ගොඩගම පිවිසුම ගංවතුරෙන් යටවී තිබුණු අතර මේ වනවිට එම ප්‍රදේශයේ ජලය බැසගොස් තිබේ. කෙසේ වෙතත් නිල්වලා පිිවසුමේ සිට අකුරැස්ස දෙසට දිවෙන මාර්ග...
ගොඩගම පිවිසුම ගංවතුරෙන් යටවී තිබුණු අතර මේ වනවිට එම ප්‍රදේශයේ ජලය බැසගොස් තිබේ. කෙසේ වෙතත් නිල්වලා පිිවසුමේ සිට අකුරැස්ස දෙසට දිවෙන මාර්ගය තවමත් ගංවතුරෙන් යටවී ඇති අතර ඒ දෙසට ගමන් කරන වාහන මාතර දෙසට හරවා නැවත අකුරැස්ස මාර්ගයට අවතීර්ණ විය යුතුය.
දකුණු අධිවේගේ ගංවතුරින් යටවූ පිවිසුම් සියල්ල මීට පෙර විවෘත කළද නිල්වලා පිවිසුම අද වනතුරු ජලයෙන් යටවී පැවතිණි.
කෙසේ වෙතත් අධිවේගී මාර්ගය භාවිතා කිරීමේදී සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙස බලධාරීන් ඉල්ලා සිටී.
මාතර ඉඳුනිල් කැළුම් ජයවීර
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=j1X-N07106c&feature=youtu.be[/youtube]
COMMENTS