වජිර පාරේ උඩුකුරුඤ්ඤං වුණ 15 හැවිරිදි කොටිපති පුතා එළවූ මර්සිඩීස් බෙන්ස් එක පෙරේදා 26 සවස කොළඹ තුන්මුල්ල ප්‍රදේශයේ සිට වේගයෙන් ධාවනය ...
වජිර පාරේ උඩුකුරුඤ්ඤං වුණ
15 හැවිරිදි කොටිපති පුතා එළවූ
මර්සිඩීස් බෙන්ස් එක
පෙරේදා 26 සවස කොළඹ තුන්මුල්ල ප්‍රදේශයේ සිට වේගයෙන් ධාවනය කරමින් ආ මර්සිඩිස් බෙන්ස් රථයක් දකුණු පසට වංගුව ගෙන වජිර පාරට එම වේගයෙන්ම හැරවීමට යාමෙන් වේගය ඔරොත්තු නොදී ලිස්සා ගොස් වජිර පාරේ පදික වේදිකාව හා පාර අසළ උඩුකුරුඤ්ඤංවී නතරවී තිබුණි.
වාසනාවට එම අවස්ථාවේ පාරේ එම කොටසේ කිසිවෙකු නොසිටියෙන් පදිකයින්ට හානියක් වූයේ නැත.
උඩයට මාරුවූ රියදුරු අසුනෙන් බැස එළියට ආවේ යංතං වයස 15 පිරුණ
පාසල් සිසුවෙකි.
ඔහුට තුවාල නොතිබුණ අතර අසළ මාර්ග සංඥා නියාමනයට භාරව යොදා තිබුණ පොලිස් නිලධාරීන් මෙම අපරීක්සාකාරී ධාවනය සිදු කළ රියදුරු පරීක්ෂාවට පැමිණ තිබුණි.
එම අවස්ථාවේ ඔවුන් පුදුමයට පත් කරමින් මෙම සිසුවාට වයස 15 ක් බව හා රියදුරු බලපතක් නොමැති බව අනාවරණය විය. තාත්තා ගෙනා අලුත්ම බෙන්ස් එක පදින්න ආසාවට තමා එය වේගයෙන් පැදවූ බව ඔහු පොලිසියට කියා තිබුනේ සිනාසීගෙනය.
එම අවස්ථාවේ තමාට නැවත ිනවසට යන්න ඕනෑ බව මෙම සිසුවා පවසා ඇත්තේ නීති රීති ගැනද අවබෝධයකින් තොරවයි. අපරීක්ෂාකාරී ධාවනය හා බලපතක් නොමැතිව රිය ධාවන නිසා අත්අඩංගුවට ගන්නට සිදුවන බව පොලිසිය ඔහුට දැන්වූ පසු ඔහු කලබලවී වටේටම කෝල් කර තිබේ.
තොරතෝංචියක් නැතිව ඇමතිවරුන් ප්‍රභූවරුන් කුරුඳුවත්ත පොලිසියට හා මෙම නිලධාරීන් ඇමතුම් දී ඇති බව පැවසේ.
නමුත් රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍යතා නොසැපිරු වයස අවුරුදු පහලොවක බාල වයස්කරුවා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබු අතර ඔහුගේ දෙමාපියන් පොලිසියට පැමිණ අධිකරණයට ඉදිරිපත් කරන්නට පොරොන්දු දීමෙන් පසු පොලිස් ඇප මත පැය කිහිපයකින් නිදහස් ව තිබෙයි.
මෙම ව්‍යාපාරිකයා කවුද යන්න ගැන තොරතුරු පොලිසිය මගින් හෙළි කර තිබුනේ නැත.
CAW 5445 අංකයෙන් ලියාපදිංචිවී තිබුණ මෙම මර්සිඩීස් වර්ගයේ බෙන්ස් රථය 2017 නිෂ්පාදිත අලුත්ම එකක් බවත් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ලීසිං පදනමින් ලබාගත් එක්ක බවත් තොරතුරු මේ වනවිට හෙළීව තිබේ.
Pix Courtesy By -Dailymirror.lk
COMMENTS