මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කරන ලද්දේ පිටකොටුව යෝන් වීදියේ සහල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන එන්.එස්.බී. ට්‍රේඩර්ස් නමැති පුද්ගලික සමාගමක...
මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කරන ලද්දේ පිටකොටුව යෝන් වීදියේ සහල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන එන්.එස්.බී. ට්‍රේඩර්ස් නමැති පුද්ගලික සමාගමකටය. එම සමාගම වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් වූ සල්වරාජ් මෝසප් එල්මෝ නමැති අයකු, සහල් විකිණීම ප්‍රතික්ෂේප කිරීමේ වරද පිළිගත් අතර එම සමාගමකට රුපිය්ල 12,500 ක දඩයක් ද නියම කෙරිණි.
පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් අධිකරණයට දන්වා තිබුණේ සහල් සඳහා පාලන මිලක් නියම කර තිබියදී තම නිලධාරීන් ගොස් මෙම ව්‍යාපාරික ස්ථානයෙන් සහල් මුදලට ඉල්ලූ විට සහල් නොමැති බව කීවද ආනයනය කරන ලද නාඩු සහල් කිලෝ ග්‍රෑම් 25 බැගින් අඩංගු මළු 686 ක් එම ස්ථානයේ තිබී සොයාගත් බවයි. එම සහල් තොගය මුද්‍රා තබා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.
COMMENTS