දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආසියා ශාන්තිකර තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අන්තවාදී ප‍්‍රචණ්ඩත්වය සමනය කිරීමට අත්වැල් බැඳගනී
Homeවිශේෂ පුවත්

ආසියා ශාන්තිකර තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අන්තවාදී ප‍්‍රචණ්ඩත්වය සමනය කිරීමට අත්වැල් බැඳගනී

PropellerAds

මෑත වසරවලදී, ලොවපුරා ප‍්‍රජාවන්ගේ ආරක්‍ෂාව සහ ස්ථාවරත්වයට තර්ජනයක්වූ නව අන්තවාදී ප‍්‍රචණ්ඩත්ව රැල්ලක් අත්විඳීමට ලෝකයට සිදුවිය. මෙය ආසියා ...

කලා අංශයේ දිවයිනේ පළමු ස්ථානය මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ රධිනි ඉන්දීවරීට
නාලද පන්සිල් ගත්තේ ? පන්සිල් අරන්ද නෑවේ ? රනිල් දැන් බෞතීස්මේත් දෙනව වගේ !
ප්‍රශ්නෝත්තර දෙන්න ගිහින් නාමල් කිච වෙයි, පොලිසිය නිදිද සැකයකුත් ?
ආසියා ශාන්තිකර තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අන්තවාදී ප‍්‍රචණ්ඩත්වය සමනය කිරීමට අත්වැල් බැඳගනී
මෑත වසරවලදී, ලොවපුරා ප‍්‍රජාවන්ගේ ආරක්‍ෂාව සහ ස්ථාවරත්වයට තර්ජනයක්වූ නව අන්තවාදී ප‍්‍රචණ්ඩත්ව රැල්ලක් අත්විඳීමට ලෝකයට සිදුවිය. මෙය ආසියා ශාන්තිකර කලාපයේ ආරක්‍ෂාවට බලපානා ප‍්‍රධාන සාධකයක් වි ඇත.  
 
අන්තවාදි ප‍්‍රචණ්ඩත්වය වැලැක්වීම සඳහා සාධනීය කාර්යයක් ඉටුකිරීමේ ප‍්‍රමුඛ ආයතනයන් අතර පාර්ලිමේන්තු වැදගත් තැනක් ගනී. ජාත්‍යන්තර සම්මුතීන් සහ යෝජනා අනුමත කිරීම සහ ක්‍රියාත්මක කිරීමට අමතරව, පාර්ලිමේන්තු තුලින් ජාතික ප‍්‍රතිපත්තීන් සඳහා රාමුව සකසන නීති සම්පාදනය සඳහාද  ක්‍රියා කළ හැකිය. රටක යෞවනයට සමීපයෙන්ම සිටින නියෝජිතයින් ලෙස තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරණාත්මක කාර්යභාරයක් පැවරේ.   
 
අන්තර් පාර්ලිමේන්තු සංගමය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන එක්ව අන්තවාදී ප‍්‍රචන්ඩත්වය වැලැක්විම සඳහා කටයුතු කිරීමට ආසියා ශාන්තිකර කලාපයේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ කලාපීය රැස්වීමක් කැඳවන ලදී. මෙහිදී තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විශේෂඥයින්, පුද්ගලික අංශයේ නියෝජිතයන් සහ පාර්ලිමේන්තුවල තරුණ නියෝජනය වැඩිකිරීමට අනුබල දෙන යෞවනයින් එක්වන ලදී.  
 
මෙම දෙදින තුල, තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගෝලීය විශේෂඥයින් සහ ප‍්‍රමුඛ සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් සමග එක්ව, අන්තගාමී ප‍්‍රචන්ඩත්වය ආමන්ත‍්‍රණය කිරිම සඳහා පාර්ලිමේන්තු කාර්යභාරය තුල සහ දේශපාලන සහභාගීත්වයේදී සිය සමානයන් සහභාගීකරවා ගන්නා ක‍්‍රමෝපායයන් සකස්කිරීමේ නියැලෙනු ඇත. 
 
ආරම්භක සැසිවාරය ශ්‍රී ලංකාවේ අග‍්‍රාමාත්‍ය ගරු රනිල් වික‍්‍රමසිංහ මහතා, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ගරු කරු ජයසූරිය මහතා, අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සභාපති   ගරු සබේර් චවුද්‍රි මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි නේවාසික නියෝජිත ඌනා මැකෝලි මහත්මිය සහභාගී වූහ. 
 
ආරම්භක දේශනය සිදුකළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ගරු කරු ජයසූරිය මහතා මෙසේ පැවසීය:
 
'ලොව පුරා දිනෙන් දින ප‍්‍රචණ්ඩත්වය මුදා හැරෙන පසුබිමක මෙම රැස්වීමේ තේමාව, ඕනෑම මණ්ඩපයක සාකච්ඡාවට ගත යුතු අතිශයින්ම වැදගත් හා අවස්ථානුකූල මාතෘකාවක් වේ. ප‍්‍රචණ්ඩ අන්තවාදය පෝෂණය වන්නේ ආර්ථික හා අධ්‍යාපනික අවස්ථාවල ඌනතාවය, තරුණයින්ගේ කොන් වීම සහ ජනවාර්ගික, ආගමික හා දේශපාලනික පදනම් මත වෙනස්කම් කිරීම වැනි මතුපිටට යටින් පවතිනා හේතුන් මතය.' 
 
'බලගන්වන ලද තරුණයින් යනු අප සැම අපේක්‍ෂා කරන ප‍්‍රගතියේ යාන්ත‍්‍රණයයි. අපගේ කාර්යයන්වලදී අපට අඛන්ඩවම සිහිවන්නේ අද තරුණයින් ඔවුන්ගේ ඕනෑම අතීත පරපුරකට වඩා වැඩි සම්බන්ධතා සහිත, වඩාත් නිර්මාණශීලී, වඩාත් දැනුවත් සහ වඩාත් බලපෑම් කළ හැකි අය බවය. අන්තගාමී ප‍්‍රචන්ඩත්වය පිටුදැකීමේ  ඕනෑම පූර්ණ ප‍්‍රවේශයකදී ඔවුන්ගේ දායකත්වය ලබාගත යුතුමය.' යනුවෙන්  ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි නේවාසික නියෝජිත ඌනා මැකෝලි මහත්මිය පැවසූවාය. 
 
පසුගිය වසරේ පලකරන ලද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි ආසියා පැසිෆික් කලාපය සඳහා වන මානව සංවර්ධන වාර්තාවට අනුව, ලෝකයේ තරුණයින්ගෙන් අඩකට වඩා ජීවත්වන්නේ ආසියාව තුල වන අතර කලාපයේ පුද්ගලයින් බිලියනයකට වඩා වයස 25 ට අඩු අය වන්නාහ.
 
එනමුත් පාර්ලිමේන්තු නියෝජනය ඇතුළු දේශපාලන ආයතනවල තරුණ ආසියාතිකයිකන්ට හිමිවන අවස්ථාවන් අල්පය. 
 
'අන්තවාදී ප‍්‍රචන්ඩත්වය පිටුදැකීම සඳහා සක්‍රීයව දායකත්වය ලබාදීමට නම් තරුණයින් විධිමත් දේශපාලන ක්‍රියාවලියේ ස්ථිර කොටසක් බවට පත්විය යුතුය. පාර්ලිමේන්තු තුල යොවුන් සහභාගීත්ව වැඩිකිරීම සහ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීන් සංඛ්‍යාව වැඩි කිරීම අන්තවාදය සහ එහි සමාජ ආර්ථික ගාමක බලයන් ආමන්ත‍්‍රණය කිරීම සඳහා තරුණ කුසලතාවයන් යොදාගැනීමේ මාර්ගයක් වන අතරම එය යොවුන් රැඩිකල්වාදයට තුඩුදෙන යෞවනයින් කොන්කිරීමට එරෙහි ප‍්‍රතිකර්මයක්ද වනු ඇත ” යනුවෙන් අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සභාපති ගරු සබේර් චවුද්‍රි මහතා පවසන ලදී. 
 
'2016 ජාතික පාර්ලිමේන්තු තුල යොවුන් සහභාගීත්වය’ පිළිබඳ අන්තර් පාර්ලිමේන්තු සංගමයේ  වාර්තාවට අනුව කලාපය තුල වයස අවුරුදු 30 ට අඩු පාර්ලිමේන්තු නියෝජිතයින් සංඛ්‍යාව 1% ක් වන අතර ගෝලීය වශයෙන් ගත්කල ලෝක පාර්ලිමේන්තු තුල වයස 30 අඩු නියෝජිතයින් සංඛ්‍යාව 2% කට අඩුය.
 
'ප්‍රජා අයිතින් අහෝසි වුවා යැයි සිතන තරුණයින්ගේ සහ අනෙකුත් පුද්ගලයින්ගේ  පරමාදර්ශී බව, නිර්මාණශීලිත්වය සහ ශක්තිය එකමුතු කරනතුරු අපි සාර්ථක නොවනු ඇත'  යනුවෙන් 2015 දෙසැම්බර් මාසයේදී සම්මතකරගන්නා ලද අන්තවාදි ප‍්‍රචන්ඩත්වය පිටුදිකීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී සැලැසිමෙහි සඳහන් කර ඇත.
 
ympap 1
ympap 2
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29554,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආසියා ශාන්තිකර තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අන්තවාදී ප‍්‍රචණ්ඩත්වය සමනය කිරීමට අත්වැල් බැඳගනී
ආසියා ශාන්තිකර තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අන්තවාදී ප‍්‍රචණ්ඩත්වය සමනය කිරීමට අත්වැල් බැඳගනී
http://ift.tt/2pw7j80
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_661.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_661.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy