දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
68 හැවිරිදි ජ්‍යොතිෂ්‍යව්දියා අනියම් බිරිය හා සිඟිත්තා කපා කොටා මරා මොරටුවේ සැඟව සිටියදී මාට්ටු
Homeගොසිප්

68 හැවිරිදි ජ්‍යොතිෂ්‍යව්දියා අනියම් බිරිය හා සිඟිත්තා කපා කොටා මරා මොරටුවේ සැඟව සිටියදී මාට්ටු

PropellerAds

අනියම් බිරිය හා සිඟිත්තා කපා කොටා මරා මොරටුවේ සැඟව සිටි 68 හැවිරිදි ජ්‍යොතිෂ්‍යව්දියා මාට්ටු පසුගිය වෙසක් පුන්පොහෝ දිනයට පෙරදා රාත්‍ර...

Pitbull ශ්‍රී ලංකා ප්‍රසංගය අත්හිටුවයි - හේතුව සඟවයි
ගීතාගේ මන්ත්‍රීධූර අහෝසිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තාවකාලිකව නවතයි
ගීතක්කා අැතුළු ස්ටාර් සිටි කණ්ඩායම එම්ජී ධනුෂ්කගේ ගෙදරටම ඇවිත් සැමරූ සර්ප්‍රයිස් බර්ත්ඩේ එක

අනියම් බිරිය හා සිඟිත්තා කපා කොටා මරා
මොරටුවේ සැඟව සිටි
68 හැවිරිදි ජ්‍යොතිෂ්‍යව්දියා මාට්ටු


පසුගිය වෙසක් පුන්පොහෝ දිනයට පෙරදා රාත්‍රියේ බලපිටිය කොස්ගොඩ බොරලුකැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි කාන්තාවක හා ඇගේ මාස 6 ක් වන සිඟිති දැරියක ඔවුන් වාසය කළ නිවසේදී අමානුෂික ලෙස කපාකොටා ඝාතනය කර තිබී හමුවිය.
මෙම ඝාතන සිදු කර තිබුනේ කවුද යන්න ගැන සිදුවූ පොලිස් පරීක්ෂණ වලදී සැකමතු වූයේ මෙම නිවසට නිතරම ආවගිය ජ්‍යොතිෂ්‍යවේදීයෙකු බව කියන
මියගිය අයගේ අනියම් සැමියෙකු සිද්ධියෙන් පසු අතුරුදන්වීමත් ඔහු මෙම ඝාතනයට සම්බන්ධ බවටත්ය.
තොම්මයාහකුරු රේණුකා (38) සහ ඇයගේ මාස 6ක් වයසැති කුඩා දරුවා මෙම සිද්ධියෙන් මියගියා. ඔවුන් මරා දමා තිබුනේ කැත්තකින් කපාය. මළ සිරුරු නිවසේ ඇඳක් මත තිබියදී හමුවූ අතර ඝාතනයට සම්බන්ධ බවට සැකකරන පොරොවගොඩ ටියුඩර් ද සිල්වා (68) නමැති සැකකරු මේ කියන කාන්තාව සමග අනියම් සම්බන්ධයක් අරඹා ඇත්තේ මීට ටික කාලයකට පෙරදීය. මෙම කාන්තාවට ඇගේ විවාහයෙන් දරුවන් තිදෙනෙකු සිටින අතර සැමියා අතැර යාමෙන් පසු ඇය මෙම අනියම් ඇසුර අරඹා තිබුණි.

මියගිය කාන්තාව මීට වසර 21කට පෙර බොරලුකැටියේ පදිංචි සුනිල් නමැති අයකු සමඟ විවාහ වී තිබේ. ඔහුට දාව ඇයට වයස අවුරුදු 20, 18 සහ 14 යන වයස්වල පසුවන දරුවන් තිදෙනකු සිටියි. අවසන් දරුවා ලැබෙන්නට සිටියදී මීට වසර 14කට පෙර සුනිල් නමැති අය මියගිය කාන්තාව අතහැර ගොස් දමා තිබේ. පසුව තනිව වාසය කළ ඇය ජ්‍යොතිෂ්‍ය කටයුත්තක් සඳහා ජ්‍යොතිෂ්‍යෙව්දියෙකු හමුවන්නට ගිය අවස්ථාවක මේ කියන පුද්ගලයා හමුවී ඇති අතර ඔහු ඇගේ පුද්ගලික විස්තර දැනගැනීමෙන් පසු වරින්වර නිවසට පැමිණ අනියම් ඇසුරට හුරුවී තිබේ. අහුන්ගල්ල කටුවිල පදිංචි මෙම පුද්ගලයා දැනට වසර කීපයක සිට ඇය ඇසුරු කරන්නට නිවසට පැමිණ දින කිහිපයක් ගත කර නැවතයාම පුරුද්දක් කරගෙන තිබුණි. ඔහුද පෙර විවාහයක් කරගත් දෙදරු පියෙකු වූ අතර එම විවාහය කඩාකප්පල් කරගත් අයෙකි.මෙම කාන්තාව පසුගිය කාලයේ ඔහු නිසා ගැබ්බරවූ පසුව දෙදෙනා අතර වාද විවාද හටගෙන ඇත්තේ එකම වහලක් යට පදිංචිවීම පිළිබඳවයි.
ඇයට පෙර විවාහයේ අවසන් දරුවා ලැබී අවුරුදු 14 කින් තවත් පිරිමි දරුවෙකු මොහු නිසා මින් මාස 6 කට පෙර ලැබුණ අතර එම දරුවා ලැබුණු දා සිට ජ්‍යොතිෂ්‍යෙව්දී ටියුඩරුත් මියගිය රේණුකාත් විවිධ අවස්ථාවල බහින්බස්වීම් වල යෙදී ඇත.
තමාට දරුවා තනිව බලාගන්නට අපහසු බව ඇගේ එක් ඉල්ලීමක් වූ අතර ජ්‍යොතිෂ්‍යවේදියාට පෙර සම්බන්ධකම් අතැර තම නිවසට එන්නට කීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීමද ගැටලු මතු කර තිබුණි.
මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වූ පොලිසියට අහුන්ගල්ලේ නිවසින් පළාගොස් සිටි ජ්‍යොතිෂ්‍යෙව්දියා කොළඹ පැත්තට ගමන් කළ බවට හෝඩුවාවක් ලැබුණ අතර ඔහුගේ හිතවතෙකු මොරටුව ප්‍රෙද්ශයේ සිටින බැවින් ඔහු එහි ගියේදැයි පරීක්ෂා කාරී විය. ඒඅනුව මොරටුවේ නිවස වැටළීමෙන් පසු සැකකාර ටියුඩර් කොටු කරගන්නට හැකි විය. පොලිසිය හමුවේ තමන් අපරාධයක් කළ බවට වරද පිළිගත් ඔහු සිද්ධිය වූ ආකාරය පාපොච්චාරණය කර තිබේ.
පසුගිය වෙසක් පෝයට පෙර දින ඇය හමුවන්නට සුපුරුදු පරිදි තමා ගොස් නිවසේ සිටියදී කෝපාන්විත කථාබහකට මුලපිරුණු බවත් එම අවස්ථාවේ මියගිය රේණුකා දරකපමින් සිටි නිසා කැත්තක්ද ඇගේ අතේ තිබුණ බවත් ඔහු දන්වා සිටියා. දිගින් දිගටම තමා සමග වාද කරන ඇයව නොරිස්සු තමා ඇයට කම්මුලපහරක් ගැසූ බවත් ඒ සමග ඇය බිම ඇදවැටුණ බවවත් ඔහු පවසයි. බිම වැටී සිටියදීත් තමාට වෛරී ආකාරයට බැණවදිමින් සිටි ඇය කෙරේ හටගත් කෝපය තමාට පාලනය කරගන්නට බැරිව ගිය බවත් පසුව ඒ අසළ වැටී තිබුණ කැත්ත අතට ගෙන ඇයගේ ගෙල දෙසට කෙටූ බවත් දන්වා සිටියා. ඇය  ඒ සමගම කාමරයට දිවගිය බවත් තමා ඇය පසුපස නැවත දිවගොස් කාමරයේ ඇඳ මතදී තවත් පහර එල්ල කළ බවත් ඔහු කියා තිබේ. එම අවස්ථාවේ ඇය මරුවිකලෙන් දැඟලූ නිසා මියයනු ඇතැයි සිතී ‘කණගාටුයි රේනුකා ‘ යනුවෙන් ඇයට කියූ බවත් ඇඳේ කෙළවරක නිදාසිටි තම සිඟිති පුතු හඩනු ඇසුණ බවත් ඇය මියගියොත් දරුවා බලාගන්නට කෙනෙක් නැතිවන බව සිතා දරුවාටද කොටා මරා දැමූ බවත් ඔහු පාපොච්චාරණය කර තිබේ.
කුරිරු ලෙස අනියම් බිරිය හා දරුවා මරා දැමූ මෙම පුද්ගලයා ලේතැවරුන ඇඳුම් පිටින්ම මෝටර් සයිකලයකින් තම අහුන්ගල්ලේ නිවසට ගොස් තිබේ. පසුව එම ඇඳුම් සියල්ල උනා පොදියක් ආකාරයට බැඳ නිවස අසළ ලඳු කැලෑවකට රැගෙන ගොස් සඟවා ඇති අතර ඝාතනයට තමා හසුවන්නට ඉඩ ඇති නිසා නිවසේ දොරගුළු දමා පළා ගිය බවත් පවසා ඇත.
සැකකරු 15 වනදා බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29369,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 68 හැවිරිදි ජ්‍යොතිෂ්‍යව්දියා අනියම් බිරිය හා සිඟිත්තා කපා කොටා මරා මොරටුවේ සැඟව සිටියදී මාට්ටු
68 හැවිරිදි ජ්‍යොතිෂ්‍යව්දියා අනියම් බිරිය හා සිඟිත්තා කපා කොටා මරා මොරටුවේ සැඟව සිටියදී මාට්ටු
http://ift.tt/2qPFAja
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/68.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/68.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy