුපියල් 80,000 ක පමණ වැටුපක් හිමිවූ අතර ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ ප්‍රකාශ කළේ ඇයගේ වැටුප් ගෙවීම අත්හිටුවා නැතත් වැටුප රුපියල් 60,000 දක්වා අඩු කිරීමට පමණක් කටයුතු කර ඇති බවයි.
COMMENTS