දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දියණියන් සිටින මවකවූ අනෝමා ජිනාදරී අවුරුද්දට නිරුවත් ඡායාරූප දැම්ම එක ගැන දුන්න උත්තරේ
Homeගොසිප්

දියණියන් සිටින මවකවූ අනෝමා ජිනාදරී අවුරුද්දට නිරුවත් ඡායාරූප දැම්ම එක ගැන දුන්න උත්තරේ

PropellerAds

අවුරුදු සමරන්න අනෝමා ජිනාදරී තමන්ගේ අඩ නිරුවත් ඡායාරූප පෙළක් අන්තර් ජාලයට එක් කළ පුවත  පහුගිය දවස්වල බොහෝ අයගේ කතා බහට ලක්වුණා. කලාත්මක සින...

ඉන්දියාවේ පිස්සු බල්ලන් පාලනයට ලංකාවෙන් සහාය ඉල්ලලා
අවුරුදු 100 පිරෙන්න කලින් හිරේ යන්න ඕනැයි කී කාන්තාව 99දී හිරේට දමලා
බන්ධනාගාර කැරැල්ලේදී මියගිය අයට වන්දි ලබාදීමෙන් රජය සිද්ධිය යටගහනවාලු
අවුරුදු සමරන්න අනෝමා ජිනාදරී තමන්ගේ අඩ නිරුවත් ඡායාරූප පෙළක් අන්තර් ජාලයට එක් කළ පුවත  පහුගිය දවස්වල බොහෝ අයගේ කතා බහට ලක්වුණා. කලාත්මක සිනමා නිර්මාණ වෙනුවෙන් නළු නිළියෝ නිරුවත් වූ අවස්ථා අප දැක තිබෙනවා. තනි තටුවෙන් පියාඹන්න චිත්‍රපටය වෙනුවෙන් අනෝමා ජිනාදරීත්
එබඳු කැපකිරීමක් කළා.
එය පැසසුමට හා ඇගයුමට ලක්වුණත්  ඇය වැනි නිළිියක්   මේ විදියට අඩ නිරුවත් ඡායාරූප අන්තර් ජාලයට දැමීමේ අරමුණ බොහෝ අයට කුතුහලයක් නිසා අප මේ ගැන අනෝමාගෙන් විමසුවා. රස නවය  අතර ශෘංගාර රසය එකක් බවත්, නිරුවත හා ලිංගිකත්වය ඊට අදාල බවත් අනෝමා පවසනවා. ඇය මේ විදියේ ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරියේ රසිකයින්ගේ ශෘංගාර රසය කලඹන්නද? එසේ කිරීමෙන් අනෝමා බලා‍පොරොත්තුවන්නේ කුමක්ද? එය අපේ සංස්කෘතිය හා කොතෙක් දුරට පෑහෙනවාද? අප ඒ පිළිබඳ අනෝමාගෙන් විමසුවේ අප වටා වූ සංස්කෘතිය හා සමාජය ගැන  හිතලා මිස  ලිංගික කුහකකමින් නම් නොවේ. අපේ ප්‍රශ්නවලට අනෝමා උණුසුම් පිළිතුරු ලබාදුන්නා. අප ඊට ඉඩ ලබාදුන්නේ ඇගේ අදහස  ගැන පාඨක ඔබට තීන්දු තීරණ ගන්නට ඉඩ හරිමිනුයි.

තනි තටුවෙන් පියාඹන්න චිත්‍රපටය සඳහා ඔබ සම්පූර්ණයෙන් නිරුවත් වෙද්දී ඒ වැරදි බව කී අය සිටියාට උසස් කලා කෘතියක් වෙනුවෙන් ඔබ කළ කැපවීම අගය කළ අය සිටියා. ඔබ අන්තර්ජාතික සම්මානයට පාත්‍ර වුණා. හැබැයි එවැනි නිළියක් මේ වගේ අඩ නිරුවත් පින්තූර අන්තර්ජාලයට දැමීම සමාජය අගය කරන්නේ නැහැ නේද?

මම හිතුවේ නැහැ මාධ්‍යකරුවන් මෙතරම් නින්දිත විදියට මේ දෙස බලයි කියලා. මෑත යුගයේ අන්තර්ජාතික සම්මානයට පාත්‍ර වූ ජෙනිෆර් ලෝපේස්, කේට් වින්ස්ලට් වැනි නිළියන්ගේ වගේම බොලිවුඩ් නිළියන්ගේත් නිරුවත් පින්තූර අන්තර්ජාලයේ සැරිසරනවා. අපේ රටේ අය එය පහත්කොට සලකන්නේ නැහැ. මෙය තනිකරම ලිංගික කුහකත්වය නැතිනම් ලිංගික ද්වේෂයයි. කඩිමුඩියේ තමන්ගේ පත්තර  පිටු පුරවාගන්න ගොසිප් එකක් අල්ලාගෙන ලියනවාට වඩා මම වගේ කෙනෙක්ගෙන් ශාස්ත්‍රිය හා වෘත්තිය වශයෙන් කරන සාකච්ඡාව නේද වැදගත්.

අප වටා සංස්කෘතියක් තියෙනවා. සිංහල කුල කාන්තාවෝ අවුරුදු සමරන්න සැමියා එක්ක දරුවෝ එක්ක අවුරුදු කෑම මේසය වටා එක්වෙද්දී අනෝමා මේ විදියට අවුරුදු සැමරීම විමසුවේ ඒ හින්දා.
මම කිසිම සාම්ප්‍රදායක වහලියක් ‍නෙවෙයි. අවුරුද්දට සැරයක් ගමේ ගිහින් සැමියා එක්ක දූ දරුවො එක්ක අවුරුදු සමරන්න මට බෑ. ඒවා බොරු දේවල්. ඒ තමයි අනෝමා ජිනාදරි.

අනෝමා ජිනාදරී  නිරුවත පෙන්නලා සමාජයේ කතා බහට ලක්වන්නට උත්සාහ දරනවා කියා මා කියනවා?
වේදිකාවේ මම රඟපෑවේ හෙණ, හිට්ලර්, මාඝාත, මකරාක්ෂයා, ගාන්ධි, සිංහබාහු, ඉංග්‍රීසි නාට්‍යය ඇතුළු විශිෂ්ට නාට්‍යයවල.  ටෙලි නාට්‍යවලදී දුන්හිඳ අද්දර, දියකැට පහන, සින්තටික් සිහින වැනි නිර්මාණ. චන්ද කින්නරී, තනි තටුවෙන් පියාඹන්න, දැවෙන විහඟුන් වැනි උසස් සිනමා කෘති සඳහා මා දායක වුණා. ඒ විදියට ප්‍රතිරූපයක් ගොඩ නගාගත් මාව විග්‍රහ කරන්නේ මේ විදියටද?

ඔබේ ඒ රංගනයන් අපි හැමදාම අගයනවා. අවුරුදු සමරන්න කියා අඩ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරීම ගැනයි අප විමසන්නේ එසේ කළේ කවර අරමුණකින්ද?
ශෘංගාර රසය කියන්නේ නව රසයෙන් එකක්. ශෘංගාරය තුළ ලිංගිකත්වය හා නිරුවත තියෙනවා. නිළියක් විදියට මම මේ ඡායාරූප දැම්මේ ශෘංගාර රසය වෙනුවෙන්.

යම් යම් මානසික ආබාධ තියෙන අය තමන්ගේ නිරුවත ප්‍රසිද්ධියේ පෙන්වනවා. කෙනෙකු ඔබ දෙසත් එබඳු දෘෂ්ටි කෝණයකින් බලන්න ඉඩ තියෙනවා.
යම් යම් මානසික ආබාධ ඇති ‍ලේඛකයින් ස්වල්ප වශයෙන් මානසික ආබාධ ඇති කතුවරුන් විසින් පුවත්පත්වලට සේවයට බඳවා ගන්නවා. පරිකල්පනික ශක්‍යතාවයක් නොමැති එවැනි අය ‍ලේඛන කලාවේ තමාගේ නිරුවත පෙන්වනවා. මේ ප්‍රවණතාවය මාධ්‍ය කලාවේ ප්‍රගමනයට එතරම් හොඳ දෙයක් ‍නෙවෙයි.

ඔබ තරුණ දූවරු ඉන්න අම්මා කෙනෙක් මේ විදියේ ඡායාරූපවලට එල්ලවන අවමානය ඒ දියණියන්ටත් බලපානවා.
ඇත්ත වශයෙන්ම ඒ දියණියන්ට බලපෑවේ ඔවුන්ගේ පියාණන් විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් වෙනුවෙන් ඔවුන්ගේ අම්මගෙ රෙදි ගලවලා එම චිත්‍රපටය සිනමාවට එක්කරලා ඉන් නොනැවතී දස ලක්ෂ සංඛ්‍යාවක් ඩී.වී.ඩී. පටවලටද ඒ අම්මගෙ නිරුවත එක්කර ඒ අම්මට වෘත්තීය වේතනයක් නොගෙවා  බඩගෝස්තරවාදී ලෙස මුදල් හම්බකර ගැනීම. ඒ දියණියන් නිතරම ඒ අම්මට කියන්නේ අම්මා වෙනුවෙන් පෙනී හිටින්න එක පත්තරකාරයෙක් නැහැ නේද කියන එක.

ආරියවංශ කුලතිලක (ලක්බිම)
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29339,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දියණියන් සිටින මවකවූ අනෝමා ජිනාදරී අවුරුද්දට නිරුවත් ඡායාරූප දැම්ම එක ගැන දුන්න උත්තරේ
දියණියන් සිටින මවකවූ අනෝමා ජිනාදරී අවුරුද්දට නිරුවත් ඡායාරූප දැම්ම එක ගැන දුන්න උත්තරේ
http://ift.tt/2oyxQ4m
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_259.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/04/blog-post_259.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy