ඒ අනුව වික්ටෝරියා ජලාශයේ පවත්නා ජල මට්ටම සිය සමස්ත ජල ධාරිතාවයෙන් සියයට 26.7 දක්වා අඩුවී තිබේ. කොත්මලේ ජලාශයේ සක්‍රීය ජල ධාරිතාව 38.8% දක...
ඒ අනුව වික්ටෝරියා ජලාශයේ පවත්නා ජල මට්ටම සිය සමස්ත ජල ධාරිතාවයෙන් සියයට 26.7 දක්වා අඩුවී තිබේ. කොත්මලේ ජලාශයේ සක්‍රීය ජල ධාරිතාව 38.8% දක්වා අඩුවී ඇති අතර රන්දෙණිගල ජලාශයේ මේ වන විට පවතින ජල ධාරිතාව 42% කි.
බෝවතැන්න ජලාශයේ පවතින ජල ධාරිතාව සමස්ත ජල ධාරිතාවයෙන් 39% කි.
විදුලි උත්පාදනය කිරීම සඳහා භවිතා කරන ජලාශවල ජල මට්ටම 25% දක්වා අඩුවූ විට විදුලි නිෂ්පාදනය අඩපන වන බවයි වාර්තා වන්නේ.
පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් කැලණි ජලාශ පද්ධතියට අයත් කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල සක්‍රීය ජල මට්ටම් පිළිවෙලින් සියයට පනහ සහ තිස්හය වශයෙන් පහළ බැස ඇතැයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ දත්ත සඳහන් කරයි. වලව ජලාශ පද්ධතියට අයත් සමනොළවැව හා උඩවලව ජලාශවල ජල මට්ටම ද අඩුවී ඇති බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
නුවර නදීක දයා බණ්ඩාර
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=3D3c6kHgJCs&feature=youtu.be[/youtube]
COMMENTS