දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විශේෂ අධිකරණය වහා පිහිටුවන්න.- කීර්ති තෙන්නකෝන්
Homeවිශේෂ පුවත්

විශේෂ අධිකරණය වහා පිහිටුවන්න.- කීර්ති තෙන්නකෝන්

PropellerAds

එම පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා රාජගිරිය දූෂණ විරෝධී පෙරමුණු කාර්යාලයේ  පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ එම විශේෂ අධිකරණය පිහිටුවා ...

ජනජීවිත යථා තත්වයට පත්කරන්න ජනපතිගෙන් උපදෙස්
රහස් පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ගෝඨා නිරුත්තර වේ!
ශ්‍රී ලංකාවේ මුස්ලිම්-විරෝධී ත්‍රස්තවාදයේ නව ආකෘතියක්: කළ යුත්තේ කුමක්ද? - ආචාර්ය ලක්සිරි ප්‍රනාන්දු
විශේෂ අධිකරණය වහා පිහිටුවන්න.- කීර්ති තෙන්නකෝන්

එම පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා රාජගිරිය දූෂණ විරෝධී පෙරමුණු කාර්යාලයේ  පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ එම විශේෂ අධිකරණය පිහිටුවා දැන්වත් මහා පරිමාන දූෂිතයින්, වංචාකරුවන්, අපරාධකරුවන්ට දඩුවම් කරන්නැයි තමන් ජනපති-අගමැති ප්‍රමුඛ යහපාලන ආණ්ඩුවට බල කරන බවයි.

එහිදී අදහස් දැක්වූ කීර්ති තෙන්නකෝන් මහතා

“යහපාලන රජය මුලින්ම මහා පරිමාණ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ලැසිල් ද සිල්වා ඉවත් කළා. අද ඒ කොමිසම බෝඩ් ලෑල්ලක් විතරයි. අල්ලස් කොමිසමේ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ඉල්ලා අස්වුණා. අපිත් විමර්ශන පරක්කු වෙනවා කියා ඇයට චෝදනා කළ අවස්ථා තිබුණා. නමුත්, වික්‍රමසිංහ මහත්මිය ගියාට පස්සේ අල්ලස් කොමිෂන් සභාව 'මහින්ද රාජපක්ෂ යුගයේ තිබුණු බෝඩ් ලෑලි කොමිෂන් සභාව' බවටම පත් වුණා. දැන් මහා පරිමාණ දුෂණ විමර්ශන ලේකම් කාර්යාලයට දුන්න පහසුකම් කප්පාදු කරමින් යනවා. තව ටික දවසකින් එයත් බෝඩ් ලෑල්ලක් විතරයි.

වංචා දුෂණ විමර්ශනය සඳහා තිබුණු සියලුම ව්‍යවස්ථාපිත ආයතන අද අඹරලා, මිරිකලා, තටු කපලා ඉවරයි. ඒවායේ තිබුණ ජීව ගුණය ඉවරයි. වංචා දුෂණ විමර්ශන නඩු ලිපි ගොනු අධිකරණයේ, නීතිපති ලඟ ගොඩගැහිලා. ඒවා එකක්වත් ඉදිරියට යන්නේ නෑ. මේ ආණ්ඩුව වංචා විමර්ශනය සඳහා විශේෂ අධිකරණයක් පිහිටුවනවා කිව්වා. දැන් ඒ යෝජනාව කැබිනට් මණ්ඩලයේ සම්මතවෙලා අවුරුදු දෙකකට වැඩියි. තවමත් ප්‍රමාද නෑ. මහින්දගේ ආණ්ඩුවෙත්, යහපාලන ආණ්ඩුවෙත් දෙකේම හොරු අල්ලන්න වංචා දුෂණ නඩු සඳහා විශේෂිත අධිකරණය පිහිටුවන්න. එහෙම නැතිව, ඊළග මැතිවරණයටත් හොරු අල්ලන්ඩ බලය දෙන්න කිය කියා ඡන්දේ ඉල්ලන්න ගියොත් යහපාලන ආණ්ඩුවේ මෛත්‍රී ටීම් එකටයි, රනිල් ටීම් එකටයි, ජවිපෙ ටීම් එකටයි තුන් ගොල්ලන්ටම ජනතාව මඩු වලිගෙන්ම ගහන බව ස්ථිරයි යැයි ද තෙන්නකෝන් මහතා පැවසීය.

අද හොර පොල් කඩන අය අල්ලනවා. කසිප්පු බීපු අය, විකුණන අය අල්ලනවා. නමුත්, සංවේදී ලේඛන හෙළි කරන මහ බැංකුවේ නිලධාරීන්, විගණන විමසුම් සගවා තබන නිලධාරීන් බැදුම්කර වංචාවට පහසුකම් සැපයූ මහ මොළය තවමත් දේශීය ණය අංශයේ ප්‍රධානියා ලෙස රස්සාව කරනවා. ලංකාවේ දූෂිතම අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩට ලබන සතියේ උසස්වීමක් ලැබෙනවාලු.

වංචා දුෂණ විමර්ශන ගැන අපිට තිබුණ බලාපෙරොත්තු අද එකින්එක බිඳවැටෙමින් තියෙනවා. බැඳුම්කර කොමිසම අදහන්නට බැරි තොරතුරු දිනපතා එළියට දානවා. නමුත්, මේ කොමිසම තවම එක බැඳුම්කරේක විමර්ශන විතරයි අත ගහලා තියෙන්නේ. දෙවැනි මහ බැඳුම්කරේට තවම අත තියලා වත් නෑ.

මහින්ද ආණ්ඩුවේ හොරුන්ට හැමදාම විමර්ශන විතරයි. ආණ්ඩුවට එකතු වූ දූෂිතයින් ගැන දැන් කථාවක් වත් නෑ. යහපාලන ආණ්ඩුවට රෙද්දක් ඇඳන් පාරට බහින්න ආසාවක් තියෙනවා නම් දැන්වත් රටට පොරොන්දු වුණ විශේෂ අධිකරණය පිහිටුවලා එදා හොරුත්-මෙදා හොරුත් එකම හිර ගෙදරට දක්කන්නට ඕනි යැයි ද කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.“

මහා පරිමාන වංචා විමර්ශණ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා, ලංකා බැංකු හිටපු සභාපති රැසිරුපාල තෙන්නකෝන්, පුජ්‍ය උලපනේ සුමංගල, නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණකුලසූරිය යන මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගි විය.

අශ්වරු

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29573,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විශේෂ අධිකරණය වහා පිහිටුවන්න.- කීර්ති තෙන්නකෝන්
විශේෂ අධිකරණය වහා පිහිටුවන්න.- කීර්ති තෙන්නකෝන්
http://ift.tt/2ryJ3yN
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_223.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_223.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy