දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

කලා අංශයේ දිවයිනේ පළමු ස්ථානය මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ රධිනි ඉන්දීවරීට

උසස් පෙළ කලා අංශයෙන් පෙනී සිටියත් භූගෝල විද්‍යාව, ප්‍රංශ භාෂාව වැනි විෂයන් සදහා මුලසිටම සුදානම් වූ බව  ඇය ප්‍රකාශ කළාය.   වර්ෂ 2016 උසස...

කලා අංශයේ දිවයිනේ පළමු ස්ථානය මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ රධිනි ඉන්දීවරීට
උසස් පෙළ කලා අංශයෙන් පෙනී සිටියත් භූගෝල විද්‍යාව, ප්‍රංශ භාෂාව වැනි විෂයන් සදහා මුලසිටම සුදානම් වූ බව  ඇය ප්‍රකාශ කළාය.
 
වර්ෂ 2016 උසස් පෙළ ප්‍රතිඵල අනුව කලා අංශයෙන් ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහචාර්ය අයි.බී.ගවරම්මන මහතා සහ වෛද්‍ය රුක්මලී ගවරම්මන දෙපලගේ දියණිය වන මහනුවර උසස් බාලිකා විද්‍යා‍ලයේ රධිනි ඉන්දීවරී දියණිය සමත්වූවාය. 
 
සහෝදරියකගේ සහ සහෝදරයෙකුගෙන් යුතු පවුලේ වැඩිමලා වන රධිනි ඉන්දීවරී කලා අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට අනාගතයේදී නීතිඥ වෘත්තියට ප්‍රවිශ්ඨවීමට අපේක්ෂා කරන බව පැවසුවාය. උසස් පෙළ විභාගයේ අසීරු විෂයන් අධ්‍යයනය කළත් ඒ සදහා නිරන්තරයෙන් පුහුණුවූ නමුත් විභායගය අසීරු කාර්යයක් යැයි නොසිතා ක්‍රියාකළ බව කී ඇය මෙසේ සදහන් කළාය.
 
අධ්‍යයන කටයුතුයවලදී පාසලේ ගුරුවරියන්ගෙන් මෙන්ම දෙමාපියන්ගෙන් මට විශාල සහයෝගයක් ලැබුණා. නංගී ද මගේ මිතුරියන් ද අධ්‍යයන කටයුතුවලදී මට උපකාර කළා. මම විශේෂයෙන් බාහිර ක්‍රියා සදහා යොමුවී සිටියේ නැහැ. නමුත් රචනා තරගවලින් සමස්ථ ලංකා ජයග්‍රහණ ලබා තිබෙනවා. එමෙන්ම නාට්‍ය සදහා ද මම සහභාගී වෙනවා. 
 
උසස් පෙළ විභාගය තරමක් අසීරු විභාගයක් වුවත් එය ජීවිතයට කරදරයක් කර ගත යුතු නැහැ. මම වසර ගණනාවක පසුගිය ප්‍රශ්න පත්‍ර සදහා පිළිතුරු ලිව්වා. ඇතැම් විට මම ප්‍රශ්න නිර්මාණය කර ගනිමින් පිළිතුරු සැපයීම කළා. විභාගයේ විවිධ විෂයන් අවසානයේ මම අතපසු වූ දේ පිළිබද කණගාටු වුණේ නැහැ. ඒ සියල්ල අමතක කොට යළි අනෙකුත් විෂයන් සදහා සූදානම් වුණා. අවුරුදු දෙකක් අධ්‍යාපනය ලැබූ සියලු ‍දේ පැය තුනක් වැනි කෙටි කාලයකදී ‍ගොනු කිරීම විභාගයේදී කළ යුතු වෙනවා. එය තරමක් අසීරු වුවත් නංගිලා මල්ලිලාගෙන් මම ඉල්ලා සිටින්නේ විභාගයේදී කිසිදු කම්පනයකට පත් නොවී ඊට මුහුණ දෙන ලෙසයි.
 
අධ්‍යයන කටයුතු සිදුකරන අතරේ මම චිත්‍රපට නැරඹීම වැනි විනෝදාත්මක දේ කළා. ඒ තුළින් ලෝකයේ රටවල් රැසක් පිළිබද විවිධ තොරතුරු ලබා ගත හැකියි. අපේ රටේ නොමැති වෙනත් රටවල තිබෙන විවිධ තොරතුරු රැසක් මම ඉගෙන ගනු ලැ‍බුවේ අන්තර්ජාතික සම්මාන දිනූ චිත්‍රපට නැරඹීමෙන්.
 
මට විශ්ෂ්ඨ ප්‍රතිඵලයක් ලබා ගත හැකි යැයි කියා මගේ මිතුරින් කීවා. මම එවැනි විශිෂ්ඨ ජයග්‍රහණයක් අපේක්ෂා කළේ නැහැ. නමුත් මම විදුහලේ ප්‍රථම ස්ථානයට පත්වෙයි කියා සිතුවා. නමුත් එය අභිභවා මේ ලැබූ ජයග්‍රහණය පිළිබදව මම සතුටු වෙනවා. මම කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පිඨයට ගොස් නීතිඥ උපාධිය ලබා ගැනීමට ද අනාගතයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෘත්තියකට ප්‍රවේශවීමට ද අපේක්ෂා කරනවා යැයි රධිනි ඉන්දීවරී ගවරම්මන දැරිය ප්‍රකාශ කළාය.
 
මහනුවර පියාෂෝ උද්‍යානයේ පදිංචි ඇය සිය ප්‍රතිඵල දැනගත් පසු විදුහලට පැමිණ විදුහල්පතිනි මල්කාන්ති අබේගුණසේකර මහත්මිය හමුවූ අතර දැරියට සුභ පැතීම සදහා උත්සවයක් 09 වන දින පෙරවරුවේ මහනුවර උසස් බාලිකා විද්‍යාලීය ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
 
රධිනි ඉන්දීවරි දැරිය, ඇයගේ මව වන රුක්මලී ගවරම්මන මහත්මිය හා ඇයගේ මව ද මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවෝ වෙති. 
 
නුවර නදීක දයා බණ්ඩාර
 
radhini indeewari 1
radhini indeewari 2

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29550,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කලා අංශයේ දිවයිනේ පළමු ස්ථානය මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ රධිනි ඉන්දීවරීට
කලා අංශයේ දිවයිනේ පළමු ස්ථානය මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ රධිනි ඉන්දීවරීට
http://ift.tt/2iQ9DSZ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_516.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_516.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy