ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් හා සංඝ සභා නියෝජිත නාහිමිවරුන්ගේ සහභාගීත්වයෙන් අද මහනුවර අස්ගිරිය ශ්‍රී චන්ද්‍රානන්ද ශාලාවේදී විශේෂ සංඝ සමුළු...
ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් හා සංඝ සභා නියෝජිත නාහිමිවරුන්ගේ සහභාගීත්වයෙන් අද මහනුවර අස්ගිරිය ශ්‍රී චන්ද්‍රානන්ද ශාලාවේදී විශේෂ සංඝ සමුළුවක් පැවැත්වූ අතර එහිදී ව්‍යවස්ථාව ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ තිබේ. මෙම එකඟ වූ කරුණු ලබන 6 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරපත් කිරීමට නියමිතය.
මේ මොහොතේ රටට ව්‍යවස්ථා වෙනසක් අවශ්‍ය නොවන බවයි සියලු නාහිමිවරුන් ඒකමතිකව සම්මත කරගෙන ඇත්තේ. මීට අමතරව සයිටම් ආයතනය සම්බන්ධ ගැටලුව කඩිනමි විසඳිය යුතු බවට යෝජනා වී ඇති අතර අතුරුදන්වූවන් පිළිබඳ පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට නියමිත පනත කල් දැමිය යුතු බවට ද යෝජනා වී ඇත.
රටතුළ වර්තමානයේ පවතින ජාතික හා ආගමික ගැටුම්කාරී තත්වය සම්බන්ධයෙන් හා පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ආගමික ස්ථාන ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් ද මෙම සංඝ සමුළුවේදී අවධානය යොමුකර තිබේ.
COMMENTS