සුනඛයාගේ සම ඉතිරි වන්නට සියලුම රෝම හැලී යාමත් සමගම සුනඛයා ඉතා දුර්වර්ණ වී අවලක්ෂණ පැහැයක් ගනී. පසුව තුවාල ඇති වීමෙන් සැරවා වහනයත් සමග...
සුනඛයාගේ සම ඉතිරි වන්නට සියලුම රෝම හැලී යාමත් සමගම සුනඛයා ඉතා දුර්වර්ණ වී අවලක්ෂණ පැහැයක් ගනී. පසුව තුවාල ඇති වීමෙන් සැරවා වහනයත් සමග සුනඛ සිරුරෙන් විශාල දුගදක් හමයි.
නමුත් මේ පිළිබදව මහජන සෞඛ්‍ය පරික්ෂක අංශ හෝ පශු වෛද්‍ය කාර්යාල මගින් නිසි අවධානයක් ලක් නොකර ඇති බවට ජනතාව චෝදනා කරති.
පශු වෛද්‍ය නිළධාරීන් හා මහජන සෞඛ්‍ය පරික්ෂවරුන් පවසන්නේ මෙම රෝගය දීලීරයක් හා බැක්ටීරියාවක් ආසාදනය වීමෙන් මෙම රෝගය ඇති වන බවයි. එසේම මෙම රෝගය මහජනතාවට කිසිදු ආකාරයෙන් බලපෑමක් නොවෙන බවත්, රෝගයට ගොදුරුව ඇති සුනඛයින් පශු වෛද්‍ය කාර්යාල වෙත රැගෙන විත් නිසි එන්නත් ලබා ගැනීමෙන් මෙම රෝගය පාලනය කර ගත හැකි බවත්, මෙම රෝගය බහුලව ව්‍යාප්ත වී ඇත්තේ අයාලයේ යන සුනඛයින්ගෙන් බව කියයි.
කේ. ප්‍රියංකර - පුත්තලම
COMMENTS