සෙනාලි දිගට හරහට ටෙලිනාට්‍ය භාරගෙන වගෙයි? ඇත්තටම ඔව්. මට කරගන්න බැරි විදියට නිර්මාණවලට ආරාධනා ලැබුණා. මම හැමදාමත් එකකට එකක් වෙනස් විදිය...
ඇත්තටම ඔව්. මට කරගන්න බැරි විදියට නිර්මාණවලට ආරාධනා ලැබුණා. මම හැමදාමත් එකකට එකක් වෙනස් විදියේ චරිත හරහා ප්‍රේක්‌ෂකයන් අතරට යන්න උත්සාහ කරන රංගන ශිල්පිනියක් නිසා කාර්ය බහුල බව අමතක කරලා ඒවාට දායක වුණා.
ඒ දවස්‌වල කිව්වෙ සිනමාවෙන් තොර ලෝකයක් නැහැ කියලා නේද?
අදටත් මම සිනමාවට ගොඩක් කැමැතියි. ඒත් අපේ ලොකු නැන්දලාගේ කාලෙ වගේ අද චිත්‍රපට හැදෙනවා අඩුයිනෙ. ඒ අඩුව අද අපිට විශාල ලෙස බලපානවා. සිනමාවෙත් ටෙලිනාට්‍යවලත් අපි කරන්නෙ රඟපෑමනෙ. ඒ නිසා ඔය දෙකේම හොඳ නිර්මාණවලට දායක වීම තමයි මගේ බලාපොරොත්තුව.
දැන් දකින දකින නාලිකාවෙ පේන්න හිටියට ඉදිරියේදී සෙනාලි ව දකින්න නැති වෙයිද?
මම ක්‍ෂේත්‍රයට ඇවිත් තාම අවුරුදු 4 යි. ඒකෙනුත් අවුරුදු 3 ක්‌ම මාව රසිකයන්ට දකින්න ලැබුණෙ නෑ මම අධ්‍යාපන කටයුතු නිසා පිටරට හිටපු නිසා දැන් ඒ කටයතු අවසන් නිසා ලංකාවට ඇවිත් ඉන්න අතරතුර තමයි ආපහු කලා ජීවිතේට ඇතුල් වෙන්න අවස්‌ථාව ලැබිලා තියෙන්නෙ. දැනට නම් හිතෙන්නෙ නොපෙනී යන එකක් නෑ කියලා. ඒත් ඉතින් අනාගතේ කොහොම වෙයිද කියලා කාටද කියන්න පුළුවන්.
රන් මැණික ගැන මිනිස්‌සු මොකද කියන්නෙ.
ලැඛෙන ප්‍රතිචාරවලින් නම් පේන්නෙ ඒ චරිතයට හැමෝම වගේ ගොඩක් ආදරය කරනවා වගෙයි. ඇත්තටම ඒ ගැන සතුටුයි.
ඉහළ ප්‍රතිචාරත් එක්‌ක දිගටම ටෙලිනාට්‍යවල රැඬෙන්න බලාපොරොත්තුවක් තියනවා වගේ.
එහෙම බලාපොරොත්තුවක් නෑ. වැඩිපුර පේන්න ඉඳලා ජනප්‍රිය වෙනවට වඩා මට ඕන කරන්නෙ එකකට එකක් වෙනස් චරිතවලට පණ පොවලා විවිධ පැතිකඩ ඔස්‌සේ ගිහින් සාර්ථක රංගන ශිල්පිනියක් වෙන්නයි.
රන් මැණිකා චරිතයට මුලින් පණ දීපු උදාරිට වඩා ඔබට එම චරිතයට සාධාරණයක් කළ හැකිද?
මුලින්ම රන් මැණිකා ගැමි ගෙදරක ගැමි ළඳක්. එතනදී ඒ චරිතයේ ස්‌වභාවයට උදාරි අක්‌කා උපරිම සාධාරණයක් කළා. නැවත ඒ රන් මැණිකාම රජ වාසලේ රජ බිසවක් වෙනවා. මම පණ පොවන්නෙ දෙවෙනියට එන මේ රජ බිසවගේ චරිතයට. ඉතින් මම මේ චරිතයට උපරිම සාධාරණයක් කරන්න වෙහෙසනවා. මේකෙදී අපිව සන්දන්දනය කරන්න බැහැ.
යම් විදියකින් ඔබ උදාරිව අනුගමනය කළා කිව්වොත්
මම ඒක ප්‍රතික්‌ෂේප කරනවා. මොකද එකම චරිතයේ අවස්‌ථා දෙකක් තමයි අපි නිරූපණය කරන්නෙ. පළමු වැනි කොටසෙන් සෙනාලිට ගන්න දේකුත් නෑ. දෙවෙනි කොටසින් උදාරිට ගන්න දේකුත් නෑ.
ඔබ සම්බන්ධ වුණ අලූත්ම චිත්‍රපටය ගැනත් පුංචි විස්‌තරයක් කියමු නේද?
ඩාර්ක් 24 තමයි මම රඟපාන අලූත්ම චිත්‍රපටය. මේකෙ අපේ සමනලී අක්‌කිත් රඟපාන නිසා මට ඒ ගැන විශේෂයක් තියෙනවා. මට කරන්න තියෙන්නෙ යුරෝපයේ හැදෙන වැඩෙන වෙස්‌ටර්න් ටයිප් එකේ චරිතයක්.
හාරකෝටියේ ෂූටින්වලට ගිය සෙනාලිට ඔබේසේකරපුරේදී හරි හරි ප්‍රශ්න වුණාලූ නේද?
ඔව්. හරි හරි දේවල් වුණා හැබැයි නරකට නෙමෙයි හොඳට. ඒ ජනාකීර්ණ ප්‍රදේශයේ පුංචි ළමයි ගොඩ දෙනෙක් මගේ යාළුවෝ වුණා. වෙනස්‌ම විදියේ පරිසරයක් වුණත් මම හරිම සතුටින් එහි කාලය ගත කළේ. හරිම සංග්‍රහශීලී පිරිසක් තමයි එහේ ඉන්නෙ. තමන්ට තියෙන විදියට අච්චාරුවක් හරි හදලා අපට සංග්‍රහ කළා.
මොන දේ කළත් අම්මා පිටිපස්‌සෙන්මයි නේද?
අනිවාර්යයෙන්ම අම්මි තමයි මගේ බොඩි ගාර්ඩ් වගේම ඛෙස්‌ට් ෙද්‍ය්‍රන්ඩ්. ඒක නිසානෙ එයා මගේ තාත්තිවත් එංගලන්තයෙ තනියම තියලා ලංකාවට ඇවිත් මාව පණ වගේ රැක බලා ගන්නෙ. එහේ හිටියට තාත්තිත් ඒ විදියම තමයි.
මේ කතා බහේදී සෙනාලිගෙ ආදර ලෝකෙ ගැනත් කතා නොකළහොත් ඒක අඩුපාඩුවක් වේවි නේද?
මට නම් හිතෙන්නෙ නෑ එහෙම ලොකු අඩුපාඩුවක් වෙයි කියලා.
ඔය හදන්නෙ ආදර කතාව ගැන නොකිය පැනලා යන්න නේද?
අනේ නෑ. ඕන දෙයක් අහන්න. ඒත් ඉතින් මට කියන්න තරම් ආදර කතාවක් නෑ. මම ආදරේ මැද හැදුන ආදරේට ආදරේ කරන චරිතයක්. ලැඛෙන අවංක ආදරයක් හමුවේ ඕන දෙයක් කරන්නත් මට පුළුවන්. හැබැයි එහෙමයි කියලා මම ඒ ආදරය හොයාගෙන යන කෙනෙකුත් නෙමෙයි. දෛවයට අනුව මට ලැඛෙන ආදරය පිළි අරන් ඒ ආදරයට ආදරය කරනවා.
මෑතකදී ජනප්‍රිය චරිතයක් විවාහ යෝජනාවක් ගෙනාව කියන්නෙ ඇත්තද?
යෝජනාවක් නෙමෙයි යෝජනා තොග ගණන් ලැඛෙනවා. මොකද අම්මියි තාත්තියි නිතරම කියනවනෙ දැන් මාව බන්දලා දෙන්න ඕන කියලා. ඒත් ඉතින් තාම නම් මට පිළිගන්න පුළුවන් විදියේ යෝජනාවක් කවුරුත් ඉදිරිපත් කළේ නෑ.
පවුලේ එකම දුවට කවදාවත් සම්බන්ධයක් ඇති කරගන්න බැරි වෙයි වගේ
අනේ නෑ. මම ආදරයක් හොයා ගත්තොත් ඒ ගැන හොයලා බලලා හොඳ නම් අම්මියි තාත්තියි කැමැති වේවි. මොකද මං හොයා ගත්තොත් එයා කවදාවත් මගේ දෙමව්පියන්ට බෑණා කෙනෙක් වෙන්න බෑ පුතෙක් වෙනවා මිසක. හැබැයි යෝජනාවකින් ආවත් මං එයාට ඒක කියලයි කැමැති වෙන්නෙ.
චී ධම්මික හේවාවසම්
COMMENTS