දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
GSP බදු සහනය ලබා ගැනීම අවසන් විසදුම නොවේ - නිරෝෂන් පෙරේරා
Homeවිශේෂ පුවත්

GSP බදු සහනය ලබා ගැනීම අවසන් විසදුම නොවේ - නිරෝෂන් පෙරේරා

PropellerAds

ශ්‍රී ලංකාවට ලැබෙන GSP+ බදු සහන පිලිබඳ නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටී. රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහ...

මහගම සේකර ට මග හැරුනු කිසිවක් නැත ! - නලින්ද සංජීව ලියනගේ
සෝවියට් දේශයේ සංස්කෘතික ජීවිතය
තවත් රණවිරුවෙකු රහස් පොලිසියේ අත්අඩංගුවට!
GSP බදු සහනය ලබා ගැනීම අවසන් විසදුම නොවේ - නිරෝෂන් පෙරේරා

ශ්‍රී ලංකාවට ලැබෙන GSP+ බදු සහන පිලිබඳ නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටී. රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා නිකුත් කල එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

ශ්‍රී ලංකාව 2005 සිට 2010 දක්වා GSP+ බදු සහන ලාභියෙක් ලෙස කටයුතු කළා. එය ජාතියට අහිමි වන්නේ රාජපක්ෂ පාලනයේ අදුරදර්ශී ක්‍රියාකලාපය හේතුවෙන්. GSP+ අහිමි වීමෙන් වැසීගිය ඇගලුම් කර්මාන්තශාලා ප්‍රමාණය 200 කට අධිකයි. GSP+ බදු සහනයේ සැබෑ ආර්ථික ප්‍රතිලාභ අත්කර ගැනීමට නම් නිසි ක්‍රියාකාරී සැලැස්මක් අනුව කටයුතු කරමින් ඊට අදාල ව්‍යුහමය වෙනස්කම් සිදු කළ යුතුයි.

ගත වූ වසර 7 ක කාල සිමාව තුල අපිට අහිමි වූ රැකියා අවස්ථා නැවත ලබා ගැනීමට දැන් අවස්ථාව ලැබී තිබෙනවා. ආර්ථික ප්‍රතිලාභ  ළඟාකර ගැනීමේදී ගෝලීය ආර්ථික තත්ත්වය සහ නව ආර්ථික ප්‍රවණතා පිලිබඳ සංවේදී වීම අතිශය වැදගත්.

අනෙක් ප්‍රධාන කාරණය වන්නේ ආයෝජකයන්ට පවතින විකල්ප කෙරෙහි අවධානය යොමු කිරීමයි. ආර්ථික ක්‍රමවේද වෙනස් කිරීමේදී නිෂ්පාදන වියදම අවම කිරීම ද වැදගත්. එසේම ජල, විදුලි, දුරකථන ඇතුළු අනෙකුත් පිරිවැය පිලිබඳ සලකා බැලීමත් අත්‍යවශ්‍යයි. බදු ක්‍රමවේද සරල කිරීම, නීති රීති සරල කිරීම, ලියකියවිලි අවම කිරීම, අතරමැදියන් අවම කිරීම ආදී ක්‍රියා මාර්ග ගැනීම ඉතා වැදගත්. කලාපීය වශයෙන් ගත්කල ආයෝජන සහන වෙනත් රටවල සිදු කරන ආකාරය පිලිබඳ අප පුළුල් හා විධිමත් අධ්‍යයනයක් සිදු කල යුතුයි. එසේ නොවන්නේ නම් ආයෝජකයන් විකල්ප අවස්ථාවන්ට යොමු වී අපේ රටට ලැබෙන ආයෝජන වෙනත් පැත්තකට යොමු කිරීම වලකා ගත නොහැකියි.

කොතරම් දක්‍ෂ ක්‍රීඩකයෙක් වුවද තරගයකට යොමු වීමේදී හොඳින් සුදානම් විය යුතුයි. පෙර පුහුණුවීම් ද කල යුතුයි. ප්‍රතිවාදීන්ගේ දුර්වලතා හොදින් අධ්‍යයනය කිරීම ද වැදගත්.  GSP+ සහනය යථාර්ථයක් බවට පත්කර ගැනීමේදීත් එලෙසින්ම  හොඳ තරගයකට මුහුණ දීමට අප රටක් සහ රජයක් ලෙස සුදානම් විය යුතුයි. එසේ නොවුනහොත් GSP+ සහනයේ සැබෑ වාසිය අපිට ලබා ගත නොහැකි වනු ඇති. මෙහිදී මෙරට ශ්‍රම බලකාය මැනවින් ශක්තිමත් කිරීම, තාක්‍ෂණික දැනුමින් සන්නද්ධ කිරීම, තරගකාරී නිෂ්පාදන ක්‍රියාවලියකට හුරු කරවීම, ප්‍රමිතිගත ශ්‍රමිකයෙකු බවට පත්කර වැඩ ලෝකයේ ඉහලට යා හැකි ලෙස තරුණ තරුණියන් කුසලතා පුර්ණ පිරිසක් බවට පත් කිරීම ආදිය අනිවාර්යෙන් සිදු කල යුතුයි. එසේම මහපාරේ  කෑ මොර දෙන දේශපාලන අතකොලු බවට පත් නොවී රටේ සමස්ත තාරුණ්‍ය ජාතික වශයෙන් වැදගත් පිරිසක් බවට පත්වීමට මෙය අවස්ථාවක් කරගත යුතු  බවද රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29436,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: GSP බදු සහනය ලබා ගැනීම අවසන් විසදුම නොවේ - නිරෝෂන් පෙරේරා
GSP බදු සහනය ලබා ගැනීම අවසන් විසදුම නොවේ - නිරෝෂන් පෙරේරා
http://ift.tt/2qK56TY
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/gsp_21.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/gsp_21.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy