දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රහත්වෙන ටාගට් එක ඇචීව් කළාට මට භොතික සම්පත් පාචිච්චිය තහනම් නෑ- සමන්තභද්‍ර හිමි
Homeගොසිප්

රහත්වෙන ටාගට් එක ඇචීව් කළාට මට භොතික සම්පත් පාචිච්චිය තහනම් නෑ- සමන්තභද්‍ර හිමි

PropellerAds

රහත්වෙන ටාගට් එක ඇචීව් කළාට  මට භොතික සම්පත් පාචිච්චිය තහනම් නෑ - සමන්තභද්‍ර හිමි සමන්තභද්‍ර හාමුදුරුවෝ කා‍ලෙන් කාලෙට විවිධ ආන්දෝලනාත්...

ජනේලෙන් පනින ජනතාවට අයවැය මෙට්ටෙන් රැකවරණය (බ්‍රහස් කාටූන්)
කිලිනොච්චිය දී පාරම්පරික තිරික්කල් තරඟයක්
අමීර්ගේ බ්‍රිතාන්‍ය කසාදය - ගොවින්ද රානි පරණ සම්බන්ධය

රහත්වෙන ටාගට් එක ඇචීව් කළාට 
මට භොතික සම්පත් පාචිච්චිය තහනම් නෑ
- සමන්තභද්‍ර හිමි

සමන්තභද්‍ර හාමුදුරුවෝ කා‍ලෙන් කාලෙට විවිධ ආන්දෝලනාත්මක සිදුවීම් ඇතිකරන හාමුදුරු නමක්. ඇයි මේ?
ලංකාව හරිම සාම්ප්‍රදායික සමාජයක්. මේ සාම්ප්‍රදායික සමාජයේ දාර්ශනිකයෝ නෑ. විද්වතුන් නෑ. උගතුන් නෑ. පොඩි කොටුවකට හිරවෙලා ජීවත්වෙන භික්ෂූන්යැයි කියාගන්න පිරිසක් ජීවත්වෙනවා. යම් සමාජයක හොඳ දර්ශනයක් තියන හොඳ මතයක් තියන හොඳ උගත්කමක් තියන හොඳ අදහස් තියන නිර්මාණශීලි අදහස් තියන කෙනෙක් පහළ වුණාම අ
ර සම්ප්‍රදායික කුහක මිනිසුන්ගෙන් පිරුණ සමාජයක ඒ නිර්මාණශීලි දාර්ශනිකයි

මේ සමාජයේ උගතුන් දාර්ශනිකයින් නෑ කියලා ඔබවහන්සේ කොහොමද කියන්නේ?

ගෞතම බුදුන් වහන්සේ භාරතීය සමාජය තුළ විශාල ආන්දෝලනාත්මක චරිතයක්.
අම්බපාලි කියන්නේ බුද්ධකාලීන ප්‍රසිද්ධ ගණිකාවක්. බුදුන් වහන්සේට ආරාධනා කළා ඇගේ නිවසට දානයට වඩින්න කියලා. අද කොළඹ ඉන්න ගණිකාවක් ඇවිත් මට ආරාධනා කරලා මම දානයට වැඩියොත් මේ සමාජය කැමැති වෙයිද මම ඒකට යනවට. ඒත් බුදුන් වහන්සේ අම්බපාලිගේ නිවසට වැඩියා. ආන්දෝලනාත්මකයි, විප්ලවාදියි, පිරිසිදුයි. රකින්න කියලා අමුතු දෙයක් නෑ... උන්වහන්සේ පිරිසිදුයි.

පසුගිය කාලේ ඔබවහන්සේට දාව දරුවෙක් ඉන්නවා කියලා කාන්තාවක් නීතිය ඉදිරියටත් ගියා. දැන් කෝ ඒ දරුවා. මොකද වුණේ ඇත්තටම?

ඔව්... කාලයක් කිව්වනේ මට දරුවෙක් ඉන්නවා කියලා. එතකොට කෝ ඒ දරුවා. නීති මාර්ගයෙන් ගියාම නීති මාර්ගයෙනුත් ඔප්පු වුණා මේ කතාව බොරුවක් කියලා. පස්සේ ඒ ගෑනු කෙනා මල් පූජා කරලා සමාව ගත්තා. එච්චරයි.

සිරිසදහම් ආශ්‍රමය පන්සලකට එහා ගියපු මන්දිරයක්. මෙහෙම සුඛෝපභෝගී මන්දිරයක් ඇත්ත හාමුදුරුනමකට ගැළපෙනවද?
ඇත්තටම බුද්ධ කාලේ තිබුණේ ප්‍රාසාද. මෙහෙත් ප්‍රාසාද තැනක් ගොඩනගලා තියෙනවා. බුද්ධ කාලයේදී විශාකාව විහාර ධාතු ප්‍රාසාදය හැදුවා. අනුරාධපුරයේ ලෝවාමාහපායේ තට්ටු හතක් තියෙනවා. බුද්ධ කාලයේ තිබුණේ මහා රාජකීය සම්ප්‍රදායක්. මහ පන්සල් හැදුවා. යුරෝපීයන් ඒවා දැකලා පුදුමයට පත්වෙනවා. බෞද්ධ සම්ප්‍රදාය කියන්නේ හිඟන සම්ප්‍රදායක් නෙවේ. ඒක ලෝකෙට කලා නිර්මාණ ගොඩක් දායාද කරපු වටිනා සම්ප්‍රදායක්. මෙතන හරි ලස්සන තැනක් ඒක නිසා මිනිස්සු බණිනවා. අපිට අවශ්‍ය ලස්සන පන්සලක් හදන්න නෙවේ. සමාජයට අලුත් මතයක් ගොඩනගන්න.

ඒත් හාමුදුරුවනේ සිදුහත් කුමරු රම්‍ය, සුරම්‍ය, සුභ කියන මාලිගා අතහැරලා ගිහින් විමුක්ති මාර්ගය හොයගන්න වෙහෙසුණා. ඔබවහන්සේ ඒ හොයාගත්තු දහමේ ඉඳගෙන මාලිගා නිර්මාණය කරනවා?
ඔව්. ඒක ඇත්ත. සිදුහත් කුමරු රම්‍ය සුරම්‍ය සුභ මාලිකා තුන අතහැරලා බුදු වුණා තමයි. ඒත් බුදුවෙලා බෝසතාණෝ ආයේ කොහේද හිටියේ. උන්වහන්සේ කාණුවක හිටියද? ඇසතු බෝ මුලක හිටියද? ජේතවනාරාමයේ පූර්වාරාමයේ වැඩසිටියද? කෙනෙක් සත්‍ය අවබෝධ කරගන්නේ සියල්ල අතහැරලා. ඒ සියල්ල අතහැරලා ගිහින් සත්‍ය පසක් කරගත්තු කෙනාට ආයේ මුකුත් අල්ලගන්න දෙයක් නෑ. එයා දියමන්ති ගොඩක හිටියත්, තුඹසක් උඩ හිටියත් එයා සත්‍ය අවබෝධ කරලා ඉවරයි.

ඔබවහන්සේ මෙහෙම මන්දිර හැදුවට මේ රටේ නොදියුණු ගරා වැටුණු පුරාණ වටිනා රජමහා විහාර කොච්චර තියෙනවද? හරියට දාන වේලක් නොලැබෙන, සයනය කරන්න පැදුරක් කොට්ටයක් නැති පන්සල් කොච්චර තියෙනවද?
මෙහෙමනේ... මේ රටේ පන්සල් හදන්න ඕනතරම් මිනිස්සු ඉන්නවා. ඒත් මත හදන්න මිනිස්සු නැහැනේ. ඒ මත අපි හදන නිසානේ ආන්දෝලනාත්මක වෙන්නේ. මේක පන්සලක් නෙවේ. මෙතන හදලා තියෙන්නේ මතයක්. මේවා රාජකීය සම්ප්‍රදායන් අපි දැකලා තියෙන්නේ ගමේ පන්සලේ චෛත්‍යයේ. ඒත් ලෝකේ ඇවිදින්න ඕනේ. ඒවා ගැන දැනගන්න ඕනේ. පොඩි පොඩි පන්සල් අලුතින් හදන්න ඕනේ නෑ. දැන් රටේ පන්සල් වැඩිවෙලා තියෙන්නේ. ඒත් මානව සම්පත් හැදිලා නෑ. මිනිසුන්ගේ හිත් හැදිලා නෑ. අද පන්සල් තියෙනවා. ඒත් හාමුදුරුවෝ නෑ. ධර්ම ශාලාවල ඉන්නේ බල්ලෝ. මම ඒවාට විරුද්ධයි. ධර්ම ශාලා බල්ලෝ ලගින තැනක් නොවිය යුතුයි. පෝය දවසට විතරක් බල්ලෝ ටික එලවලා සුද්ධ කරලා උපාසක අම්මලාට ධර්ම ශාලාව දෙනවා. ආයෙත් පහුවදාට ධර්ම ශාලාවේ බල්ලෝ ලඟිනවා. මේවායි වෙනස් වෙන්න ඕනේ.

සමන්තභද්‍ර හාමුදුරැවන්ගේ ආශ්‍රමයේ බොහෝ තරුණ භික්ෂූන් වහන්සේලා වැඩ සිටිනවා. මේ තරුණ භික්ෂූන් වහන්සේලා සම්බන්ධවත් සමලිංගිකත්වය ගැන මාතෘකාව යටතේ හුඟක් චෝදනා එල්ල වුණා?
මෙහේ මහණ වෙන්නේ තරුණ කට්ටියයි. යමක්කමක් තියෙන කට්ටිය. ඉගෙන ගත්තු කට්ටිය. විශ්ව විද්‍යාල ගියපු අය. වෛද්‍යවරු පවා අපෙගාව මහණ වෙලා ඉන්නවා. ඒකයි වෙන්න ඕනේ. එහෙම නැතිව කන්න බොන්න නැති අය මහණ කළා කියලා සාසනය සත්‍යයක් වෙන්නේ නෑ. ඒ අය ඉගෙන ගෙන ආයෙත් ගෙවල් දොරවල් හොයාගෙන යනවා. මේ දේවල් තේරුම් ගන්න බැරි මිනිස්සු මේ තරුණ භික්ෂූන් වහන්සේලාට අපහාස කරනවා.

මේ ආශ්‍රමයේම තරුණ මෙහෙණින් වහන්සේලා වැඩ සිටිනවා නේද?
ඔව්... කාන්තාවට බුදුසසුනේ සම තැන තියෙනවා. ඒකේ ප්‍රශ්නයක් නෑ. ඕන කෙනෙකුට මහණ වෙන්න පුළුවන්. ඒ අවස්ථාව අපි හදන්න ඕනේ. දැන් අවුරුදු එකහමාරකට උඩදී අපි තරුණ කාන්තාවන් මෙහෙණින් වහන්සේලා කළා. ඒ හැමෝම මේ දහම අවබෝධ කරගෙන ඉන්නේ. කුසුමා තෙරිණින් වහන්සේ යටතේ මේ මෙහෙණින් වහන්සේලා පිරිස මේ ආශ්‍රමයේ ඉන්නවා. අපි ආවට ගියාට මහන කරන්නෙත් නෑ. මේවා දියුණු කළොත් විතරයි මේ දහම රැකිලා තියෙන්නේ. නැත්නම් සාසනේ විශාල කඩාවැටීමක් සිද්ධ වෙනවා.

මේ මෙහෙණින් වහන්සේලා සිවුරු වර්ණයේ යම් වෙනසක් තියෙනවා නේද?
ඒකට හේතුව තමයි මෙහේ ඉන්න ස්වාමීන් වහන්සේලා කහ වර්ණයේ සිවුරු අඳිනවා. පිටරට යද්දී ස්වාමීන් වහන්සේලාත් අත්දිගට ඇඳ සිවුරු අඳිනවා. එතකොට භික්ෂූන් වහන්සේලා සිවුරැ පාටිනුත් මෙහෙණින් වහන්සේලා රතුපාටට හුරුවට අත් අදිගට සිවුරු අදිනවා. නැත්නම් මේ දෙගොල්ලන් මාරුවෙනවා. භික්ෂූන් වහන්සේගේත් භක්ෂුණී වහන්සේගේත් ඇඳුමේ ලොකු වෙනසක් නෑ. හිස මුඩු කළාට පස්සේ අඳුරගන්න අමාරුයි. ඒ නිසා තමයි මෙහෙණින් වහන්සේලා රතුපාටට අත් දිගට සිවුරු අඳින්නේ.

වස්සානේ හීනේ ගීතය බොදු බැති ගීතයක් නෙවේ. ඇයි ඔබවහන්සේ ඒකෙ රඟපෑවෙ?

මේක මුල්ම විෂුවල් එක නෙවේ. මේ මම හිටපු දෙවැනි විෂුවල් එක. 2008 ඉරාජ් හදපු තව ගීතයකට මම හිටියා. මේ අලුත් සින්දුව. හොඳ මාතෘකාවක්. සමාජයේ ප්‍රශ්නයක් තමයි ඒකේ කතා වෙන්නේ. නිර්මාණශීලි අදහසකින් තරුණ පිරිස දහමට යොදාගන්න පුළුවන්නම් ඒකේ වරදක් නැහැනේ.

රඟපාන එක භික්ෂුවක් කරන වරදක් කියලා ඔබවහන්සේ පිළිගන්නේ නැද්ද?

භික්ෂුන් වහන්සේ කෙනෙක් රඟපෑවොත්නේ වැරැද්දක් තියෙන්නේ. රඟපෑම තහනම්. භික්ෂුවක් නළුවෙක් ඉදිරියේ කැමරාවට කතා කරනවානම් දෙබස් කියනවානම් ඒක රඟපෑමක්. එහෙම නැත්නම් මම නළුවා ඉදිරියේ ඉරියව් මාරැ කරනවා. ඒක රඟපෑමක්. එහෙම නැතිව වාඩිවෙලා ඉන්නවා කියන්නේ ඒක රඟපෑමක් නෙවේ.

ඔබවහන්සේගේ පිළිරුවක් බුදුන්වහන්සේගේ පිළිරුව අසලම නිර්මාණය වෙලා. ඇයි මේ?
ඕන කෙනෙක්ට පිළිරුවක් හදන්න පුළුවන්. ලෝකේ භික්ෂුවක් ජීවතුන් අතර ඉදිද්දී හදපු පළමු පිළිරුව මේක නෙවේ. ගෞතම බුදුන් වහන්සේ ජීවමානව ඉදිද්දී රත්හඳුන් ලීයෙන් අජාසත්ත රජු පිළිරුවක් හැදුවා. හෙන්රි ඕල්කට්තුමාගේ පිළිරු තුනක් ජීවමාන ඉදිද්දී හැදුවා. ඉතින් මේකත් තවත් එකක්. දායකයෝ පිළිම හදනවා. මම ජීවමාන ඉදිද්දී මිනිස්සු මට වඳිනවා. මල් පූජා කරනවා. වන්දනාමාන කරනවා. ඒක ඒ අයගේ කැමැත්ත.

මේ හැමදේටම ඔබවහන්සේට පිටරටවලින් ලොකු ලොකු ආධාර ලැබෙනවා නේද? මොකක්ද ඔබවහන්සේ මේ ථෙරවාදී බුදුදහම විකෘති කරන්න කරනවා කියන කොන්ත්‍රාත්තුව?
එහෙම කොන්ත්‍රාත්තුවක් නෑ. මම ගැන එක එක්කෙනා එක එක කතා කිව්වා. අදටත් කියනවා. හෙටත් කියාවි. ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ චරිතයකට එකම කතාවට කතා ගොඩක් කියනවා. මේ හැම දෙයක්ම ගොසිප්. එක එක කතා කියද්දී මම ඒ හැම දෙයක්ම දිහා බලන්නේ බොහෝම උපේක්ෂාවෙන්. පන්සලට මිනිස්සු දෙන ආධාරයන්ට කොන්ත්‍රාත්තු නෑ. දහම නිසයි ඒ හැම දෙයක්ම ලැබෙන්නේ. මනුස්සයෙක් හරියට වැඩ කරනවානම් හොඳ දර්ශනයක් ප්‍රතිපත්තියක් තියෙනවානම් සල්ලි හම්බ කරන එක ලොකු දෙයක් නෙවේ.

ඔබවහන්සේ මේ රටේ මහායාන බුදුදහම ව්‍යාප්ත කරන්න ලොකු වැඩකොටසක් සීරුමාරුවට කරනවා කියලත් සමහරු කියනවා.
ඔය බොරු කතා. මිනිස්සුන්ට මඩ ගහන්න ඕන වුණාම එක එක කතා කියනවා. මහායාන බුදුදහමේ මස්මාළු කන්නේ නෑ. සුදුළූණු කන්නේ නෑ. රතුලූණු කන්නේ නෑ. කරවල, උම්බලකඩ, මස් මාළු මුකුත්ම කන්නේ නෑ.

ඒ වුණාට ඔබවහන්සේ උපන්දින උත්සවයේදීනම් මේ හැම මසක් මාළුවක්ම ගෙනත් ජයට උත්සවය පැවැත්තුවා. කිලෝ ගාණක කේක් ගෙඩියක් හැදුවා. එහෙම කළේ අපි මහායාන නෙවෙයි කියන එක අගවන්නද?
ඔව්... ඒක ඇත්ත. මේ පන්සලට දාන ගේද්දීත් මස් මාළු ගේනවා. උපන් දිනයටත් ඒ හැම දෙයක්ම දෙනවා. එතකොට මෙතන මහායානද ථෙරවාදිද? මේ නිසා අපි මොන සම්ප්‍රදායේද කියලා වැඩි විස්තර කරන්න ඕනේ නෑ. බොහෝ අය බොහෝ කතා කිව්වා. මම ඔවුන්ට අභියෝග කළා සාකච්ඡා කරන්න එන්න කියලා. ඒත්... ඒ කවුරුවත්ම ආවේ නෑ.

ඔබවහන්සේ රහත් වෙලාලු නේද?
ඔව් මම රහත්වෙලා.

එහෙනම් මේ කිසි දෙයක් කිසිම ආසාවක් බලාපොරොත්තුවක් නැතුව ඇති නේද?

ඔව් රහත් වෙලා නිසා කිසිම බලාපොරොත්තුවක් නෑ. රහත් වෙලා කියන්නේ හැම ටාගට් එකක්ම ඉවරවෙලා කියලයි. ඒ නිසා ඔහු තුළ කිසිඳු ටාගට් එකක් බලාපොරොත්තුවක් නෑ. ධර්මය කියනවා සමාජය තුළ තියෙන මිත්‍යා දෘෂ්ඨිය විනාශ කරනවා. සමාජයට නව නිර්මාණාත්මක අදහසක් ඉදිරිපත් කරනවා. සමාජයේ ප්‍රඥාවන්තයින් කරනවා. ධනවත් කරනවා. උගත් කරනවා.

ඔහොම බණ කීවාම ඔබවහන්සේ රහත් වෙලානම් ඇයි මෙච්චර ආසාවල්, මන්දිරවල්, පන්සල්, වටිනා සිවුරු, මහා දාන උත්සව ඔක්කොම පස්සේ දුවන්නේ?

ප්‍රශ්නේ තියෙන්නේ රටේ භෞතික සම්පත්වල නෙමේ. මේවාට බැ‍ඳනවද? මේවාට තණ්හාවෙන් අල්ල ගන්නවද කියන එකයි. ප්‍රශ්නේ මේ කිසිම දේක මගේ බැඳීමක් නෑ. මම මේ දේවල් පරිහරණය කරන්නේ ඒ කිසිම දේකට නොබැඳියි. මම ගාව තණ්හාවල් නෑ. බැඳීම් නෑ. මිනිස්සු මොනව කිව්වත් මේ කිසිම දේකට මගේ බැඳීමක් නෑ.

දිශානි ජයමාලි කරුණාරත්න (courtesy by- deshaya.lk)






Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රහත්වෙන ටාගට් එක ඇචීව් කළාට මට භොතික සම්පත් පාචිච්චිය තහනම් නෑ- සමන්තභද්‍ර හිමි
රහත්වෙන ටාගට් එක ඇචීව් කළාට මට භොතික සම්පත් පාචිච්චිය තහනම් නෑ- සමන්තභද්‍ර හිමි
http://ift.tt/2oDbjDr
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_979.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_979.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy