එම විමර්ශන වලින් හෙළි වී ඇත්තේ මේ දිනවල එම ප්‍රදේශයට බලපා තිබෙන වියළි කාලගුණික තත්වය හා මෝයකට වැලිවලින් පිරී තිබීමත් හේතුවෙන් කළපුව හා මු...
එම විමර්ශන වලින් හෙළි වී ඇත්තේ මේ දිනවල එම ප්‍රදේශයට බලපා තිබෙන වියළි කාලගුණික තත්වය හා මෝයකට වැලිවලින් පිරී තිබීමත් හේතුවෙන් කළපුව හා මුහුද අතර සම්බන්ධය නැවතී තිබේ.
ඒ අනුව කලපුවේ තිබෙන ජලය අඩුවීම, ජලයේ උෂ්ණත්වය ඉහළයාම නිසා එහි ඔක්සිජන් ප්‍රමාණය පහත වැටීම සහ පසුගිය දිනවල එක්වරම ඇද හැලුන වර්ෂාවකින් අනතුරුව විශාල බැහැර අපද්‍රව්‍ය ප්‍රමාණයක් කලපුවට එක්වීම මෙම මසුන් මරණයට පත්වීමට බලපා තිබෙන බවයි.
මසුන් මරණයට පත්වීම මේ වනවිට අඩු වී ඇතත්, එය තවදුරටත් පාලනය කිරීම සදහා පියවර රැසක් ගතයුතු බව ධීවර ප්‍රජාව පවසයි. ඒ අනුව කළපුව ගැඹුරු කිරීම, එහි ඇති මඩ තට්ටුව ඉවත් කිරීම හා මෝය කට වැලි වැටිය කපා දමා කලපුව හා මුහුඳ අතර සම්බන්ධතාවය ඇති කිරීම අවශ්‍ය වේ.
මීට අදාල අවශ්‍ය පියවර ගන්නා ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (05) උදේ එම නිලධාරීන්ට උපදෙස් දුන් බව වාර්තා වේ.
COMMENTS