කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් කෘෘර වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පසුගිය 30 වැනිදා හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉ...
කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් කෘෘර වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පසුගිය 30 වැනිදා හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. එහෙත් කීත් නොයාර් මහතා සැකකරුවන් හඳුනාගැනීම සඳහා ගල්කිස්ස අධිකරණය වෙත ඉදිරිපත් නොවීය.
කීත් නොයාර් මහතා සැකකරුවන් හඳුනාගැනීමට ඉදිරිපත් නොවීම හේතුවෙන් හඳුනාගැනීමේ පෙරෙට්ටු විසුරුවා හැරි අතර ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය සැකකරුවන් ඇප ලබාදීමට නියෝග කළාය. කෙසේ වෙතත් සැකකරුවන්ට ගිනි අවි පනත යටතේ ද චෝදනා ගොනුකර තිබූ හෙයින් එම සැකකරුවන් ඇපමත නිදහස් කිරීම සඳහා නියෝග කිරීමට අතිරේක මහේස්ත්‍රාත්වරියට හැකියාවක් නොමැති බව නීති ක්ෂේත්‍රය තුළ කතාබහට ලක්විය.
නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කළ ප්‍රතිශෝධන අයදුම්පත මත මහාධිකරණ විනිසුරු සැකකරුවන්ට ඇප ලබාදීම අහෝසි කර තිබේ. ඒ අනුව මැයි මස 07 වැනිදා දක්වා සැකකරුවන් නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබේ.
COMMENTS