මේ මොහොතේ තත්ත්වය මෙසේ වනවිට පෙර පුවත් පළ වූයේ යෝජිත කැබිනට් සංශෝධනයට අගමැතිවරයාද එකඟතාව පළ කර ඇති බවයි.දැනගන්නට ඇති පරිදි ආණ්ඩුවේ ශ්‍රී...
මේ මොහොතේ තත්ත්වය මෙසේ වනවිට පෙර පුවත් පළ වූයේ යෝජිත කැබිනට් සංශෝධනයට අගමැතිවරයාද එකඟතාව පළ කර ඇති බවයි.දැනගන්නට ඇති පරිදි ආණ්ඩුවේ ශ්‍රීලනිප කණ්ඩායමේ බලපෑමට ජනාධිපතිවරයා යටත්ව සිටින අතර ඊට එජාපයේ දැඩි අප්‍රසාදය පළ වෙමින් තිබේ.මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කිරීමටත් ඉන් නොනැවතී හවුල් ආණ්ඩුවක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය දැක්වූ නම්‍යශීලිත්වය ආණ්ඩුව පිහිටුවා වසර දෙකක් ඉක්මවා යාමටත් ප්‍රථම අමතක වී ඇතැයි එජාපයේ ප්‍රබලයන් කිහිප දෙනෙකු ජනාධිපතිවරයාට දොස් නඟා ඇති බවද වාර්තා විය.
කැබිනට් සංශෝධනය කරන තෙක් කැබිනට් හමුව අත්හිටුවිමටද ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ආරංචි මාර්ග තහවුරු කළ අතර එය ආණ්ඩුවේ ශ්‍රීලනිප කණ්ඩායමේ යෝජනාවක් මත ගෙන ඇති බවද වැඩිදුරටත් වාර්තා විය.
COMMENTS