මේ වනවිට ටෙලිකොම් මෑන් පවර් සේවකයන් ටෙලිකොම් මුලස්ථානය අසල සත්‍යග්‍රගයක නිරතවන අතර දෙදෙනෙකු මාරාන්තික උපවාසයක්ද ආරම්භ කර තිබේ.වසර 16ක් 17...
මේ වනවිට ටෙලිකොම් මෑන් පවර් සේවකයන් ටෙලිකොම් මුලස්ථානය අසල සත්‍යග්‍රගයක නිරතවන අතර දෙදෙනෙකු මාරාන්තික උපවාසයක්ද ආරම්භ කර තිබේ.වසර 16ක් 17 ක් පුරා මිනිස් බල ශ්‍රමිකයන් ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් වෙත සේවය සපයා ඇතත් ඔවුන් රාජ්‍ය සේවයට අනුයුක්ත කර ගැනීමට වැඩපිළිවෙලක් නොමැති වීම පිලිබඳ එම සේවකයන් සිය විරෝධතාව ප්‍රකාශ කළේය.
පසුගිය රාජපක්ෂ පාලනය බිඳ දමා වත්මන් යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒමට තම පිරිසත් විශාල මැදිහත් විමක් කළද ඉන් පලක් වී නොමැති බවත් තවදුරටත් යහපාලන ආණ්ඩුවත් ජනතාවගේ හඬට සවන් නොදෙන්නේ නම් ඔවුන්ද ගෙදර යැවීමට මැදිහත් වන බව ටෙලිකොම් මෑන් පවර් සේවකයන් අවධාරණය කළහ.
මෑන් පවර් සේවකයන් රාජ්‍ය සේවයට අනුයුක්ත කළහොත් එම සේවකයන් යොදවා ඇති සමාගම් වලින් ලැබෙන කොමිස් අහිමි වන නිසා බලධාරීන් මෙම ප්‍රශනය හමුවේ නිහඬව සිටින බවයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ.
නිශාන්ත ප්‍රියදර්ශන
[youtube height="300" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=WHTg4YuHcpc&feature=youtu.be[/youtube]
COMMENTS