මෙම සමුළුව සඳහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රමුඛ නියෝජිත පිරිසක් සහභාගිවීමට නියමිත අතර මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යවරයා ජිනීවා නුවර ව...
හෙට සිට 31 වැනිදා දක්වා සමුළුව පැවැත්වීමට නියමිත අතර එහිදී රාජිත සේනාරත්න මහතා විශේෂ දේශනයක් ද පැවැත්වීමට නියමිතය. මීට අමතරව පොදුරාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය අමාත්‍ය සමුළුවද මීට සමගාමීව පැවැත්වෙන අතර එම සමුළුව ඇමතීමට ද අමාත්‍යවරයා සූදානමින් සිටී.
අවසන් වරට කොළඹදී පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවේදී සකස් කළ කොළඹ ප්‍රකාශනය මෙවර සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙවර ලෝක සෞඛ්‍ය සමුළුවේදී නව අධ්‍යක්ෂක ජනරාල්වරයෙකු පත්කිරීමට නියමිත අතර ඒ සඳහා පකිස්ථානය, ඉතියෝපියාව සහ මහා බ්‍රිතාන්‍යය සිය අපේක්ෂකයන් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව වත්මන් අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය මාග්‍රට් චෑන් මහත්මියගේ ධූරකාලය මෙම සමුළුවත් සමගින් අවසන් වේ.
COMMENTS