“නියම යුද්ධය පටන් ගත්තේ දැනුයි” යනුවෙන් ද අසාන්ජේ කියා සිටියේ” ඔහු යම් හෙයකින් ඉක්වදෝරා තානාපති කාර්යාලයෙන් පිටතට පය තැබුවොත් ඔහු ව අත්අඩ...
“නියම යුද්ධය පටන් ගත්තේ දැනුයි” යනුවෙන් ද අසාන්ජේ කියා සිටියේ” ඔහු යම් හෙයකින් ඉක්වදෝරා තානාපති කාර්යාලයෙන් පිටතට පය තැබුවොත් ඔහු ව අත්අඩංගුවට ගන්නා බව ලන්ඩනයේ මෙට්‍රොපොලිටන් පොලිසිය විසින් කියා සිටීම නිසා ය. මෙයට හේතුව වන්නේ අන් කිසිවක් නොව පස් වසරකට පෙර අසාන්ජ් විසින් බ්‍රිතාන්‍ය බලධාරීන් විසින් පනවා තිබූ ඇප කොන්දේසි කඩකිරීමයි. මේ අනුව ඔහු ඉක්වදෝර තානාපති කාර්යාලයෙන් පිටතට පය තැබුවහොත් බ්‍රිතාන්‍ය බලධාරීන් විසින් ඔහු ව අල්ලා ඇමරිකාවට පිටුවහල් කරනු ඇත. පසුගිය සතියේ ඇමරිකානු නීතිපති ජෙෆ් සෙෂන්ස් කියා සිටියේ අසාන්ජේ ව ඇමරිකාවේදී අත්අඩංගුවට ගැනීම තවමත් තම දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම තිබෙන බවයි. එසේම ඉන්පසු නඩු විභාගයේදී වරදකරු වුවහොත් ඔහුව වසර 45 ක් දක්වා සිරගත කරනු ඇත. මෙනිසා තමන් තවදුරටත් ඉක්වදෝර තානාපති කාර්යාලයේම රැඳී සිටින්නට අදහස් කරන බව අසාන්ජ් කියා ඇත. අද වන විට අසාන්ජේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ ගත කර ඇති කාලය අවුරුදු 4 ක් සහ දින 335 කි.
අසාන්ජේ ඉක්වදෝර තානාපති කාර්යාලයේ ගත කළ ජීවිතය තුළ ඔහු බළලෙක් ඇතිදැඩි කරයි. ඌට වෙනම ට්විටර් ගණුමක් පවා ඇති අතර උගේ නම වන්නේ ‘එම්බසි කැට්’ (තානාපති කාර්යාල බළලා) යන්නයි. මෙම බළලා ටයි පටියක් පවා පළඳියි. බ්‍රිතාන්‍ය මාධ්‍ය අසාන්ජේ ගේ පුවත වාර්තා කිරීමට බැල්කනිය වටා රොක් වෙමින් සිටින අතරවාරයේ බළලා ද බැල්කනියට ආවේය. නමුත් මේ වතාවේ ඌ ටයි පටියක් පැළඳ සිටියේ නැත!
COMMENTS