කැබිනට් සංශෝධනය පිළිබඳ එක්සත් ජාතික පක්ෂය මුලින් අකමැත්ත ප්‍රකාශ කර තිබුනද මේ වන විට ඔවුන්ගේ ස්ථාවරයද වෙනස් වී ඇති බව පැවසූ දේවප්‍රිය මහත...
කැබිනට් සංශෝධනය පිළිබඳ එක්සත් ජාතික පක්ෂය මුලින් අකමැත්ත ප්‍රකාශ කර තිබුනද මේ වන විට ඔවුන්ගේ ස්ථාවරයද වෙනස් වී ඇති බව පැවසූ දේවප්‍රිය මහතා අවධාරණය කළේ වත්මන් ආණ්ඩුවේ ඇතැම් කාරණා සම්බන්ධයෙන් ජනතාවද අසතුටෙන් සිටින බවයි.
මේ අතර බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන ජනාධිපති කොමිසමේ විනිසුරන්ගේ හා සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ මැදිහත්වීමක් කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇතත් ඒ පිලිබඳ සලකා බලා නොමැති බවට මාධ්‍ය වාර්තා පළකර ඇති නිසා ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙස ප්‍රධාන අමාත්‍යවරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.
පසුගිය දිනෙක ජනාධිපතිවරයා හා මහ ඇමතිවරුන් අතර පැවති සාකච්ඡාවේදී පළාත් පාලන මැතිවරණය ගැන ජනාධිපතිවරයා අදහස් පලකළ බවද ඉසුර දේවප්‍රිය මහතා පැවසීය. තවදුරටත් එම මැතිවරණය කල් දැමීමට අවශ්‍ය නොවන බවත් මෙම වසරේදී මැතිවරණය පැවැත්වීමට කටයුතු යොදන බවත් ජනාධිපතිවරයා පැවසූ බවයි හෙතෙම කියා සිටියේ.
නිශාන්ත ප්‍රියදර්ශන
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=Rj9UIpbyqdk&feature=youtu.be[/youtube]
COMMENTS