මීරියබැද්ද නායේ යෑමෙන් පසු ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් ලබා දුන් වාර්තාවට අනුව එම නායේ යෑම් අවධානම පිළිබඳ අනාවරණ වී ඇති බවයි විද්...
මීරියබැද්ද නායේ යෑමෙන් පසු ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් ලබා දුන් වාර්තාවට අනුව එම නායේ යෑම් අවධානම පිළිබඳ අනාවරණ වී ඇති බවයි විද්‍යාරත්න මහතා පෙන්වා දෙන්නේ.එලෙස නායේ යා හැකි කඳු පන්ති පාමුල අදටත් ජනතාව ජීවත් වන බවත් ජනතාව එම අවධානම් කලාප වලින් ඉවත් කිරීමට රජය කිසිදු වැඩපිළිවෙලක් අනුගමනය නොකරන බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් එම වාර්තාව නිකුත් කර ඇත්තේ 2015 වර්ෂයේදීය.
පසුගියදා කළුතර,ගාල්ල,මාතර,රත්නපුර යන දිස්ත්‍රික්ක වල වාර්තා වූ ගං වතුර හා නායේ යෑම් ආපදාවන්ට පෙර නිලධාරීන් සාකච්ජාවක් පවත්වා ඇති බවත් එහිදී කාලගුණ දෙපාර්තමේන්තුව විසින් මහවැසි වැටීමට නියමිත කලාප පිළිබඳ දැනුවත් කර ඇති නමුත් කිසිදු මෙහෙයුම් සැලැස්මක් නොතිබූ නිසා අවාසනාවන්ත ලෙස මිනිසුන් ජිවිත වලින් වන්දි ගෙවූ බව සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කළේය.
රජයේ ආපදා කළමනාකරණ ඒකකයේ පවත්නා දුර්වලතාව සන්නිවේදන පහසුකම් බිද වැටීමෙන්ම පැහැදිලි වූ බවයි හෙතෙම සඳහන් කළේ.
ආශිකා බ්‍රාහ්මණ
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=hjhepJ1rIpU[/youtube]
COMMENTS