ඊට පෙර කාලය තුල හම්බන්තොට දිස්ත්‍රික්කය බෙහෙවින් සංවර්ධනය වූ ප්‍රදේශයක් වුවද එම සංවර්ධනයේ සෙවනැල්ලක් තරම් වත් නොදුටු ගම්ම්නයක් ලෙස මෙ...
ඊට පෙර කාලය තුල හම්බන්තොට දිස්ත්‍රික්කය බෙහෙවින් සංවර්ධනය වූ ප්‍රදේශයක් වුවද එම සංවර්ධනයේ සෙවනැල්ලක් තරම් වත් නොදුටු ගම්ම්නයක් ලෙස මෙම ගම්මානය හදුන්වා දීමට තරම්ම හැකි සේ මෙම ගම්මානය ඉතා දුෂ්කර ය .
පසුගිය දින කීපය තුල ඇතිවූ අධික වර්ෂාව සමග කරිවිලේ කන්දේ හා මැද කන්ද ප්‍රදේශයේ නිවාස හතරකට හානි සිදු වී තිබේ . 2011 පෙබරවාරි 04 වන දින මෙම ප්‍රදේශයේ සිදු වූ නාය යාමකින් ජීවිත දෙකක් අහිමි වී තිබේ.
වහින කාලෙට හැමෝටම පන්සලට එන්න කියනවා. පායනකොට නැවත ඒ ප්‍රදේශයට යනවා අද වෙනකන් කළේ ඕක. රජයෙන් කියනවා ඉවත්වෙන්න කියලා නමුත් මිනිසුන්ට යන්න තැනක් නෑ ඒ නිසා ඉන්නවා .ඒ වගේම වෙනත් තැනකට ගිහිල්ලා මිනිසුන්ට ජීවත්වෙන්න විදියක් නෑ වෙන තැනකට ගිහිල්ලා බඩගින්නේ මැරුණත් එකයි මෙහෙ ඉදලා මැරුණත් එකයි එම නිසා මෙම පළාත්වලින් මිනිසුන් නොයන බවයි අවධානම් කලාපයේ ජීවත්වන වන කේ .කේ .සිරිසේන කියා සිටින්නේ .
පසුගිය 27 වන දා නාය ගිහින් මගේ ගෙදර කැඩිලා ගියා අපි බේරුනේ වාසනාවකට. දරුවන්ගේ රෙදි පෙරදී හැම දෙයක්ම නැති වුනා. දැන් ඒ අයට ඉස්කෝලේ යන්න විදියක්වත් නෑ .අපි මෙහෙන් යන්න කැමතියි නමුත් ගොඩාක් දුරකට යන්න අපි කැමති නෑ .අපිට යන්න පාරක් නෑ යන්න තියෙන්නේ ඉතා දුෂ්කර පාරක කදු, ගල් අතරින්. ඡන්දේ කාලෙට විතරයි මෙහාට කට්ටිය එන්නේ. මෙච්චර කාලෙකට කවුරුවත් අපි ගැන හොයලා බලලා නැතිබව කරිවිලේ කන්ද උඩ ගොමඩිය මැදකන්ද ප්‍රදේශයේ ජිවත්වන කේ. කේ .ඉන්ද්‍රානි පවසා සිටි
අපිට හදිස්සියක් උනොත් දුවන්නවත් තැනක් නෑ. මගේ නංගිගේ ගේත් නාය ගියා දරුවෝ හතරදෙනෙක් එක්ක යටවෙන්න ගිහින් බොහොම අමාරුවෙන් බේරිලා තමයි ඒ අය එලියට ඇවිත් තියෙන්නේ . අපේ ගමට කවුරුවත් එන්නේ නෑ. මෙහෙ ඇවිදගෙන යන්න බැරි නිසා ඒ අය ඉන්නේ වාහන වලින් යන්න පුළුවන් ටිකේ විතරක් බවයි කේ .කේ .විමලාවති කියා සිටියේ .
ප්‍රදේශයේ දරුවන්හට පාසලට යාමට සිදුව ඇත්තේද මෙම දුෂ්කර මාර්ග ඔසේ ය. එය ද ඉතා අවධානම් එකක් බවයි ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙන්නේ .
ඒ අයුරින් තම දරුවන් සමග ඉතා දුෂ්කර ජිවිත ගත කරන මේ අහිංසක මිනිසුන් පස් කඳු අතරට යට වීමට මත්තෙන් ඒ මිනිසුන් ගේ ආරක්ෂාව වෙනුවෙන් විදිමත් පියවර ගැනීම වගකිව යුතු කාගේත් යුතුකමකි .
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට
COMMENTS