ඉදිරි දින කිහිපය තුලදී කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් එකඟ...
ඉදිරි දින කිහිපය තුලදී කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් එකඟතාවකට පැමිණ ඇති අතර එහිදී ප්‍රබල ඇමැතිවරයකුගේ තනතුරේ වෙනසක් සිදුවන බව අගමැති කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසිය.
ඒ අනුව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාට එම අමාත්‍යංශය අහිමිවීමට බොහෝදුරට ඉඩ ඇතැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.
මේ අතර මුදල් අමාත්‍යංශයේ ඊයේ (14) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී මාධ්‍යවේදියකු කල විමසීමකදී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුයේ, කැබිනට් මණ්ඩල සංශෝධනයක් ගැන තමා කිසිවක් නොදන්නා බවයි.
තමා ආර්ථිකය හරියාකාරව මෙහෙයවා තිබෙන බව පැවසු මුදල් ඇමැතිවරයා, කැබිනට් සංශෝධනයක් ගැන ප්‍රකාශ නිකුත් කරන්නන්ගෙන් වැඩි විස්තර අසාගන්නැයි කියා සිටියේය.
COMMENTS