දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් නිදහස් වූ අපේ සූපවේදියා
Homeගොසිප්

සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් නිදහස් වූ අපේ සූපවේදියා

PropellerAds

අපි අටදෙනාට පණ පිටින් ලංකාවට ඒමට අවස්ථාවක් ලැබෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ. මට අද විශාල සතුටක් දැනෙනවා බිරිඳ දරුවන් සමග පවුලක් ලෙස එකට එ...

මංගලගේ හිස කෙස් ගිය හේතුව?
ශ්‍රීලනිපය- ඒකාබද්ධය එකතුවුණොත් හදන UNP - TNA ආණ්‌ඩුවේ ඇත්ත කතාව.
දෙසැ. 8-9 ආණ්ඩුවට තීරණාත්මකයි.

අපි අටදෙනාට පණ පිටින් ලංකාවට ඒමට අවස්ථාවක් ලැබෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ. මට අද විශාල සතුටක් දැනෙනවා බිරිඳ දරුවන් සමග පවුලක් ලෙස එකට එක්ව සිටීම ලැබිම ගැන යැයි සෝමාලියානු කොල්ලකරුවන් පැහැරගත් “අයිරිස්” ඉන්ධන නැවේ සූපවේදී ඒ ෂන්මුගම් (67) මහතා පවසයි.

නැව බේරා ගැනීමෙන් පසු පසුගිය 12දා එම නැවේ කාර්යමණ්ඩලය මෙරටට එද්දී මීගමුවේ පදිංචි ෂන්මුගම් මහතා සිය අත්දැකීම් විස්තර කරමින් මෙසේද පැවැසීය.

කොල්ලකරුවන් අපට නිතරම තුවක්කු එල්ල කරගෙනයි සිටියේ බාත් රූම් එකට යනකොටත් පිටුපස්සෙන් රයිපෆල් එක
අරගෙන එනවා. ඒ ගොල්ලෝ හරියට මෘගයෝ වගේ. ඔවුන් දිහා බලන්ඩ බයයි. මුහුණවල් අපි බලන්නේත් නැහැ. අපි එහාට මෙහාට යන කොට බිම බලාගෙන යන්නේ.

මම චීප් කුක් නිසා මම මගේ  යාළුවෙකුයි ගිහිල්ලා පුළුවන් විදිහට කෑම ටිකක් හදාගෙන කනවා. අපි මේ වගේ හුඟක් දුක් විඳිමින් තමා සිටියේ. අපිට තුවක්කු එල්ල කරගෙන ඉන්න කොට මුකුත් කරන්ඩ බැහැ. අපි විඳපු දුකේ බරපතළකම තේරුම් ගන්න නම් එතන ඉඳලා බලන්න ඕනෑ. 2012න් පස්සේ කොල්ලකරුවන් නැව් කොල්ල කාලා නැහැ. මේක ‍පොඩි නැවක් නිසයි ඇටෑක් කරලා තියෙන්නේ.

එදා සවස 4ට විතර ඇවිල්ලා කිව්වා ‍ෆෝසස් ටික ගියේ නැත්නම්  විනාඩි 10න් 10යට අපි එකින් එකා මරනවා කියලා. එක්කෙනෙක්ව අරන් ගියා මරනවා කියලා. විනාඩි කීපයකින් කෝල් එකක් ආවා ‍ ෆෝසස් වලින් මේ යුද්ධය නවත්වන්න. කිසිම කෙනෙකුට අණතුරක් වුනොත් අයිලන්ඩ් එකම නැති කරනවා කියලා.

ඊට පස්සේ ඒ අය කොල්ලකරුවන් බය වුණා. අපි උඹලට කිසිම දෙයක් කරන්නේ නැහැ කියලා කිව්වා. ‍ෆෝසස් ටික  අයින් කරගන්ඩ කියලා දැනුම් දෙන්න කියලා අපෙන් ඉල්ලීමක් කළා. මේ අය අපිව මරන්ඩ යනවා. එම නිසා ‍ ෆෝසස් ඉවත් කරගන්ඩ කියලා ඊට පස්සේ ‍ ‍ ෆෝසස් ටික අයින් වුණා. නමුත් ‍ ෆෝසස් වල අය ටික දුරක් ගිහිල්ලා බලාගෙන සිටියා.

අපි එක තැනකට වෙලා හොරෙන් බලාගෙන සිටියා කොල්ලකරුවන් මොකද කරන්නේ කියලා. ඔවුන් නැවට නැගලා අපේ සියලු බඩු පටවාගෙන ගියා අඳින ඇඳුම් ටික පමණක් තියලා. අපි හවස 5වන තුරු පත්තර පිටු දාලා හාන්සි වෙලා සිටියා.

කොල්ලකරුවන්ගෙන් එක්කෙනෙක් ඇවිල්ලා කිව්වා. ඔයාලට මෙතනින් පැයකින් යන්ඩ පුළුවන් කියල. අපට පුදුමයක් දැනුණා. හීනයක්ද කියලා හිතුවා. මෙච්චර කරදර කරමින්  ඉඳලා අපට මෙහෙම යන්ඩ දෙනවා කියපුවම අපිට අදහගන්ඩ බැරිව ගියා. ඒ වෙලාවේ ඇති වූ  සන්තෝෂය කියන්ඩ බැහැ. අපි බලන් හිටියා මොකක්ද මේ වෙන්ඩ යන්නේ කියලා. 6.30ටපමණ වන විට බැලුවා එක්කෙනෙක්වත් කොල්ලකරුවෝ පේන්ඩ සිටියේ නැහැ.  එවිට අපේ නැවේ කැප්ටන් කිව්වා නැව අරන් අපි යමු කියලා නැවේ ඇන්කර් එක චීප් ඔපිසර් ඇවිල්ලා ඉස්සුවා. හිතා ගන්ඩත් බැහැ ඔපිසර් එය ඉස්සුවේ කොහොමද කියලා. ඒ වෙලාවේ අපි සෝමාලියානු ‍ෆෝසස්වලට අපි කෝල් කළා. සෝමාලියානු ‍ෆෝසස්වලින් අපට අධිවේගී බෝට්ටු දෙකක් නැවෙන් පිටවීමට එවා තිබුණා. කටුනායක ගුවන්තොටු‍පොළේදී  මගේ බිරිඳවයි දරුවන් දෙන්නව නැවත දැකපුවම මට ඇති වූ සන්තෝෂය කියා නිම කරන්න බැහැ. රජය අපිව බේරගන්ඩ විශාල මෙහෙයක් කළා. ඒ ගැන ස්තූති කළ යුතුයි. අපි හැර කිසිම කණ්ඩායමක් මේ වගේ කොල්ලකරුවන්ගෙන්  කෙටි දිනකින් බේරිලා නැහැ.

රේමන් අ‍පොන්සු - මීගමුව
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් නිදහස් වූ අපේ සූපවේදියා
සෝමාලියානු කොල්ලකරුවන්ගෙන් නිදහස් වූ අපේ සූපවේදියා
http://ift.tt/2p7m4Nt
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_678.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_678.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy