2017 වසරේ පළමු මාස 4 තුළ ඉන්දීය තොරතුරු කොමිසම හමුවට අභියාචනා 19,152 ක් විමසා බලා තිබිණි. එයින් 40% ක් පමණ, එනම් අභියාචනා 7,268 ක් පමණ එය...
2017 වසරේ පළමු මාස 4 තුළ ඉන්දීය තොරතුරු කොමිසම හමුවට අභියාචනා 19,152 ක් විමසා බලා තිබිණි. එයින් 40% ක් පමණ, එනම් අභියාචනා 7,268 ක් පමණ එය විසින් ආපසු හරවා යවා ඇත. අප්‍රේල් මාසය පමණක් සැලකූ විට ඉන්දීය තොරතුරු කොමිසම වෙත අභියාචන 2,776 ක් ලැබී තිබිණි. ඒ මාසය තුළ ඔවුන් විසින් හරවා යැවූ තොරතුරු අභියාචනා ගණන 4,109 කි. CIC වෙබ් අඩවියට අනුව අප්‍රේල් මාසය තුළ කොමිසම විසින් ලියාපදිංචි කළ පැමිණිලිවලින් ද 58% ක් හරවා යවා තිබේ. තොරතුරු අයිතිය පිළිබඳ ක්‍රියාධරයන් විසින් මේ නව පරිචය පිළිබඳ අප්‍රසාදය සහ සැකය පහළ කර ඇත.
RTI ක්‍රියාකාරිකයෙකු වන ලෝකේෂ් බත්‍රා මෙසේ පවසයි. ''මෙය කොමිෂන් සභාවේ වැඩ කල් යාම සහ වැඩ ගොඩගැසීම කෘත්‍රිම ලෙස අඩු කිරීමට ගන්නා ලද උත්සාහයක් වගේ පේනවා. එය ප්‍රතිශතයක් වශයෙන් ගත්විට 3000 ක් වැනි ඉතා ඉහළ අගයක්.''
මාසය ලියාපදිංචි කළ සිද්ධි ආපසු හරවා යැවූ සිද්ධි හරවා යැවූ ප්‍රතිශතය
ජනවාරි 2845 1016 26.27%
පෙබරවාරි 3912 1517 27.67%
මාර්තු 1986 626 23.18%
අප්‍රේල් 2776 4109 57.86%
මේ දක්වා පැවති පරිචය තුළ ඉන්දීය තොරතුරු කොමිසම විසින් අභියාචනා ලියාපදිංචි කරගැනීමේදී පරීක්ෂණයට පෙර, අදාළ ලියකියවිලිවල යම්කිසි ඌනතාවක් වේ නම් එය නිවැරදි කර ගැනීම සඳහා ය. නමුත් මේ වන විට පෙනෙන්නට තිබෙන්නේ 2012 වසරේ ප්‍රකාශයට පත් කළ ඉන්දීය තොරතුරු අයිතිය පිළිබඳ රීතිවල 9 වන රීතිය හෙවත් 'අභියාචනයක් ආපසු හරවා යැවීම' පිළිබඳ රීතිය කොමිෂන් සභාව විසින් බහුල ලෙස ක්‍රියාවේ යොදවන බවයි. මෙම රීතිය, එතරම් ප්‍රකට රීතියක් නොවන අතර, මීට පෙර බහුල වශයෙන් ප්‍රායෝගිකව ඔවුන් විසින් යොදාගත් රීතියක් ද නොවේ.
කෙසේ නමුත් එසේ ආපසු හරවා යැවීම අනිවාර්යයෙන් කළ යුත්තක් ද නොවේ. ප්‍රධාන තොරතුරු කොමසාරිස් වන ආර්.කේ. මතූර් සඳහන් කරන්නේ ''සියලු අනිවාර්ය ලිපිලේඛනවලින් සමන්විත වන තෙක් එය ඇපෑලක් (අභියාචනයක්) නොවෙයි. ඒක නෛතික ගැටලුවක්. කොමිෂන් සභාව වෙත එය එව්වත් ලියාපදිංචි කර ගන්නට නොහැකි වීම තුළින් කිසිවක් සිදුවන්නේ නැහැ. එවිට එය අසම්පූර්ණ ඇපෑලක් පමණයි.''
ඉන්දියාවේ තොරතුරු අයිතිය පිළිබඳ ස්වාධීන තත්ව සහ විශ්ලේෂණ පර්යේෂණ ආයතනයක් වශයෙන් සැලකෙන රාග් (Raag) සහ සටාක් නග්රික් සංගතන් හි පර්යේෂණවලින් හෙළි වී තිබෙන්නේ තොරතුරු ඉල්ලීම්වලින් 5% ක් පමණක් තොරතුරු කොමිෂන් සභාව වෙත ළඟා වන බවයි. ජනතාවගේ තොරතුරු අයිතිය පිළිබඳ ජාතික ව්‍යාපාරයේ අංජලී භාරද්වාජ් මෙසේ පවසයි. ''ඒකෙන් අදහස් වන්නෙ නෑ, ඉතිරි සියේට 95 ට නීත්‍යානුකූල තොරතුරු ලැබෙනවා කියලා. පර්යේෂණවලින් පෙන්වා දෙන ආකාරයට කොමිෂන් සභාව වෙත යන්නට පුරවැසියන්ට සහයෝගය දක්වන හෝ ඔවුන්ව පොළඹවන තත්වයක් රට තුළ නැහැ. තොරතුරු කොමිෂන් සභාව ක්‍රියා කළ යුත්තේ ජනතාවගේ තොරතුරු අයිතිය ලබාදීමට පහසුකම් සලසන්නෙක් ලෙස මිසක් නිලධාරීවාදය ඉස්මතු කරමින් නොවෙයි.''
-ටයිම්ස් ඔෆ් ඉන්ඩියා
නිධී ෂර්මා, නවදිල්ලියේ සිට
COMMENTS