ඉන්දීය අගමැති රජීව් ගාන්ධි ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින රොබට් පියාස් නමැති එල්.ටී.ටී.ඊ. සාමාජිකයා තමන්ට මරණයට පත්වීමට ඉඩ ල...
වසර 26ක කාලයක් ඔහු බන්ධනාගාර ගතව සිටින බවයි එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
ශ්‍රී ලාංකේය දමිළ ජාතිකයෙකු වන ඔහු රජීව් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින එල්.ටී.ටී.ඊ සාමාජිකයන් 07 දෙනාගෙන් එක් අයෙක් වනවා.
තමාගේ දුක සැප බැලීමට තවදුරටත් තම ඥාතීන් බන්ධනාගාරයට නොපැමිණෙන බැවින් ජීවත්වීමේ බලාපොරොත්තුවක් නොමැති නිසා අනුකම්පා කර තමාව මරා දැමීම හෝ තමන්ට මරණයට පත්වීමට ඉඩ ලබාදෙන ලෙසයි මෙම හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයා තමිල්නාඩු ආණ්ඩුවෙන් ඉල්ලා ඇත්තේ.
1991 වසරේ මැයි 21 වැනිදා රජීව් ගාන්ධි හිටපු අගමැතිවරයා එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බකාරියක විසින් ඝාතනය කරනු ලැබුවා.
COMMENTS