1. ඔබතුමාගෙ නීති උපාධිය ගත්තේ කවර විශ්ව විද්‍යාලයයෙන් ද? 2. එම උපාධියට ඔබට ඉගැන්වූ ආචාර්‍ය්‍යවරුන් පස් දෙනෙකුගේ නම් සඳහන් කරන්න. 3. එම ...
1. ඔබතුමාගෙ නීති උපාධිය ගත්තේ කවර විශ්ව විද්‍යාලයයෙන් ද?
2. එම උපාධියට ඔබට ඉගැන්වූ ආචාර්‍ය්‍යවරුන් පස් දෙනෙකුගේ නම් සඳහන් කරන්න.
3. එම උපාධිය සඳහා ඔබ සමග එකට ඉගෙනගත් පස් දෙනෙකුගේ නම් සඳහන් කරන්න.
4. ඔබේ අවසාන වසර පරීක්ෂණය සඳහා ඔබ පෙනී සිටි විභාග ශාලාව සහ අංකය කුමක් ද?
5. ඔබේ පළමු, දෙවන සහ අවසන් වසරවල GPA අගය කරුණාකර සඳහන් කරන්න.
යන ප්‍රශ්න ය. ඒවාට පිළිතුරු ලැබී තිබුණේ නැත. අරලියගහ මන්දිරයෙන් එළියට ඇදදැමුණු දිනයෙහි දෙවසර සමරමින් තමන්ගේ වලව්වේ ගැත්තන් චූන් කිරීමට පැමිණි නාමල්ට අවසානයේ සිදු වී තිබුණේ නොයෙකුත් ආකාරයේ විහිළු තහළු වලට ලක් වීමට ය. සමහරුන් තාජුඩීන් ඝාතනය ඇතුළු ඔහුට එරෙහි චෝදනා පිළිබඳව ද විමසා තිබිණි. උද්ඝෝෂණය කිරීම යනු වෙඩි කා මිය යා යුතු වරදක්ව තිබූ යුගයක සිට වතුර ටිකක් යහමින් නාගෙන පැමිණ පාඩුවේ ෆේස්බුක් එකේ 'ෆන්' ගන්නා තැනට පත් වීමේ දෙවසර පූර්ණයද මේ සමඟ ම නාමල් ලා සැමරිය යුතුව තිබේ.
කෙසේ වෙතත් ආරංචි මාර්ග අනුව මේවන විට හම්බන්තොට ප්‍රදේශය පීරමින් පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් 100කට ආසන්න පිරිසක් ඊයේ දිනයේ උසාවි නියෝග කඩකිරීම සහ පොදු දේපළ වලට හානි කිරීම යන චෝදනා යටතේ අත් අඩංගුවට ගනු ලැබූවද නීතීඥ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉහෙන් බහිනා කිසිදු අසනීපයකින් තොරව යහතින් ෆේස්බුක් 'ෆන්' ගනිද්දී පූජිත් ජයසුන්දර මහතාගේ පොලිසිය නිදිද යන ප්‍රශ්නයත් බොහෝ පිරිස් වෙතින් නැඟෙමින් පවතී.
COMMENTS