දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ශ්‍රී ලංකාවේ මුස්ලිම්-විරෝධී ත්‍රස්තවාදයේ නව ආකෘතියක්: කළ යුත්තේ කුමක්ද? - ආචාර්ය ලක්සිරි ප්‍රනාන්දු

ඉහත සඳහන් ප්‍රහාරයන්ට කලින්, බොදුබල සේනාව සහ එහි නායක ගලගොඩඅත්තේ ඥානසාර විසින් ඒවාට උසිගැන්වීම් කළ යම් මාදිලියක් තිබේ. මුලින්ම ඔවුන්ගේ ...

ශ්‍රී ලංකාවේ මුස්ලිම්-විරෝධී ත්‍රස්තවාදයේ නව ආකෘතියක්: කළ යුත්තේ කුමක්ද? - ආචාර්ය ලක්සිරි ප්‍රනාන්දු



ඉහත සඳහන් ප්‍රහාරයන්ට කලින්, බොදුබල සේනාව සහ එහි නායක ගලගොඩඅත්තේ ඥානසාර විසින් ඒවාට උසිගැන්වීම් කළ යම් මාදිලියක් තිබේ. මුලින්ම ඔවුන්ගේ අවධානය යොමුව තිබුණේ අම්පාර දිස්ත්‍රික්කයේ ඉර්රාකමම් ප්‍රදේශය කෙරෙහි ය. ඒ අවට පෙදෙස්වල ඔවුන්ට පක්ෂපාතී අනුගාමික ශක්තියක් තිබුණි. එහෙත් ඉර්රාකමම් යනු මුස්ලිම් ජනතාව බහුතරයක් වෙසෙන ප්‍රදේශයකි. අධිකරණය හෝ වෙනත් නිල මාර්ගයකින් විසඳාගත හැකිව තිබූ ඉඩම් ආරාවුලක් ව්‍යාජ අවසරයක් වශයෙන් ගෙන එම ප්‍රදේශයේ වෙසෙන ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනුණි. ඒ, අප්‍රේල් මැද භාගයේ ය. එම ස්ථානය නැරඹීමට ගොස් ඇති ඥානසාර, මුස්ලිම් ජනතාව සහ ඔවුන්ගේ ආගමට එරෙහි ප්‍රකාශ ගණනාවක්ම එහිදී සිදු කොට තිබේ.

මේ මුස්ලිම් ප්‍රදේශයේම, ඔහුගේ අනුග්‍රහය යටතේ මැයි 10 වැනි දා වෙසක් උත්සවත් පවත්වා ඇත. මියන්මාරයේ සිට මුස්ලිම් සරණාගතයන් ලංකාවට පැමිණෙන බවටත්, එම ජනතාවට ඉඩම් අල්ලා ගැනීමට මේ පළාතේ මුස්ලිම් ජනතාව ආධාර කරන බවටත් ඔහු ප්‍රචාරයක් ගෙන ගියේ ද මේ කාලයේ ය. පොලොන්නරුවේ ඔනගම ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ඥානසාර එතැන රැඳී සිට තිබේ. ඔහු අල්ලා දෙවියන් වහන්සේ පිළිබඳ පරිහාසයෙන් කතා කිරීම තවත් අපරාධයකි. මේ සියලු සිදුවීම් පිළිබඳ පැහැදිළි සාක්ෂි තිබේ. බොදුබල සේනාව හැසිරී ඇත්තේ, අයි.එස්. ත්‍රස්තවාදයට ලංකාවට එන ලෙස ආරාධනා කිරීමට මෙනි.

සදාචාරමය වශයෙන් අජූවයි
බොදුබල සේනා ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාව වැනි බෞද්ධ රටක සිදුවීම සදාචාරමය වශයෙන් අජූව ය. පටු ‘වාර්ගික’ හෝ කල්ලිවාදී හේතු පෙරදැරිව වෙනත් ආගමකට පහර දීමටත්, වෙනත් ආගමකට එරෙහිව වෛරය වැපිරවීමටත් ප්‍රචාරකවාදීව බුද්ධාගම පාවිච්චි කරන ආකාරය සිතා ගැනීමත් දුෂ්කර ය.

ධර්මාශෝක සිය 12 වැනි රාජාඥාවේ නියම පත්කොට ඇති පරිදි, “සෑම ආගමකම මූලික ධර්මතා වර්ධනය විය යුතුය. මූලික ධර්මතා වර්ධනය විවිධාකාරයෙන් සිද්ධ විය හැකිය. එහෙත් ඒ හැම දෙයකම මූලය වශයෙන් පවතින්නේ, සම්මා වාචා ය. එනම්, යහපත් හේතුවකින් තොරව, තමන්ගේ ආගම වර්ණනා කිරීමත් වෙනත් ආගමක් ගර්හාවට ලක්කිරීමත් නොකළ යුතු බව ය. යම් විවේචනයකට හේතු ඇත්නම් එය කළ යුත්තේ මෘදු ආකාරයෙනි.”

ශ්‍රී ලංකාවේ සිදුවීම් සම්බන්ධයෙන් වඩාත් වැදගත් වන්නේ සහ අදාළ වන්නේ මෙයයි:
“මේ හේතුව නිසා වෙනත් ආගම්වලට ගරු කිරීම යහපති. එසේ කිරීමෙන් තමාගේ ආගම සේම වෙනත් ආගම් ද බැබළෙයි. එසේ නොකිරීමෙන් අනුන්ගේ ආගම් මෙන්ම තමාගේ ආගමත් පිරිහෙයි. අධික භක්තිය නිසා ‘මගේ ආගම උත්කර්ෂයට නැංවිය යුතු’ යැයි සිතා තමාගේ ආගම ගැන පාරම්බාන සහ අනෙක් ආගම් ගැන ගර්හාවෙන් කටයුතු කරන තැනැත්තා තමාගේ ආගමටත් හානි පමුණුවයි.”

ඥානසාරගේ අරමුණ ආගමික අරමුණකැ යි ගැනීම උගහට ය. ආගම් පිළිබඳ කිසි අර්ථවත් විවේචනයක යෙදෙනවා වෙනුවට ඔහු කරන්නේ අනිත් ආගම්වලට නිග්‍රහ කිරීම සහ පහර දීමයි. ඔහුගේ හැසිරීම ප්‍රචණ්ඩ ය. ඔහුට හෝ වෙනත් කෙනෙකුට ආගම් පිළිබඳ යම් විවේචනයක් ඇත්නම් එය කළ යුත්තේ සංයමයෙනි. අශෝක රජතුමා කීවා සේ, ‘යම් විවේචනයකට හේතු ඇත්නම් එය කළ යුත්තේ මෘදු ආකාරයෙනි.’ එහිදී ‘විවේචනයේ නිදහස’ අහිමි කෙරෙන්නේ නැත. එහෙත් එම විවේචනය වෙනත් ආගමක් ගැරහීම සඳහා නොවිය යුතුය. අවාසනාවකට ලංකාවේ බොහොමයක් දෙනා තුළ ඒ ගුණය දකින්ට නැත. මානව හිමිකම් ගැන කතා කළත් එසේමැයි. ‘විවේචනයේ නිදහස’ යනු මොන විදිහකින්වත් මුස්ලිම් කඩ සාප්පු ගිනි තැබීම හෝ මුස්ලිම් පල්ලිවලට පහර දීම හෝ නොවේ.

බොදුබල සේනා නියෝජිතයන් විසින් මානව හිමිකම් කොමිසම හමුවට ගොස් චෝදනා ඉදිරිපත් කොට තිබීම හාස්‍ය දනවන කාරණයකි. ඔවුන් එසේ කෙළේ ඔහුව අත්අඩංගුවට ගැනීමට එරෙහිව ගන්නා යම් පියවරක් වශයෙන් නම් ඔහු කළ යුතුව ඇත්තේ මහේස්ත්‍රාත්වරයෙකු ළඟට ගොස් භාර වීමයි. නීතියේ ආධිපත්‍යයට මුහුණදීමයි. ඇත්ත තත්වය වන්නේ, මේ දක්වා පොලීසිය ඇතුලු නීතිය ක්‍රියාවේ යොදවන බලධාරීන් ඥානසාර සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීමයි. මැයි 21 වැනි දා කුරුණෑගල ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ඔහු එම ස්ථානයේ සිට ඇති බවට වාර්තා වෙතත් පොලීසිය ඔහුව අත්අඩංගුවට ගෙන නැත.

ජාතික කාර්යභාරය
බොදුබල සේනාව සෘජුව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් පොලීසියේ ඉහළ නිලධාරීන් වගකිව යුතු වීමටත් පිළිවන. නොවීමටත් පිළිවන. එහෙත් සාමාන්‍ය මුස්ලිම් පොදු ජනතාව සහ ඔවුන්ගේ ව්‍යාපාර ගැන පැතිරෙන ප්‍රචාරක අගතීන් සහ දුර්මත විසින් ඔවුන්ව යම් ව්‍යාකූලත්වයකට පත්කොට තිබෙනවා හෝ ඔවුන් කෙරෙහි ඒ අගතීන් සහ දුර්මත බලපා තිබෙනවා විය යුතුය. බොහෝ කාලයක් තිස්සේ අප දැක ඇත්තේ එවැනි තත්වයකි. 20 වැනි සියවසේ මුල භාගයේ පියදාස සිරිසේනගේ නවකතා හරහා මේ අගතීන් ප්‍රචාරය කෙරුණි. 1970/80 කාලයේ පේරාදෙණියේ මගේ අසල්වැසියන් මේ මුස්ලිම්-විරෝධී අගතීන්වලට ගොදුරු වී සිටි සැටි මම අත්දැකීමෙන් දැක ඇත්තෙමි.

ඒ හා සමානවම, මගේ ළමා වියේදී, සිංහල බෞද්ධයන් සහ මුස්ලිම් ජාතිකයන් මොරටුව-හොරේතුඩුව ප්‍රදේශයේ සහයෝගයෙන් සහ සහෝදරත්වයෙන් වෙසෙන සැටිත් මා අත්දැක තිබේ. එබැවින් එය මිශ්‍ර තත්වයක් හෝ පැවති තත්වයක් උග්‍ර වීමක් හෝ විය හැකිය. සමහර මුස්ලිම් ජාතිකයන් තමන්ගේ ව්‍යාපාර කරගෙන යන ආකාරය සම්බන්ධයෙන් ඇතැම් සිංහල ව්‍යාපාරිකයන් තුළ නොරිස්සුම් සහගත ස්වභාවයක් ඇති කරනවා විය හැකිය. එහෙත් එය, ඔවුන්ගේ කඩසාප්පු සහ ව්‍යාපාරික ස්ථානවලට පහර දීමට හෝ ගිනි තැබීමට හේතුවක් නොවිය යුතුය. එසේම මේ තත්වයට හේතු වන්නේ, ලාභය සඳහා වන තරගය හෝ හුදු ඊර්ෂ්‍යාව වීමටත් පිළිවන.
නීතියේ ආධිපත්‍යය වැදගත් වන්නේ එවැනි තත්වයකයි. අනවබෝධය සහ අගතීන් ගැන පවා, දැනට ඉමහත් ප්‍රසිද්ධියක් ඇති ජාතික සංහිඳියා ප්‍රයත්නයන් සහ ඊට අදාළ වැඩ පිළිවෙලවල් තුළ සාකච්ඡාවට ගැනීම වැදගත් ය. එහිදී මුස්ලිම් ජාතිකයන්ටත් යම් කාර්ය භාරයක් පැවරෙයි.

එසේ නොමැතිව, ශ්‍රී ලංකාවට මේ විදිහට ඉදිරියට යාමට පුලුවන් කමක් නැත. 2014 ජුනි මාසයේ දී අළුත්ගමදී කරන ලද ප්‍රහාරයන්ගෙන් පසුව, 1915 සිංහල-මුස්ලිම් ගැටුමේ ශත සංවත්සරය 2015 දී පැවැත්වීමට බොදුබල සේනාව ලකලෑස්ති වන බව හැම පැත්තකින් පෙනෙන්ට තිබුණි. එම විනාශය වැළැකුණේ අලුත් ආණ්ඩුවක් යටතේ අලුත් දේශපාලන තත්වයක් ඇති වීම නිසා ය. එනිසා තත්වය කළමනාකරණය කර ගැනීමේ විශේෂ වගකීමක් වර්තමාන ආණ්ඩුවට තිබේ. එහෙත් අතීත ආණ්ඩුවේ කොටසක් වර්තමාන ආණ්ඩුවේ කොටසක් ද වීම, සමහර විට මේ ප්‍රශ්නයේ කොටසක් විය හැකිය.

පසුගිය අප්‍රේල් සහ මැයි මාසයේ ඇති වූ සිදුවීම් ජාතික ඒකාග්‍රතාවට සහ සංහිඳියාවට අනර්ථකාරී ය. එය පාලනය කළ යුත්තේ, ඇතැමුන් කියන පරිදි, යකඩ හස්තයකින් නොව, නීතියේ ආධිපත්‍යයෙනි. පක්ෂ දේශපාලනයෙන් එහා යන ජාතික සම්මුතියක් ඇති කරගත යුතු අතර සියලු පක්ෂ සහ කණ්ඩායම් හැකි තාක් ඒකරාශී කළ යුතුව තිබේ. කිසිම දේශපාලන පක්ෂයක් හෝ සංවිධානයක්, වර්තමාන බොදුබල සේනා සංවිධානයේ ක්‍රියාකාරකම් හෘද සාක්ෂියකට එකඟව අනුමත කරනු ඇතැයි සිතිය නොහැක. සියලු දේශපාලන පක්ෂවල ස්ථාවරය වන්නේ, එවැනි තත්වයක් පිටුදැකීම බව පැහැදිළි ය.

එබැවින් එම විභවය උපරිමයෙන් ප්‍රයෝජනයට ගත යුතුය. බොදුබල සේනාවේ නරුම ක්‍රියාකාරකම් අනුමත නොකරන පක්ෂ (වමේ) එකාබද්ධ විපක්ෂය තුළ පවා සිටී. එම බලවේගත් මේ තත්වයට එරෙහිව යොදාගත යුතුව තිබේ.

මේ දිනවල ජාතික ආරක්ෂාව පිළිබඳ බොහෝ කතාබහ කෙරේ. ජාතික ආරක්ෂාවට තිබෙන භයානකම තර්ජන වන්නේ, ජාතික වශයෙන් සේම ජාත්‍යන්තර වශයෙන් ද, රටේ පවතින ආගමික අසමගියයි. එම තත්වය සමහන් කර ගැනීමේ එල්ලය සහිත, පොදු එකඟත්වයක් ඇති කර ගැනීම අරමුණු කරගත්, විශේෂ පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍ය කෙරේ. ගංවතුර ආපදා කළමණාකරන කටයුතු තරමටම මේ කාරණයත් වැදගත් වන්නේය.

2017 ජුනි 1 වැනි දා ‘ඬේලි එෆ්.ටී.‘ පුවත්පතේ පළවූ A New Form of Anti-Muslim Terrorism in Sri Lanka: What is to be done? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය (දෙවැනි කොටස) ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29574,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රී ලංකාවේ මුස්ලිම්-විරෝධී ත්‍රස්තවාදයේ නව ආකෘතියක්: කළ යුත්තේ කුමක්ද? - ආචාර්ය ලක්සිරි ප්‍රනාන්දු
ශ්‍රී ලංකාවේ මුස්ලිම්-විරෝධී ත්‍රස්තවාදයේ නව ආකෘතියක්: කළ යුත්තේ කුමක්ද? - ආචාර්ය ලක්සිරි ප්‍රනාන්දු
http://ift.tt/2rLr4bH
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_536.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_536.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy