දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අවුරුදු බඩු ගණන් උස්සලාදැයි බලන්න රවී සුපර් මාර්කට් වලට කඩා පැනලා
Homeගොසිප්

අවුරුදු බඩු ගණන් උස්සලාදැයි බලන්න රවී සුපර් මාර්කට් වලට කඩා පැනලා

PropellerAds

අලුත් අවුරුදු සමයේ වෙළෙඳපොළේ භාණ්ඩ මිල ගණන් පිළිබඳ සොයා බැලීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ (09) පස්වරුවේ කොළඹ, ප්‍රදේශ කිහිපය...

ඇමරිකාවේ වේල්ලක් බිඳීයාමේ අවදානම නිසා ලක්ෂ 2 ක් අවතැන්වේ
පකිස්තානයේ වැලන්ටයින් දිනය සැමරීම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනම කෙරේ
විසඳුමක්‌ ලැබෙනතුරු මාස 6කට සයිටම් අත්හිටුවයි කොන්දේසි සහිතව යළි පිහිටුවන ලකුණු

අලුත් අවුරුදු සමයේ වෙළෙඳපොළේ භාණ්ඩ මිල ගණන් පිළිබඳ සොයා බැලීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ (09) පස්වරුවේ කොළඹ, ප්‍රදේශ කිහිපයක සුපිරි වෙළෙඳසල්වල හදිසි සංචාරයක නිරත වූ අතර ඇතැම් වෙළෙඳසල්වල ටින්මාළු, හාල් මැස්සන් සහ කිරිපිටි මිල ගණන්වල විෂමතා ඇති බවට අනාවරණ වූ නිසා පාරිභෝගික සේවා අධිකාරිය වෙත පැමිණිලි කරන ලදි.

මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක් වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මෙසේ කියා ඇත.
“අපි පසුගිය දා මේ වගේ ම හදිසි සංචාරයක් කරල කොළඹ තොග වෙළෙඳ පොළේ මිල ගණන් විමසා බැලුව. එහි දී අපි සංසන්දනය කරල බැලුව තොග මිල, සිල්ලර අලෙවිසල්වලට යද්දි කොපමණ විය යුතු ද කියල. අද මේ කළ සංචාරයේදී අපට දැන ගන්නට ලැබුණ සාමාන්‍ය වෙළෙඳ සැල්වල පමණක් නොවෙයි, සුපිරි වෙළෙඳසල්වල පවා අඩු මිල ගණන් යටතේ භාණ්ඩ පවතිනවා.
යම් තැන්වල විෂමතා තිබුණා. අපි ඒ ගැන පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කළා.
විශේෂයෙන් කිරිපිටි සහ විශේෂ පාලන මිලක් ක්‍රියාත්මක කර තිබෙන හාල්මැස්සන් වැනි භාණ්ඩවල විෂමතා ඇති බවට හඳුනා ගත්තා. කොහොම වුණත් භාණඩවලින් 80% - 85%ක් විතර ඉතා අඩු මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි වෙනවා.
උත්සව සමයේ ජනතාවට අඩු මිලට භාණ්ඩ ලබා දීමේ වැඩපිළිවෙළ යටතේ රුපියල් 1500ක් වටිනා අත්‍යාවශ්‍ය ආහාර වර්ග 10ක් ඇතුළත් භාණ්ඩ මල්ලක් හෙට සිට ලබන 18 වැනිදා දක්වා රුපියල් 975ක මිලකට අලෙවි කිරීමට අපි තීරණය කරල තියෙනවා. පරිප්පු, අල, ලොකු ලූණු, සහල්, හාල්මැස්සන්, සීනි, ටින්මාලු, කෑලි මිරිස්, කඩල සහ කිරිපිටි එම භාණ්ඩ මල්ලට ඇතුළත්.
බංකොලොත් දේශපාලනඥයන් චෝදනා කරන පරිදි වෙළෙඳ පොලේ කිසි ම භාණ්ඩ හිගයක් නැති බව දැන් පැහැදිලි වුණා. ඒ නිසා මේ පණිවිඩය රටට කියන එක ජනමාධ්‍යවේදීන් විදියට ඔබේ වගකීමයි. 2015 ජනවාරි අට වෙනිද අපි රට භාර ගන්නකොට හාල් තිබුණෙ රුපියල් 110ට. අද රුපියල් 75කට තියෙද්දි සද්ද කරනවා. එදා පරිප්පු රුපියල් 230 – 240යි. අද සිල්ලර මිල රුපියල් 157යි. එදා රුපියල් 425 කිරි පැකට් එක අද 210 ඉඳල 300 වෙනකං තියෙනවා. ඉන්ධන, ගෑස් මේ සියල්ල අද අඩුවෙලා. එදා රුපියල් 2635ට තිබුණ ගෑස් මිල අද 1350යි. භූමිතෙල් එදා රුපියල් 80යි අද රුපියල් 45යි. එදාට වඩා අද ජීවිතේ සැහැල්ලුභාවයක් ඇවිත් තියෙනවා. මීටත් වඩා මිල අඩු කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය දීර්ග කාලීන වැඩපිළිවෙළ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මග පෙන් වීම යටතේ ක්‍රියාත්මක වෙමින් තිබෙනවා”
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29400,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අවුරුදු බඩු ගණන් උස්සලාදැයි බලන්න රවී සුපර් මාර්කට් වලට කඩා පැනලා
අවුරුදු බඩු ගණන් උස්සලාදැයි බලන්න රවී සුපර් මාර්කට් වලට කඩා පැනලා
http://ift.tt/2oh2nlf
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_631.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_631.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy