දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හෝකන්දර නිවසක් දුගඳ නිසා පරීක්ෂා කර බලද්දී සැමියා මියගොස් පණ තිබුණ බිරිය වැටී සිටියදී හමුවේ
Homeගොසිප්

හෝකන්දර නිවසක් දුගඳ නිසා පරීක්ෂා කර බලද්දී සැමියා මියගොස් පණ තිබුණ බිරිය වැටී සිටියදී හමුවේ

PropellerAds

හෝකන්දර නිවසක් දුගඳ නිසා පරීක්ෂා කර බලද්දී  සැමියා මියගොස් පණ තිබුණ බිරිය වැටී සිටියදී හමුවේ වෙසක් පොහෝ දින(10) රාත්‍රියේ දකුණු හෝකන්ද...

ක්‍රෙම්ලිනයේදී මෛත්‍රි - පුටින් නොදුටු ෆොටෝ
පියා අනුකරණය කරන්න ගිය විමල්ගේ දියණිය රෝහලේ
President Maithri Meets Putin

හෝකන්දර නිවසක් දුගඳ නිසා පරීක්ෂා කර බලද්දී 
සැමියා මියගොස්
පණ තිබුණ බිරිය වැටී සිටියදී හමුවේ

වෙසක් පොහෝ දින(10) රාත්‍රියේ දකුණු හෝකන්දර රත්නාරාම පාරේ නිවෙසක් තුළ යුවළක් අභිරහස් ලෙස මියගොස් දුගඳක් හමන්නේ යයි පොලිසියට ලැබුණ තොරතුරක් මත පරීක්ෂා කර බැලීමේදී එම නිවස හිමි 68 හැවිරිදි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මියගොස් තිබුණ බව හඳුනාගන්නට ලැබුණ අතර ඒ අසළ නිරුවතින් වැටී සිටි ඔහුගේ 70 හැවිරිදි බිරිය සිහිවිකල්ව බිම වැටී සිටියත් හුස්ම වැටෙන බව මරණ පරීක්ෂකවරියට තේරුම්යාම නිසා
වහා රෝහල් ගත කරන්නට කටයුතු යොදා තිබේ.

මාලබේ රත්නාරාම මාර්ගයේ පස්වන පටුමගෙහි පදිංචිව සිටි මෙම විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ විශ්‍රාමික ගුරුවරියට දරුවන් සිට නැත. ඔවුන් ඥාතීන් හෝ අසල්වැසියන් සමග වැඩි සබඳතාවයක් පවත්වාද නැත. පොලිස් අධිකාරීවරයා විශ්‍රාම යාමෙන් පසු අංශභාග රෝගයට ගොදුරුවී එක්තැන්වී සිටි අතර ඔහුට ආවතේව කරමින් රැකබලාගෙන සිට ඇත්තේ ඔහුගේ බිරියයි.

වෙසක් පොහොය දවසේ මෙම නිවස අවට නිවාසවල වාසය කළ අය විවේකයෙන් සිටියදී වෙනදාට නොදැනෙන අමුතු දුර්ගන්ධය හමන්නේ කොහි සිටදැයි පරීක්ෂාකාරී වී තිබේ. ඒ අනුව අසල්වැසියන් එක්වී අවට සෝදිසි කරද්දී මෙම දුගඳ හමන්නේ පොලිස් අධිකාරිවරයාගේ නිවසින් බව සැකහැර දැනගෙන තිබේ. එම නිවසේ සීනුව නාද කළද ප්‍රතිචාර ලැබී නැත.ඔවුන් සතුව තිබුණ එම නිවසේ දුරකථන අංක වලට කථාකළද ප්‍රතිචාර නොමැතිවීමෙන් පසු නිවසේ තාප්පයෙන් පැන පරීක්ෂා කිරීමට අසල්වාසීන් උනන්දුවී ඇත. එහිදී නිවසේ ජනෙල් වලින් එබිකම් කිරීමට ඔවුනට හැකිව ඇති අතර නිවස තුළ යුවළම බිම වැටී සිටින අයුරු දැකගන්නට ලැබී තිබේ.

දුටු දෙයින් බියට පත්වූ අසල්වැසියන් වහාම 119 අමතා අතුරුගිරිය පොලිසිය වෙත සිද්ධිය පැමිණිලි කර තිබේ.
දෙදෙනෙක් මිය ගොස් ඇති බවට ලැබුණු තොරතුරකට අනුව වෙසක් පොහෝ දින රාත්‍රියේ ‍හදිසි මරණ පරීක්ෂකවරික සමග පොලිසිය එහි ගොස් නිවසේ දොර කඩා විදුලි පහන් දල්වා පරීක්ෂා කිරීමේදී මිය ගොස් ඇතැයි සැක සිතූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාත් ඔහුගේ බිරියත් යන දෙදෙනාම නිරුවතින් බිම වැටී සිටින අයුරු දැකගන්නට ලැබී තිබේ. පොලිස් අධිකාරවරයාගේ සිරුර ඇඳක් අසළ තිබුණ අතර හිස තිබුනේ ඇඳ යටට වෙන්නටය.සිරුරින් අධික දුගඳක් හැමූ අතර ඔහු මියගොස් ඇති බව පෙනී යන ලදි.නමුත් ඔහුගේ බිරිය නිවසේ දොරක් අසළ හරහට වැටී සිටි අතර මරණ පරීක්ෂකවරිය ඇය වෙත ගොස් ශබ්ද කර බැලීමේදී හිස හරවා ප්‍රතිචාර දක්වා ඇත. අපහසුවෙන් සිටි ඇය යන්තමින් හුස්ම ගන්නා බව මරණ පරීක්ෂකවරියට ඒත්තු ගොස් ඇත.

ඒ අනුව වහාම ක්‍රියාත්මකවී ගිලන් රථයක් ගෙන්වා ඇයව රෝහල් ගත කරන්නට කටයුතු යොදන ලදි.
පොලිස් අධිකාරවරයාගේ සිරුර පශ්චාත් පරීක්ෂණයක් සඳහා යොමු කර ඇත.
 පොලිසිය නිවස ඇතුළත සිදු කළ නිරීක්ෂණය අනුව කිසියම් පිරිසිඳු කිරීමේ කටයුත්තක් බාගෙට කරද්දී මෙම මරණ සිදුවී ඇති බවට හෝඩුවාවන් ලැබී ඇත. කෙසේ වෙතත් පිරිමි පුද්ගලයාගේ මියගිය සිරුරින් දුර්ගන්ධය හමනතුරු දින දෙකතුනක්ම කාන්තාව මේ ආකාරයට පණ ඇතිව වැටී සිටීමද පොලිසියේ අවධානයට යොමුවූ කරුණකි. නිවස කොල්ලකන්නට කිසිවෙකු උත්සාහ දරා ඇති බවට සාක්ෂියක් තවම හඳුනාගෙන නැත.

මෙම යුවළට සිදුවූ දේ තේරුම් ගන්නට තවම හැකියාව ලැබී නැති අතර කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන පොලිස් අධිකාරවරයාගේ බිරිය ප්‍රකෘති තත්වයට පත්වුවහොත් වැඩි විස්තර ලබාගතහැකි වනු ඇතැයි පොලිසිය විශ්වාස කරයි.

තොරතුරු - අයිරංගි එදිරිසිංහ







Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හෝකන්දර නිවසක් දුගඳ නිසා පරීක්ෂා කර බලද්දී සැමියා මියගොස් පණ තිබුණ බිරිය වැටී සිටියදී හමුවේ
හෝකන්දර නිවසක් දුගඳ නිසා පරීක්ෂා කර බලද්දී සැමියා මියගොස් පණ තිබුණ බිරිය වැටී සිටියදී හමුවේ
http://ift.tt/2qVXhgs
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_131.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_131.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy