සේවා ව්‍යවස්ථාව නිකුත් වී මේ වන විට වසර 3 ක ට වැඩි කාලයක් ගෙවී ගොස් තිබියදීත් දෙලක්ෂ තිස් පන්දහසක් පමණ වන ගුරුවරුන්ගෙන් විශාල පිරිසකට මේ ...
සේවා ව්‍යවස්ථාව නිකුත් වී මේ වන විට වසර 3 ක ට වැඩි කාලයක් ගෙවී ගොස් තිබියදීත් දෙලක්ෂ තිස් පන්දහසක් පමණ වන ගුරුවරුන්ගෙන් විශාල පිරිසකට මේ දක්වා උසස්වීම් සකස් කොට හිඟ වැටුප් ගෙවා නැත. දැනට සකස් කර ඇති උසස්වීම් සඳහා හිඟ වැටුප් ගෙවීමට පමණක් මිලියන 10,000 කට වැඩි මුදලක් අවශ්‍යව ඇතත් එම මුදල ද මේ වන තෙක් කලාප අධ්‍යාපන කාර්යාලවලට ලබාදීමට කටයුතු කර නැත. ගුරුවරුන්ගේ හිඟ වැටුප් ගෙවීමට මුදල් වෙන් කර ඇති බව අධ්‍යාපන ඇමතිවරයා අවස්ථා කිහිපයදීම පැවසුවත් එම ප‍්‍රකාශ මේ වන විට මුසාවක් බවට පත්වී ඇත. එසේම 2017 අයවැයෙන් ද ගුරු හිඟ වැටුප් ගෙවීමට මුදල් වෙන් කර ඇති බව ප‍්‍රකාශ වුවද ඒවා ප‍්‍රකාශවලට පමණක් සීමා වී ඇත.
බස්නාහිර පළාත ඇතුළු පළාත් ගණනාවක 2008.07.01 දිනනේ පසු පත්වීම් ලබාගත් ගුරුවරුන්ගේ වැටුප් හා උසස්වීම නව සේවා ව්‍යවස්ථාවට අනුව සැකසීමට අවශ්‍ය පියවර ගෙන නොමැති අතර, ඒ නිසාම මේ වන තෙක් රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ 3/2016 අනුව වැටුප් සැකසීම ද සිදුව නැත.
සේවා ව්‍යවස්ථාව නිකුත් කිරීමේදීම ගුරුවරුන්ගේ වසර දෙකක හිඟ වැටුප කොල්ල කා ඇති අතර ඉතිරි හිඟ වැටුප හා උසස්වීම් ද මෙසේ වසර ගණන් ප‍්‍රමාද කිරීමෙන් ගුරුවරුන්ට බරපතල අසාධාරණයක් හා පාඩුවක් සිදු වී ඇත. මෙසේ ගුරු උසස්වීම් සැකසීම හා හිඟවැටුප් ගෙවීම තවදුරටත් ප‍්‍රමාද වන්නේ නම් සියලූ ගුරවරුන්ගේ සහභාගීත්වයෙන් දැඩි කි‍්‍රයාමාර්ගයකට යොමුවීමට කටයුතු කරන බව ලංකා ගුරු සංගමය අධ්‍යාපන බලධාරීන්ට අවධාරණය කර සිටී.
COMMENTS