දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගහට ගහක් මොරටුවේදී නොව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී මුණ ගැසෙයි !
Homeවිශේෂ පුවත්

ගහට ගහක් මොරටුවේදී නොව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී මුණ ගැසෙයි !

PropellerAds

එදා වෙනිග්‍රොස් කර්මාන්තශාලවේ අපද්‍රව්‍ය අනිසි ලෙස බැහැර කිරීම හේතුවෙන් රතුපස්වල ප්‍රදේශයේ පානීය ජලය අපවිත්‍ර වන බව කියමින් වැලිවේරිය නගර...

නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් එපා, මහ නාහිමිවරු අවධාරණය කරති
'රාජපක්ෂලා ආයෙ බලයට ආවොත් යූඇන්පී එකට කිසිම ප්‍රශ්නයක් නෑ' - ජනාධිපති
ගුරු හිඟවැටුප් හා උසස්වීම් වසර 3 ක් තිස්සේ ගෙවා නෑ - ලංකා ගුරු සංගමය
ගහට ගහක් මොරටුවේදී නොව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී මුණ ගැසෙයි !

එදා වෙනිග්‍රොස් කර්මාන්තශාලවේ අපද්‍රව්‍ය අනිසි ලෙස බැහැර කිරීම හේතුවෙන් රතුපස්වල ප්‍රදේශයේ පානීය ජලය අපවිත්‍ර වන බව කියමින් වැලිවේරිය නගරයේ දී උද්ඝෝෂණය කළ ජනතාවට හමුදාව පන්න පන්නා පහර දෙමින් වෙඩි තැබුවේ ප්‍රදේශය ම මහත් භීෂණයක ගිල්ලවමිනි. ඒ මොහොතේ එවකට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙහි මහේස්ත්‍රාත්වරයා ද එතැනින් ගමන් කිරීම සඳහා තම මෝටර් රථයෙන් පැමිණ ඇත. එහිදී හමුදාව විසින් ඔහුව නවත්වා ඇති අතර ඔහු තමන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා බව ප්‍රකාශ කර තිබේ. "මම මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්. මට යන්න දෙන්න"යි කියද්දීම එතැන සිටි හමුදා සෙබළෙකු විසින් ඔහුව බෙල්ලෙන් අල්ලා තල්ලු කර දමා තිබේ.

සාමාන්‍ය සෙබළෙකුට නඩුකාරවරයෙකුගේ බෙල්ලෙන් අල්ලා තල්ලු කර දමන්නට තරම් හයියක් ලැබෙන්නේ කොහින්ද ? මහේස්ත්‍රාත්වරයකුට සමාජයෙහි ඇති පිළිගැනීම සහ මහේස්ත්‍රාත්වරයකුට හිමි බලතල පිළිබඳව අංශුමාත්‍රයක හෝ දැනුමක් ඇති අයකුට මෙය මහත් විමතියට කරුණක් විය යුතුය. එහෙත් ඒ රාජපක්ෂ අවනීතිය රජකළ යුගයයි. මේ සිදුවීමෙන් පෙනී යන්නේ රාජපක්ෂලාගේ රාජ ඌෂ්ණයේ තරමයි. එකී රාජ ඌෂ්ණය වැදුණු සාමාන්‍ය සෙබළෙක් දකුණේ දී ප්‍රසිද්ධියේ මහේස්ත්‍රාත්වරයකු සම්බන්ධයෙන් හැසිරුණු ආකාරය මෙය නම් එකී සෙබළුන් උතුරේ දී සාමාන්‍ය දෙමළ ජනතාව කෙරෙහි කවර ආකාරයෙන් හැසිරෙන්නට ඇත්දැයි වටහා ගැනීම අපහසු නැත.

එසේම එදා සාමාන්‍ය සෙබළෙකුගේ රාජ ඌෂ්ණය එතරම් නම් රතුපස්වල ජනතාවට එරෙහි එම නීච ප්‍රහාරයට අණ දුන් බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධනගේ රාජ ඌෂ්ණය කෙතරම් වන්නට ඇත්ද ? ඊටත් ඉහළින් හිඳිමින් එකී නීච ප්‍රහාරයට බ්‍රිගේඩියර්වරයා ඇතුළු හමුදා ඛණ්ඩය යෙදවූ ගෝටාබය රාජපක්ෂගේ රාජ ඌෂ්ණය කෙබඳු වන්නට ඇත්ද ? සමහරුන් අදටත් සුදු හුණු උලන්නට තැත් කරන්නේ එසේ බලයෙන් උමතු වී සිටි නීචයින්ටය.

කෙසේ වෙතත් රතුපස්වල මිනීමරු ප්‍රහාරය සම්බන්ධයෙන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගනු ලැබූ බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධනව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයෙහි දී ඉදිරිපත් කෙරුණේ එදා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ලෙසින් හිඳිමින් වැලිවේරියේදී බෙල්ලෙන් අල්ලා තල්ලු කරනු ලැබුණු D.A. රුවන්පතිරණ මහේස්ත්‍රාත්වරයා හමුවට මය. සමහරුන් විසින් දෛවයේ සරදම් ලෙස හඳුවන්නේ මෙවැනි සිදුවීම්දැයි අප දන්නේ නැත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29585,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගහට ගහක් මොරටුවේදී නොව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී මුණ ගැසෙයි !
ගහට ගහක් මොරටුවේදී නොව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී මුණ ගැසෙයි !
http://ift.tt/2rlgXLo
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_891.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_891.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy